ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ඔහු විසින් සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම බෝතලය නිපදවා ඇත.
මෙම බෝතලය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ කඩදාසි හා ශාක පදනම් කරගත් අමු ද්‍රව්‍ය වලිනි.
එසේම මෙම බෝතලය සඳහා භාවිතා කර ඇති ලෝහමය වැස්ම වසරක් ඇතුළත දිරාපත් වන ලෙස නිර්මාණය කර ඇත.
මෙසේ ප්‍රතිශක්තීකරණය කරන ලද කඩදාසි විශේෂයකින් නිපදවීමට කිසිදු ෆොසිල ඉන්ධනයක් භාවිතා කර නැත.
මෙම බෝතලය මුහුදු ජීවින් විසින් ආහාරයට ගන්නා අතර දිරාපත් වී පසට තැන්පත් වන බැවින් කිසිදු පාරිසරික හානියක්ද නොවේ.
පරිසර හිතකාමී මෙම නිෂ්පාදනයේ භාවිතය 2050 වන විට මෙට්‍රික් ටොන් මිලියන 500 ඉක්මවා යනු ඇතැයි බලාපොරොත්තු වේ.
ප්ලාස්ටික් භාවිතය නිසා සිදුවන හානිය ගෝලීය අර්බුදයක් වී ඇත. ප්ලාස්ටික් ටොන් මිලියන අටක් පමණ සෑම වසරකම සාගරයට මුදා හරිති. එම ප්ලාස්ටික් ප්‍රමාණය සෑම විනාඩියකටම ට්‍රක් රථයක පිරවූ ප්‍රමාණයට සමාන වේ.
සාගරයට පැමිණෙන ප්ලාස්ටික් ටොන් මිලියන 2.4 ක් පමණ කාර්මික නිෂ්පාදන බහුල චීනය විසින් සාගරයට මුදා හරිනු ලබයි. චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන ආසියාතික රටවල් වැඩි වශයෙන් ප්ලාස්ටික් මුහුදට මුදා හරී.
කාර්මීකරණයේදී ප්ලාස්ටික් භාවිතා කරන බටහිර රටවල් අතරින් 20 වන ස්ථානයේ සිටින්නේ ඇමරිකාවයි.
- 209
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
anura Sunday, 17 June 2018 01:43 AM
ඕවා මොනවද, අපේ රටේ හදලා තියෙනවා වොඩ්කා දැම්ම වතුර වන බෝතල්!