IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


හාල්වලට පාලන මිලක් දැමීමේ ඩඩ්ලි සිරිසේනගේ තීන්දුව

ජනතාව විඳින පීඩාව වචන බවට පෙරැළිය නොහැකි තරමට භාෂාව ද අසරණ වී තිබේ. අර්බුද වගුරෙන් ගොඩ ආ හැකි මගක් කිසිවෙක් හෝ නොකියති. ‘‘ඉදිරි සති දෙක අමාරුයි’’ කියා වගකිවයුත්තන් කියනවිට ජනතාව කියන්නේ ඊට පස්සෙත් අමාරුයි ‘‘තමයි’’ කියාය. රටේ යථාර්ථය එයම විනා අන් යමක් නොවේ.

බලාපොරොත්තු විරහිතව අපේක්ෂාභංගත්වයෙන් සිටින ජනයා වෙත ශුභාරංචියක් ලැබිණි. එම ශුභාරංචිය රැගෙන ආවේ මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතාය. ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට සහල් අලෙවි කරන’’ බවය.

රුපියල් 70ට 80ට තිබූ නාඩු හාල් කිලෝව රුපියල් 220 දක්වා ඉහළ යාම සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන්ට චෝදනා එල්ල විය. රජය පසෙක තිබිය දී මාධ්‍ය හමු කැඳවා හාල් මිල ප්‍රකාශයට පත් කළේ ද ඩඩ්ලි සිරිසේන මහතාය. හැම පැත්තෙන්ම චෝදනා එල්ල වූයේ රජයට පාලනය කළ නොහැකි වී මාෆියාවක් මෙන්ම සහල් මාෆියාවක්ද තිබෙන බවය. එම මාෆියාවේ ‘‘ගෝඩ් ෆාදර්’’ ලෙස හැඳින් වූයේ ද ඩඩ්ලි සිරිසේන මහතාවය.

රජය වීවලට පාලන මිලක් නියම කළ විට ඊට වඩා වැඩි මුදලක් ගෙවා මෙම මාෆියාකරුවන් ගොවියන්ගෙන් වී මිලදී ගන්නා බවත් එම වී තොග ගබඩා කර තබා රට තුළ හාල් හිඟයක් ඇති වූ විට වී හාල් කර වැඩි මිලට වෙළඳ පොළට නිකුත් කෙරෙන බවත් රහසක් නොවේ. පාරිභෝගික සේවා අධිකාරිය මෙම මහා පරිමාණ හාල් මෝල් වැටලූ අවස්ථාද විය. ඩඩ්ලි සිරිසේන මහතා ද මෙම චෝදනා ප්‍රතික්ෂේප නොකරයි. ‘‘අපි අවුරුදු 40ක් ජනතාවගෙන් ලාභ ගත්තා. දැන් ජනතාව ඉන්නේ අමාරුවෙන්. ඒ නිසා ඒ  ජනතාවට සහනයක් දිය යුතුයි. පාලන මිලට හාල් දෙන්න මම තීරණය කළේ ඒ නිසයි.’’ මාධ්‍ය හමුවේ දී ඔහු ප්‍රකාශ කළේය.

ඇතැම් වෙළෙන්ඳන් බලාගෙන සිටින්නේ පොදු මහජනතාව සූරාගෙන කෑමටය. පෙට්ටි කඩයේ සිට මහා පරිමාණ සුපිරි වෙළඳ සැල් දක්වා ද ගෑස් කඩයේ සිට ඉන්ධන පිරවුම්හල දක්වා ද මෙම සූරාකෑම ව්‍යාප්ත වී තිබේ. ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටින ජනතාව මෙම සූරාකෑම නිසා තව තවත් අන්ත අසරණ තත්ත්වයට පත් වෙති. එහෙත් එම ජනයාට පිහිටට පිළිසරණට ඒමට කිසිවකුත් නැත. පාලන මිලටම සහල් දීමට ඩඩ්ලි සිරිසේන මහතා තීන්දු කිරීම ශුභාරංචියක් වන්නේද එම පරිසරය තුළය.

පාලන මිලට සහල් නිකුත් කරන බව දැනුම්දීමට කැඳවූ මාධ්‍ය හමුවට එක්ව සිටි තවත් සහල් ව්‍යාපාරිකයකු කියා සිටියේ ‘‘පාලන මිලට සහල් නිකුත් කිරීමේ තීරණයට තමන් එකඟ නොවන’’ බවය. එමෙන්ම ‘‘සහල්වල පාලන මිල තවත් රුපියල් 25කින් ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවය.’ රජයේ පාලන මිලට ගරු කළ ද නාඩු කිලෝව රුපියල් 249 දක්වා වැඩි කිරීමට රජයෙන් ඉල්ලීමක් කළා. එය ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එසේ වැඩි කළහොත් කඩ හිමියාට රුපියල් 2ක් දීම ප්‍රමාණවත් නොවීම නිසා කඩ හිමියාට රුපියල් 5ක් ලැබෙනවා යනුවෙන් එම ව්‍යාපාරිකයා පැවසීය.

සැබැවින්ම සිදුවිය යුත්තේ ගොවියාත් ව්‍යාපාරිකයාත් කඩ හිමියාත් ආරක්ෂා කෙරෙන හා පොදු ජනයාට සාධාරණය ඉටුවන ක්‍රමවේදයකි. එබන්දක් සකස් කර ගත නොහැකිනම් මහා වාගාඩම්බරයෙන් පවසන අප අත්කරගෙන ඇතැයි පවසන දියුණුව කුමක්ද යන්න ප්‍රශ්න කිරීම යුක්ති සහගතය. කෙසේ වෙතත් ඉබාගාතේ යන පාලනයක් සහිත රටකට එබඳු ක්‍රම​වේදයක් සකස් කර ගැනීම කළ නොහැකිවීම ද පිළිගත යුත්තකි. මේ සියල්ලෙන්ම පීඩාවට පත්ව සිටින්නේ රටේ පොදු මහජනතාවය.

ජනයා මේ මොහොතේ තොග පිටින් සහන අපේක්ෂා කරති. එහෙත් අපේක්ෂා කළ ද ඒවා ලැබෙන්නේ නැත. අද දවස සම්බන්ධයෙන් මෙන්ම හෙට දවස සම්බන්ධයෙන්ද හිස් හැඟීමක් ජනිත වී තිබෙන්නේද එහෙයිනි. එබඳු ශාපලත් පරිසරයක රජයේ පාලන මිලටම හාල් වෙළෙඳ පොළට නිකුත් කිරීමට ඩඩ්ලි සිරිසේන මහතා ක්‍රියා කිරීම පැසසුම් කටයුතුය. එමෙන්ම තමන් මෙන්ම පාලන මිලටම  සහල් වෙළඳ පොළට නිකුත් කරන ලෙස අනෙකුත් සහල් ව්‍යාපාරිකයන්ගෙන් ද ඔහු ඉල්ලා සිටියේය. ඉන් නොනැවතුණු ඔහු සියලු ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේ මේ මොහොතේ ජනතාවට සහන සලසන ලෙසය.

ලාභ නොලබා ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකිය. එහෙත් රට අතිශයින්ම දුෂ්කර ඉරණමකට යටත්ව සිටින මොහොතක අධික ලාබ ගැන නොසිතා ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට ව්‍යාපාරික ප්‍රජාව මැදිහත් වන්නේනම් එය ජනතාවට සහනයක් වනු නියතය.

(***)



අදහස් (2)

හාල්වලට පාලන මිලක් දැමීමේ ඩඩ්ලි සිරිසේනගේ තීන්දුව

sarath Friday, 24 June 2022 09:42 PM

මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේනද ආහාර සහ කෘෂිකර්ම ඇමැති වීම කිසිවකුටත් වැළැක්විය නොහැකිය. ඔහුගේ පුද්ගලික මුදලින් හෝ ජනතාවට සේවය කරනු ඇත.

:       2       2

Senarath Thursday, 30 June 2022 04:07 PM

ඩඩ්ලි කියන්නේ හරියටම කවුද කියලා දැනගන්න ඕනෑ නම්, 2021 දී ඔහුගේ හැසිරීම බලන්න. එදා සහල් මාෆියාව හැදුවේ ඩඩ්ලි මිසක් වෙන කවුරුවත් නෙවෙයි. අද ජනතාව ගැන දක්වන අනුකම්පාව ඔහුගේ යටි අරමුණක් ඉටුකරගන්න කරන කපටි කමක්.. මින්පසු අප ඡන්දය දිය යුත්තේ උගතෙකුට පමණයි. එහෙම නැතුව මාධ්‍යය ඉස්සරහ චණ්ඩි පාට් දමලා ගැලරියට වැඩ පෙන්වන මිනිස්සු පාර්ලිමේන්තු යවලා මේ රට තවත් අගාධයට නොදැමිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14700 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 442 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site