විදුලිය අර්බුදයේ අගමුල
මෙරට කතාබහට ලක්ව ඇති විදුලිබල ප්රශ්නය සාකච්ඡාවට ගැනීමේදී පාරිභෝගිකයාට වැදගත්වන ඉතාමත් සරල තැනකින් ඊට ප්රවේශයක් ගත හැකිය. එනම් මෙරට විදුලි නිෂ්පාදනයේ ස්වභාවය තේරුම් ගැනීමයි. ලංකාවේ ජනගහනයෙන් විදුලි පරිභෝජනය කරන පිරිස දළ වශයෙන් මිලියන 6.6 ක් පමණය. විදුලි ඒකක මට්ටම් සකස් වන්නේ 30, 60, 120, 180 ආදි වශයෙන් තිහේ ගුණාකාර ලෙසිනි. විදුලි අය ක්රමය සකස් කෙරෙන විට බලපාන්නේ මේ තිහේ ගුණාකාර රටාවයි.