IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ගැබිනි මවුන්ගේ දීමනාව වැඩි කිරීම අගය කළයුත්තක්

ගර්භණී මාතාවන්ට ගෙවන දීමනාව රුපියල් 4500 කින් වැඩි කළ යුතුයයි කියැවෙන පුවතක් පසුගිය 10 වැනිදා අපගේ පුවත්පතේ පළ වූයේය. ගර්භණී මවුවරුන්ට පෝෂදායී ආහාර ලබාගැනීම සඳහා මාසිකව දෙනු ලබන මෙම දීමනාව පහළොස් වැනිදා සිට යළි පටන්ගන්නා  බවද එම පුවතේ සඳහන් වේ. මෙම දීමනාව ගර්භණී සමයේ  හතර වැනි මාසයේ පටන් දහවැනි මාසය දක්වා මවුවරුන්ට ලබා දෙන්නකි.

ගර්භණී  සමයේ මවට ලබාදෙන පෝෂණය ඔස්සේ සාර්ථක දරු උපතකට මව සූදානම් කිරීමක් සිදුවන අතර ගර්භාෂයේ වැඩෙන දරුවා සෞඛ්‍ය සම්පන්නවීමට ද එම පෝෂණය අතිශය වැදගත් වේ. උපදින දරුවා, ඊළඟ පරපුර මෙලොවට සාදරයෙන් පිළිගන්නට  වැඩිහිටියන් ලෙස ඉටු කළ යුතු ප්‍රමුඛතම  යුතුකමත් කාර්ය භාරයත් වන්නේ ගර්භණී මාතාවන්ට නිසි පෝෂණය ලබාදීමය. එම යුතුකම හා වගකීම සමාජයේ කුඩාම ඒකකය වන පවුලේ සිට විශාලතම ඒකකය වූ ජාතිය දක්වා නොපිරිහෙළා  ඉටු විය යුතු වේ.

ගර්භණී සමයේ මවක ශරීර ස්කන්ධය දර්ශකය (BMI) 18.5 ත් 25 ත් අතර  පවත්වාගෙන යා යුතු බව අදාළ උපදෙස්වල සඳහන් වේ. ගර්භණී සමයේ ඇමයිනෝ අම්ල, මේද අම්ල, අදාළ විටමින වර්ග සහ කැල්සියම් හා යකඩ ඇතුළු ඛනිජ වර්ග මවට නිසි පමණට ලැබිය යුතුය. දරුවකු වර්ධනය වන විට සෛල විභජනය සිදුවන අතර ඒ සඳහා  ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍යය. මිනිස් සිරුරේ ස්වභාවිකව නිපදවන ඇමයිනෝ අම්ලවලට අමතරව මවට ආහාරවලින් ද ඇමයිනෝ අම්ල ලබාදිය යුතු වේ. ඇමයිනෝ අම්ල අඩංගු වන්නේ මස්, මාළු, කිරි, බිත්තර හා ධාන්‍ය වර්ග වැනි ආහාරවලය. මේද අම්ල දරුවාගේ වර්ධනයට හා ස්නායු පද්ධතිය නිර්මාණයට අවශ්‍ය සාධකයෝය. මවට මේද අම්ල ලැබෙන්නේ ද මස්, මාළු, කිරි, බිත්තර වැනි සත්ව ආහාරවලිනි. ඔමේගා 3 වැනි මේද අම්ල  දරුවාගේ දෘෂ්ටිය හා මොළය වර්ධනයට සෘජුවම බලපායි.  එසේම ෆෝලික් අම්ලය ද දරුවාගේ  කොඳු ඇට ස්නායු හා මොළයේ වර්ධනයට බලපෑම් කරයි. කැල්සියම් යන ඛනිජය දරුවාගේ අස්ථි, දත්,  හෘදය හා ස්නායු  පද්ධතියට සෘජුවම බලපාන්නකි. යකඩ යන ඛනිජය ද  ගර්භණී  මවට ඒ ආකාරයෙන් ම වැදගත් වේ.

ගර්භණී මවට   දිය යුතු මෙකී පෝෂණය අඩංගු වන්නේ මස්, මාළු, කිරි, බිත්තර වැනි ආහාරවලින් බව පැහැදිලිය. මෙම ආහාර වර්ගවල මිල පසුගිය මාස කිහිපය තුළ තුන් හතර ගුණයකින් වැඩි වූයේය. ආහාරවලින් මෙම පෝෂණය නොලැබෙන විට ඖෂධ ලෙස ඒවා මවට ලැබිය යුතුය. ඖෂධ  මිලද පසුගිය මාස කිහිපයේ දෙගුණ තෙගුණ විය. රටේ පැවැති උද්ධමනය හමුවේ ආහාර මිල ඉහළ යාම නිසා ඉපැදුණු ඇතැම් දරුවන්ගේ බර නිසි ප්‍රමාණයට නොතිබුණු බවද  වරින් වර වාර්තා වූයේ ය.

මෙරට දිනකට ජීවී දරු උපත් නවසිය හැත්තෑ පහක් පමණ සිදුවන බව වාර්තා වේ. සෑම වසරකම මෙරට කාන්තාවන්  තුන්ලක්ෂ හැට දහසක් පමණ ගර්භණීභාවයට පත්වෙන බව 2020 මාර්තු 3  වැනිදා දාතමින් නිකුත්වූ බීබීසී වාර්තවක සඳහන් විය. එම වාර්තාවට පදනම් වූ සමීක්ෂණය අනුව මෙරට වසරකට සිදුවන  සජීවී දරු උපත් සංඛ්‍යාව තුන් ලක්ෂ විසි හය දහසකි. එයින් 5800  පමණ උපදින්නේ ආබාධ සහිතව ය. ඉනුත් 650ක පමණ දරුවන් සංඛ්‍යාවක් දින 365 ක් ගෙවෙන්නට පෙර මිය යති. වසරකට සිදුවන මළ දරු උපත් (මාස 7කට පසු කුස තුළ  මියයන දරුවන්) සංඛ්‍යාව සංඛ්‍යාව 1900 කි. දිනකට උපදින  ආබාධිත දරුවන් සංඛ්‍යාව 16කි.

2020 වසරේ කළ සමීක්ෂණයෙන් හෙළිවූ ඉහත සඳහන් තත්ත්වය 2022 වන විට මීට වඩා තරමක් නරක අතට හැරී ඇති බව අනුමාන කළ හැක්කේ සියලු‍ ප්‍රෝටීන හා කිරි ආහාර මිල මෙම වර්ෂයේ ශීඝ්‍රයෙන්  ඉහළ ගිය නිසාය. ප්‍රෝටීන සහිත ලාභදායී ආහාරයක්ව පැවති  බිත්තරයේ මිල ද තුන්ගුණයකින් පමණ ඉහළ ගියේය.

ගර්භණී මවට පෝෂදායි ආහාර ලබාගැනීමට ඇති හැකියාව වර්ධනය කිරීම ඔස්සේ ඉහත කී අවාසනාවන්ත තත්ත්වය මගහැර නිරෝගී දරු පරපුරක් බිහි කර ගත හැකි බව පැහැදිලිය. රටක මානව සම්පත යනු මිල කළ නො හැක්කකි. මානව සම්පත වර්ධනය කිරීම අනාගතය උදෙසා සිදුකරන අමිල ආයෝජනයකි. අනාගත පරපුර නිරෝගී බවට පත් කිරීම ජාතියේ උන්නතියට හේතු වන්නේ මානව සම්පත යනු සම්පත් රාශියක් බිහි කරලීමට මූලාශ්‍ර වන සම්පතක් නිසාය. එම  නිසා ගර්භණී මාතාවන්ට ලැබෙන පෝෂණය වර්ධනය කිරීම පුණ්‍යකර්මයකි,   මනෝඥ වූ සත් ක්‍රියාවකි. එය ජාතික මට්ටමේ යුතුකම් ඉටු කිරීමකි. ඒ සඳහා පුවතේ සඳහන් ලෙස කෝටි හතළිස් හයක් නොව හැකිනම්  එමෙන් දෙතුන් ගුණයක් පිරිනැමුව  ද කම් නැත.

(***)



අදහස් (1)

ගැබිනි මවුන්ගේ දීමනාව වැඩි කිරීම අගය කළයුත්තක්

මාව සැලකිල්ලට ගන්න Monday, 20 February 2023 06:28 PM

ගැබිනි මවට එම තත්වය ලබා දෙන්නට වෙහෙස දැරූ සැමියාට, කිසිවක් නොදීම ඉතාමත් අසාධාරණයකි. ටිකක් සලකා බලන්නේ නම් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 450 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 364 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 282 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1379 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 69 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 661 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 561 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1171 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site