ජනතාව ඉල්ලන්නේ මහ මැතිවරණයද? ජනපතිවරණයද?
2024 මෙරට දේශපාලනය සම්බන්ධයෙන් තීරණාත්මක වසරකි. ව්‍යවස්ථානුකූලව මෙම වසර ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. එනම්, ජනාධිපතිවරණයයි. එසේම, ලබන වසර (2025) වන විට පාර්ලිමේන්තු මහ මැතිවරණය ද පැවැත්විය යුතුව ඇත. මෙරට ව්‍යවස්ථාවට යටත්ව සෑම වසර පහකට වතාවක්ම නියමිත පරිදි මැතිවරණ පැවැත්වීම රටේ ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කිරීමකි. රටක ජනතාවගේ සැබෑ ජනමතය ප්‍රකාශ කිරීමට අවකාශ ලැබෙන්නේ ඒ අනුවය.