නෝර්වේ ස්වැල්බාර්ඩ්හි පිහිටි බීජ සුරක්ෂිතාගාරයේ මේ වන විට තැන්පත් කර ඇති බීජ වර්ග සංඛ්‍යාව දශලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වේ.
ලෝකයේ තිබෙන උසස් තත්ත්වයේ බීජ සුරක්ෂිත කිරීම සඳහා 2008 වර්ෂයේ ස්ථාපනය කරන ලද මෙම සුරක්ෂිතාගාරය අති නවීන තාක්ෂණය යටතේ නිර්මාණය කර ඇති අතර ශීතාගාර තුල විශේෂිත තත්ත්ව යටතේ සුරක්ෂිතව ගබඩා කිරීමට සකස් කර ඇත.
"ග්ලෝබල් සීඩ් වෝල්ට්" යන නමින් හඳුන්වන මෙම සංරක්ෂණාගාරයේ ලෝකයේ දුර්ලභ බීජ වර්ග, ප්‍රධාන ධාන්‍ය වර්ග හා අසාමාන්‍ය බෝග වර්ග ගබඩා කරන බව සඳහන් වේ. ප්‍රධාන කුටීර තුනකින් සමන්විත මෙහි එක් කුටීරයක් සම්පූරණයෙන්ම බීජ වර්ග වලින් පුරවා අවසන්ව ඇත.
අනාගතයේ යම් දිනක නියඟයකින් හෝ කාලගුණ විපර්යාසයකින් බෝග වර්ග විනාශ වීමකට ලක්වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙවැන්නක් නිර්මාණය කිරීමට අදහස් කළ බව එහි නිර්මාපකයෝ පවසති.
ලෝකයේ බොහෝ බීජ බැංකු වල සංරක්ෂිත නියැදියන් මෙහි ගබඩා කර ඇති අතර විද්‍යාඥයන් පවසන්නේ මෙහි බීජ වර්ග ලක්ෂ 22ක් පමණ ගබඩා කිරීමට පහසුකම් ඇති බවයි.
(බීබිසි ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
36
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
338
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්වැල්බර්ඩ් සුරක්ෂිතාගාරයේ බීජ වර්ග දස ලක්ෂයක්