ලෝකයේ ජෛව විවිධත්වයෙන් වැඩිම ස්ථාන 35ක සිටින ජීවීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් දේශගුණික වෙනස්කම් හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුනදී සිටින බව ජෛව විද්‍යාඥයින් විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
දැඩි උණුසුම, දිගු නියඟයන් හා වේගවත් කුණාටු ලොවපුරා ජීවී විශේෂයන්ට අහිතකර බලපෑම ඇතිකිරීමට හේතුවී ඇතැයි ලන්ඩනයේ දේශගුනික විශේෂඥවරයෙකු වන නිකිල් අද්වානි එම වාර්තාව ගැන විස්තර කරමින් පවසයි.
ඔහු තවදුරටත් පවසන්නේ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ඇමසන් වැසි වනාන්තර, ගැලපගස් දූපත්, මැඩගස්කරය හා ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වයෙන් ඉහල ප්‍රදේශ වල ජීවී විශේෂ 80000ක් පමණ මෙසේ තර්ජනයට ලක්ව ඇති බවයි.
විද්‍යා ජර්නලයේ පල කර ඇති මෙම වාර්තාවේ අවධාරණය කර ඇත්තේ දේශගුණික වෙනස්කම් අවම කිරීම සම්බන්දව ඉතා ඉක්මන් ක්‍රියාකාරකම් ලොව පුරා සිදුකල යුතු බවයි.
මෙය සුවිශේෂී ස්ථාන වල ජීවින් වඳවීම සම්බන්ධ සරල කාරණාවක් පමණක් නොව මනුෂ්‍ය වර්ගයාට අත්‍යාවශ්‍ය සේවා සපයන පරිසර පද්ධතීන්ගේ වෙනස්වීම සම්බන්ධ කාරණාවක් බව ද මෙම වාර්තාව සඳහන් කරයි.
ලන්ඩනයේ ක්‍රියාත්මක ලෝක වනසත්ව අරමුදල සහ ජේම්ස් කුක් විශ්ව විද්‍යාලය එක්ව මෙම වාර්තාව නිකුත් කර ඇත.
(සී එන් එන් ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආර්ථිකය ගිලගන්න අර ඩියුටි ෆ්‍රී කාර්වල එහෙමෙහෙ යන බුවල්ලන්ට හානියක් වෙන්න තව කොච්චර උස්ණත්වය ඉහල යන්න වෙයිද?