ගෝලීය කුසගිනි දර්ශකයේ රටවල් අතර ශ්‍රී ලංකාවට 84 වැනි ස්ථානය හිමිව ඇත.
ශ්‍රී ලංකාව පසුගිය වසරේදී මෙම දර්ශකයේ 69 වැනි ස්ථානයේ සිටි අතර මෙවර ස්ථාන පහළොවක් පසු පසට යමින් 84 වැනි ස්ථානයට පත්ව ඇත.
වසර 2000න් පසු ගෝලීය කුසගිනි ශ්‍රේණිගත අගයේ අඩුම ප්‍රතිශත අඩුවීම කුසගිනි තත්ත්වය වඩාත් දරුණු අතට පත්වූ රටවල් දෙක අතරින් එකක් ලෙස ද ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. එසේ තත්ත්වය දරුණු වී අනෙක් රට නැමීබියාවය.
රටවල් 118ක් මෙලෙස ශ්‍රේණිගත කෙරෙන අතර අඩුම ලකුණු ප්‍රමාණයක් ගන්නා රටවල් කුසගින්න අඩුම රටවල් ලෙස සලකයි.
රටේ නිසි පෝෂණයක් නොලබන ජනගහනය, වයස අවුරුදු පහ ලැබීමට පෙර මියයන දරුවන්ගේ සංඛ්‍යාව, වයස අවුරුදු පහට ආහාර නොලබන නාස්තියට ලක්වූ දරුවන්ගේ සංඛ්‍යාව යන නිර්ණායක පදනම් කරගනිමින් මෙම දර්ශකය සකසනු ලබයි.
මෙම දර්ශකය සඳහා රටවල් වාර්ෂිකව ශ්‍රේණිගත කරනු ලබන්නේ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණය ආයතනය විසිනි.
මෙම දර්ශකයේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 25.5කි. නේපාලය 72වැනි ස්ථානයටත්, මියන්මාරය 75වැනි ස්ථානයටත් පත්ව ඇති අතර බංග්ලාදේශයට මෙම ලැයිස්තුවේ 90 වැනි ස්ථානය හිමිව ඇත. ඉන්දියාව 97 වැනි ස්ථානයටත් පාකිස්තානය 107 වැනි ස්ථානයටත් පත්ව සිටියි.
අයි.එෆ්.පී.ආර්.අයි ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති වල හොද කම තමා. පොඩි මිනිහගේ අය වැය කියල තමා කියන්නේ නම්. (අ)
දැන් බලාගෙන ගියාම මේ ලෝකේ වැඩියෙන්ම පින් කරලා තියන අය දේශපාලකයෝනේ (නි)
බඩගිනිකාරයන් ටිකකට ඡන්දය දීලා අපි 84 තැනටත් වැටුනා එහෙනම්.(හේ)
වින්සන්ට් මහතාගේ ප්‍රකශයේත් වැදගත් කොට සැලකිය හැකි ගතයුතු දේ අන්තර්ගතයි , මනුෂයෝ නොදන්නවට හෝ නොසැලකුවට පෙර දුන් දානය නිසා කෙනෙකුට ලැබෙනවා පස් ආකාරයක විපාක, ආයු (ආයුෂ ) වර්ණ (සමේ පැහැය )සැප (සුවසේ විසීම) බලය (බලසම්පන්න බව )ප්‍රඥා (නුවණ) දේශපාලනයට පුලුවන්ද මේ පහ ඔබට දෙන්න (බ)
ලංකාව පුරාම ඕනෑම තැනක ආහාරයට ගත හැකි ශාක වැවෙනවා.තුන්සිය හැටපස් දවසෙම ගහ කොළ දළු දමනවා.එහෙම රටකත් මෙතරම් ආහාර අහේනියක් ඇතිවෙනවා කියන්නේ එරටේ මිනිස්සුන්ගේ මොකක් හරි වැරැද්දක්.අපි හැමෝම එකතුවෙලා අපිට වැරදිච්ච තැන නිවැරදි කරගන්න තරම් අවංක නොවුනොත් අපේ රට විසාලා නුවරක් වෙන එක වලක්වන්න බැරි වෙයි.(හේ)
එක ඇමතිකෙනෙක් ලංකාවේ කෘෂිකර්මය කරන එක අපරාදයක් කියල තිබුන නේද? එයටත් සැහෙන ලොකු ඇඟක් තියෙනවා. අර බැඳුම්කර වලින් ලැබුවයි කියන ලාභයවත් බෙදල දෙන්න. එක බෙදල දුන්නයි කියල නිෂ්පාදන ශක්තියක් නැතුව එකෙනුත් වැඩක් නැතිවෙනවා. කොතනද ප්‍රශනේ තියෙන්නේ? මට හිතෙන්නේ අපේ කට්ටිය ඉගෙන්න ගන්නවා වැඩයි. ඉගෙන ගෙන පිටරට යනවා වැඩයි. ලංකාවේ භාණ්ඩ හා සේවාවන්ට ඉල්ලුමක් නැහැ වගේ. මම හිතන් හිටියේ ක්‍රිකට් ගහන කට්ටියට සල්ලි ඇති කියල, ඒක දුවන්නෙත් ණයටලු . එතකොට ක්‍රිකට් ගහන කට්ටියත් ලංකාව ණය කරවනවද? අයියෝ දෙයියනේ මුළු ලංකාවම උගස් වෙලා. (අ)
ගුණසිරි ඕකට හේතුව පින නෙමෙයි; හේතුව දේශපාලනයයි. (හේ)
මේ වසරේ 84 ගිය වසරේ 65 යුද්ධ තිබුන කාලේ සමහරවිට 1 ස්ථානය වෙන්නැති අපි මේ කලපයේ සහ අනිත් රටවල් ගැන දන්නේ නැතිනම් හොඳයි (හේ)
චාමිකා ගේ කතාව ඇත්ත , වරක් දුන් දානයට සහ වරක් රැකි අෂ්ඨාංග උපොසත සීලය වැනි සීලයට පුළුවන් රජ සැප වලදන්න , දන් දුන්නාම බවභෝග සම්පත් (යාන වාහන ගේ දොර ඉඩකඩම් ධනය ) ලැබෙනවා ,සිල් රැක්කාම උසස් කුලවල ( රජ සිටු ඇමති ) උපදින්න පුළුවන් (බ)
කමක් නැහැ. පළවෙනි 50ට ඇවිල්ලා නැහැනේ
අනේ මන්දා බඩගින්න කොහොම වෙතත් ඉගෙනගන්ට එක ළමයෙකුට පිටරට උපාධියට ලක්ෂ 40 විඅදම් කරන රට මැදපෙරදිගින් හොයන ... ලේ දහදිය .... සල්ලි ..ආපසු සුද්දන්ගේ රටවල් වලට දන්දෙන ...නීති හදපු ...දේශපාලන මෝඩ මහාචාර්යවරු ඉන්න රටක් මේක....!!! (බ)
ඒ වුණාට අපේ දේශපාලකයන් රට රටවල ගිහිල්ල කරන කතා ඇහුවම නම් හිතෙන්නේ අපි ඉන්නේ පළමු 20 ඇතුලත කියල. ඒ අයගේ ඇගවල් දිහා බැලුවම පෙන්නේ අපි ඉන්නේ පළමු 5 අතරේ කියල. දැන් අපේ මිනිස්සු යන්නේ වොල්ක්ස්වගන් වාහන වල, මෝටර් බයිසිකල් වල යන්නෙම නැති තරම්. රට පුරාම(අ)
ලෝකයේ සිටිනවා සුපිරි ධනවත්තු කොටසක් සහ සුපිරි දුප්පතුන් කොටසක්. එක කොටසක් දන්නේ නැහැ තමන් ධනවත් වුණේ ඇයි කියලා. අනෙක් කොටස දන්නේ නැහැ තමන් දුප්පත් වුණේ ඇයි කියලා. මේ උදාහරණය ගැන මොහොතක් සිතාබලන්න. රජ ගෙදරක දරුවෙක් උපන්නොත් ආහාර සොයන්න වෙහෙසකරද? හිඟන්නෙකුට දරුවෙක් උපන්නොත් කෑම සොයන්න පහසුද? මේ වෙනසට හේතුව ඇසට නොපෙනේන පෙර කළ පිනයි. පින්වතුනි, ධනවතුන් පහතට නොවැටෙන්නත්, දුප්පතුන් පින උපදවා ගන්නත් දැනගතයුතුයි. (නි)
කොහොමහරි පළමු තැනට එන්න උත්සාහ ගන්න ඕනෑ. වැට් එකත් කඳ හරහා වැදුනොත් බඩුම තමා. (නි)
පොහොසත් කියන ඇමරිකාවේ හිඟන්නන් කුණු බක්කියෙන් කෑම කාලා පාරේ නිදියනවා මම ඇස් දෙකින් දැකලා තියෙනවා (නි)
වෙන පත්තරේක තිබ්බේ එහෙනම් ලංකාව කුසගින්න තුරන් කරලා කියලා? ලෝක අහාර වැඩසටහනේන්ලු ඒ සෙටිපිකට් එක දීලා තියෙන්නේ? අනේ මන්ද කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා.(හේ)
මටත් ගුණසිරිට කියන්න තියෙන්නේ හැමදේම උඩින් කටට වැටෙනකම් බලාගෙන ඉන්න තත්වෙට මේ රට පත්කරලා කිසිම දේශිය කර්මාන්තයක් දියුණු කරන්න රට දියුණු කරන්න හිතන්නෙ නැතුව තමන්ගේ කඳ බඩ මහත් කරගන්න හිතන, දුප්පතාගෙ සල්ලි වලිනුත් හිඟාකන මේ රටේ දේශපාලනයේ වැරැද්ද මිසක් මේක පව හෝ පිනම නෙමෙයි (නි)
අපි දකුණු ආසියාවේ බඩගිනිකරුවෝ නොවෙමු. ජයවේවා! අපේ ඉදිරිය දක්නා දේශපාලකයන්ගේ පිහිටෙන් තව තවත් ණයට අරගෙන කා බී ලෝකය වටා රවුම් ගසා ප්‍රීතිවෙමු. සදාකාලිකව තුන්වැනි ලෝකයේ රටක් යැයි උදම් අනමින් ඉතිහාසය පතුරු ගසමු (නි)
ගුණසිරි මහතාගේ අදහස වැදගත්කොට සළකන්නට පුළුවන්. නමුත් මට නම් සිතෙන්නේ පින අවශ්‍ය වන්නේ සුපිරි ධනවතුන් වීමටවත්, සුපිරි දුප්පතුන් වීමටවත් නොවේ. සතුටින් ජීවත්වීමටය. එක රජකෙනෙක් රටේ සිටින සතුටෙන්ම සිටින මිනිසා සෙවීමේදී සොයාගනු ලැබුවේ ඇඳුමක්වත් නැති දුප්පත් ගැමියෙකු බවට කතාවක් මා අසා ඇත. රටක යහපත් ආර්ථිකයක් පැවතීම කාටත් යහපතකි. පින පළදීම සිදුවිය යුත්තේ වත්කම සඳහාම නොවන බවට මම බොහෝ අවස්ථාවල තේරුම්ගෙන ඇත්තෙමි. (නි)
නියම සංවර්ධනය , ඕක අහන්නත් දෙයක්ය හොරකම් කරපු එකෙකුගේ දුබි එක ගිනුමක විතරක් ඩොලර් මිලියන 1500ක් තියෙන වලු දැන්නම් එක හෙමින් අයින් කරගෙන වෙන රටක් හන්ගලාලු ,ඒ කියන්න රුපියල් කෝටි 40,000 ක් 2005 සිට 2009 යුද්දෙට ගියෙත් කොමිස් එක්කම රුපියල් කෝටි 17,000 ක් විතර හිතල බලමු කොහොමද රට බෙර ගත්ත විදිහ කට්ටිය , යුද්දේ තමා සුද්දෙ ප්‍රභාකරන්ට ,යුද්දය නිර්මාණය කරපු ජේ ආර් ට පි දෙනවා ඇති රට බේරා ගත්ත කට්ටිය , සනීපයි නේද ? (අ)
දිලුම් මේ බලන්න , ලෝකයේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන දියුණුයි යැයි සැලකෙන රටවල සමහර මිනිස්සුත් පාරේ හිඟාකනවා. එත් දේශපාලනයේ වැරැද්ද ද?දේශපාලන ගිණුමට සියල්ල බැර කරන්න බැහැ.(අ)