ශ්රී ලංකා සන්නිවේදන ක්ෂේත‍්‍රයට දැවැන්ත අඩිතාලමක් දමමින් අලෝක කදම්භ හරහා අධිවේගී දත්ත සන්නිවේදන පද්ධතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කර තිබේ.
නුදුරු අනාගතයේදී හඳුන්වාදීමට නියමිත 5 ජී තාක්‍ෂණය සඳහා දත්ත හුවමාරු කරගැනීමට අනගි සන්නිවේදන පද්ධතියක් ලෙස මෙය හැදින්විය හැකිය. රේඩියෝ තරංග මගින් දත්ත සම්පේ‍්‍රෂණයේදී සීමිත සංඛ්‍යාත පරාසය නිසා අධිකව දත්ත සන්නිවේදන ධාරිතාව ඉහළ දැමීමට සිදුවී තිබේ. එම ගැටලූව සඳහා ලෝකයේ බොහෝ රටවල් දෘෂ්‍ය ආලෝක කදම්භ උපයෝගී කරගෙන 5 ජී තාක්‍ෂණය සඳහා අත්හදා බැලීම් සිදුකරමින් පවතී.
විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අවසර වසර ඉගෙනුම ලබන කපිල පාලිතරත්න, ධම්මික සමරසිංහ සහ ලක්‍ෂිත විජයරත්න යන සිසුහු මෙය නිර්මාණය කළහ. ආචාර්ය හිමාල් සුරවීර, ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද යන මහත්වරු ඒ වෙනුවෙන් ඔවුනට මඟ පෙන්වූහ.
‘මෙම ආලෝක කිරණ හරහා දත්ත සම්පේ‍්‍රෂණය කිරීම ලංකාවේ සන්නිවේදන ක්ෂේත‍්‍රයේ නව පෙරැළියක් කියන්න පුළුවන්. මෙහිදී සිදුවෙන්නේ ආලෝක විමෝචක දියෝඩ අධි සංඛ්‍යාතයෙන් දැල්වීම හා නිවීම නිසා දත්ත සම්පේ‍්‍රෂණයවීමයි. ඡායා දියෝඩ මගින් ආලෝක සංඥා ලබාගෙන විශේෂිත පරිපථයක් ආධාරයෙන් දත්ත වෙන්කර ගැනීම සිදුකරනවා. අප නිර්මාණය කළ මෙම පද්ධතිය බහු ආදන බහු ප‍්‍රතිදාන (එම්අයිඑම්ඕ) තාක්‍ෂණයෙන් යුක්ත වෙනවා. ඒ සඳහා විශේෂිත දෘෂ්‍ය කාචයක් භාවිත කළා. එය ස්වයංක‍්‍රීයව සීරුමාරු වෙනවා. ඒ තුළින් වඩාත් ඉහළ කාර්යක්‍ෂමතාවකින් දත්ත සම්පේ‍්‍රෂණය සිදුවෙනවා.
ආලෝක මූලධර්ම සහ සන්නිවේදන මූලධර්ම භාවිත කරමින් හඳුන්වාදුන් මෙම තාක්‍ෂණයේදී ස්වයංක‍්‍රීය සීරුමාරු කාචය මගින් ආලෝක ධාරා වෙන් කිරීමෙන් එකම කාමරයක් තුළ වුවද දත්ත සම්පේ‍්‍රෂණ කීපයක් එකවර අපහසුවකින් තොරව සිදුකළ හැකිවීම මෙහි විශේෂත්වයයි. බාහිර ආලෝකයන්ගෙන් ඇති බලපෑම අවමවීම මෙහි තවත් සුවිශේෂත්වයකි.
දත්ත ඉහළ වේගයක් ලබාගත හැකිවීම, සුරක්‍ෂිත දත්ත සන්නවේදන, වෙනත් විද්‍යුත් චුම්භක තරංගවලින් ඇති බලපෑම අඩුවීම සහ පවතින ආලෝක විමෝචන දියෝඩ පද්ධතියම භාවිත කළ හැකිවීම මෙහි ඇති වාසි ලෙස හදුන්වන්න පුළුවන්.
මෙම පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම තුළින් ගෘහස්ථ පරිසරයක් තුළ අධිවේගී අන්තර්ජාලයට පිවිසීමට මෙය යොදාගන්න පුළුවන්. එසේම දැනටමත් පර්යේෂණ මට්ටමේ පවතින උපාංග අන්තර්ජාලකරණය සඳහා අවශ්‍ය අධිවේගී දත්ත සම්පේ‍්‍රෂණයට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා.’’ යැයි නිර්මාණකරුවෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කරන්න ඕන වැඩක්, ඔබ සැමට ජය...(බ)
රටට වැඩ ඇති, ණය නැති පුතුන් (නි)
ඔබ සහ ඔබගේ අචර්වරුන්ට ජය වේවා ! රජය සහ විද්‍යාභිවර්ධන සංගමයම මොවුන්ට දිරිදීමන දී තවදුරට පර්යේෂණ සිදුකළ යුතුය .වැඩිදුර ඉගෙනීමට පිටරට ගියත් නැවත රටට සේවයට එන්නට මතක තබාගන්න ඔබසැමට ජය ! (අ)
ඒ වුණාට මේවා වෙන රටවල දැනටමත් භාවිතා වෙනවා කියලා සමහරු කියනවා. කොහොම වුණත් මෙම ක්‍රමය අපේ ශ්‍රී ලංකාවේ වැඩ සඳහා යොදාගත්තොත්, පිටරට යවන සල්ලි කන්දරාවක් රට තුළම රඳවා ගැනීමට පුළුවන් වේවි යැයි මගේ පැතුමයි (නි)
මේක පත්තරේ මුල් පිටේ පිටේ වැටෙන්න ඕනේ ප්‍රවෘත්තියක් , මේක ලෝකයේ කොහෙවත් නැහැ මුලින්ම සොයාගෙන තිබෙන්නේ ලංකාවේ මේ පින්තුරේ ඉන්න මහත්වරු තුන්දෙනා . මේ සොයාගැනීමට විරුද්ධව කිසිම දෙයක් ලියන්න එපා එහෙම කරන එක දේශ ද්‍රෝහී ක්‍රියාවක් (බ)
ඔබ තිදෙනාට සුබ පැතුම්! (බ)
ලයි-ෆයි කියන්නෙත් මේ තාක්ෂණයටද? මේ සොයාගැනීම වෙනුවෙන් අපගේ ප්‍රණාමය! (නි)
ලයි-ෆයි කියන්නෙත් මේ තාක්ෂණයට තමා.(ම)
ඔබ සැමට අපගේ ප්‍රණාමය! ජය වේවා! (නි)
සුබපැතුම් තුන් දෙනාටම .මේක ගොඩක් වටිනා හොද නිර්මාණයක්. (බ)
නව සොයාගැනීම් සහ නිර්මාණ අතර වෙනස දැනගෙන අපේ උදවිය කතාකරනවා නම් හොඳයි. (නි)
ජය වේවා, මෑතකදී පේරාදෙණිය ඉංජිනේරු පීඨය විසින් නිර්මාණය කළ දෑ ලංකාදීප මගින් පමණක් දැනගැනීමට හැකිවීම ලංකාදීපයට ස්තුතිය, මාධ්‍ය තුල යන, නළු නිලියන් සමග කරන විකාර වැඩසටහන් වෙනුවට මෙම දක්ෂයන් රටට පෙන්වීම ඔවුන්ගේ නිර්මාණ අගය කිරීම, ඔවුන්ගේ ආකල්ප රටේ ජනතාව සමග හුවමාරු කරගැනීම රටේ මාධ්‍ය පැවරෙන විශාල වගකීමක්. විද්වතුන්ගේ අදහස් ජනතාවට සමීප කිරීම මාධ්‍ය නොවේද කළ යුත්තේ ? ඔවුන් සමග කටයුතු සිදු නොකීරීම ඔබට මදිකමක් ද? ඇයි ඔවුන් ලස්සන නැද්ද ? (බ)
ලයි-ෆයි කියන්නෙත් මේ තාක්ෂණයට තමා. මේ වගේ දේවල් මීටපෙරත් මම දැකලා තියනවා. (නි)
දැන් මිනිස්සු කියාවි මේවා ඇමෙරිකාවේ, එංගලන්තේ තියෙනවා කියලා. ඒවා බොරු. හෙට අනිද්දා සුද්දෝ ලංකාවට එනවා මේවා ඉගෙනගන්න. මට නම් දැක්ක ගමන් තේරුම්ගියා මේගොල්ලෝ වැඩකාරයෝ කියලා (නි)
නියමි කොල්ලනේ , සුභ පැතුම්. (අ)
ජර්මනිය මෝටර් වාහනයේ සහ එන්ජිමේ නිර්මාතෘ වරුන් වන අතර ජපානයද එයම කොපි කරමින් වාහන සැදීමේ කරලියට පැමිණියා. වර්තමානයේ ජපානය ලෝකයේ වාහන නිෂ්පාදන හිනිපෙත්තේ ඉන්නවා පමණක් නොව ඒ අංශයෙන් නව නිපැයුම්ද තිබෙනවා. අනුන් මෙලොවට දායාද කළ දෙයක් අපි නිපදවීම ලැජ්ජාවට කරුණක් නොවෙයි. නුදුරු අනාගතයේදී හෝ මෙලොවට නව සොයා ගැනීම් කරන්නට පෙරහුරුවක් තමයි දැන් මේ කෙරීගෙන යන්නේ.(බ)
ඔබ සැමට අපගේ ප්‍රණාමය! ජය වේවා! (නි)
නියමයි කොල්ලනේ. ඔබ විශිෂ්ටයි! (නි)
මේ වැඩ කටයුතු සඳහා රජයෙන් උපරිම සහයෝගය දිය යුතුය. ඔබ සැමට ජය වේවා! (නි)