විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
තම පැටවුන් කිරි දී පෝෂණය කරන මෙම ක්ෂීරපායී මකුළුවා පනින මකුළුවන් හෙවත් Jumping Spider ලෙස හඳුන්වන අතර සත්ත්ව විද්‍යාත්මකව Toxeus magnus ටොක්සෙස් මැග්නස් නමින් හඳුන්වයි.
චීන විද්‍යා ඇකඩමියේ ශන්කි චෙන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෙම මකුළුවන් තම පැටවුන්ට කිරි දෙන සත්ත්ව විශේෂයක් බව පර්යේෂණයක් මගින් තහවුරු කර ඇති අතර ඒ බව ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ නොවැම්බර් 30දා කලාපයේ සඳහන් කර ඇත.
1933 වර්ෂයේ දී තායිවානයෙන් පළමුවරට සොයාගත් මේ මකුළු විශේෂයේ ප්‍රධාන ආහාරය පළතුරු මැස්සන් බව විද්‍යාඥයන් පවසයි.
ඔවුන්ගේ විශේෂ හැසිරීම ගැන අවධානය යොමුකළ චීන විද්‍යාඥයන් 2012 වර්ෂයේ දී වැඩිදුර පර්යේෂණ ආරම්භ කර ඇත. කෙසේ වුවද මෙම සිද්ධිය ඔවුන්ට නිරීක්ෂණය වන්නේ 2017 වර්ෂයේ ජූලි මාසයේ දී ය.
පොඩි පැටවුන් සිය මව අසළට පැමිණ උදරයේ පහළ කොටස මිරිකා සුදු පැහැති යම් දියරයක් පානය කරන බව ඔවුහු අන්වීක්ෂයක් මගින් නිරීක්ෂණය කළේය. උදරයට යටින් මෘදු ඇඟිල්ලක් වැනි යම් අවයවයකින් මේ දියරය වෑස්සෙන බව පර්යේෂකයෝ පවසති.
බිහිවූ පසු පළමු දින 20 මවගේ කිරිවලින් යැපෙන මේ මකුළු පැටවුන් ඉන් පසු වෙනත් ආහාර ගත්ත ද තවත් සති තුනක පමණ කාලයක් මවගේ කිරි බීමට කටයුතු කරන බව ද පර්යේෂකයන් සඳහන් කරයි.
මෙම මකුළු කිරි පිළිබඳ කරන ලද අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ එහි මූලික සංරචක සියල්ල ක්ෂීරපායී සතුන්ගේ කිරිවලට සමාන බවයි.
කිරි මිලි ලීටරයක සීනි මිලිග්‍රෑම් දෙකක්, මේදය මිලිග්‍රෑම් පහක් සහ ප්‍රෝටීන මිලිග්‍රෑම් 124ක් අඩංගු වෙයි. පර්යේෂකයන් පවසන්නේ මේ කිරි එළදෙනකුගේ කිරිවලට වඩා හතරගුණයක් පෝෂණ ගුණයෙන් අධික බවයි.
(සයන්ස් නිවුස් ඇසුරිණි - 085)
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්