IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


2020 ඔලිම්පික් උළෙලට ෂින්කාන්සන් දුම්රිය අලුත්වෙයි

 


ජපානයේ ටෝකියෝ නුවර 2020 වසරේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ප්‍රවාහන කටයුතු තවදුරටත් පහසු කිරීමට ජපානය විසින් නවතම අධිවේගී දුම්රියක් හඳුන්වා දී තිබේ.

ෂින්කන්සන් N700S හෙවත් ෂින්කන්සන් සු ලෙස නම්කර තිබෙන මෙම දුම්රිය ෂින්කන්සන් අධිවේගී දුම්රිය මාදිලියේ නවතම නිෂ්පාදනයකි.

මෙම දුම්රිය 2020 වර්ෂයේ දී ටෝකියෝව සහ ෂින්-ඔසාකා අතර ධාවනයේ යෙදවීමට සැලසුම් කර තිබේ.

මෙහි පර්යේෂණ මෙහෙයුම් මේ වසරේ මාර්තු මස සිට ආරම්භ කරන බව ජපාන දුම්රිය බලධාරින් පවසයි.

වඩාත් ආකර්ෂණීයව මෙන්ම දුම්රිය මගීන්ගේ පහසුව පිළිබඳව ද  සුවිශේෂී අවධානයක් යොමු කරමින් හඳුන්වා දී ඇති මෙම දුම්රියේ මගී ආසන වඩා වැඩි පරතරයක් සහිතව සකස් කර ඇත.

තව ද එම සෑම මගී ආසනයක්ම විද්‍යුත් උපාංග ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලිය ලබා ගැනීමට හැකි පහසුකම්වලින්ද සමන්විතවේ.

මෙම නවතම දුම්රිය ටොකයිඩෝ ෂින්කන්සන් අධිවේගී දුම්රිය මාර්ගයේ නව යුගයක් සංකේතවත් කරන බව ජපාන දුම්රිය බලධාරිහු කියති.

ඩේලි මේල් ඇසුරෙනි

(නිසංකා සංදීපනී)



අදහස් (0)

2020 ඔලිම්පික් උළෙලට ෂින්කාන්සන් දුම්රිය අලුත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site