IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සියලුම ක්ෂේත්‍රවල ගැබිනි මාතාවන්ට උපරිම සහන දෙමු

ගර්භණි මාතාවන් සඳහා එන්නත්කරණයේදීත් රාජකාරියේදීත් සුවිශේෂ පහසුකම් ලබාදීමට රජයේ උපදෙස් මත සෞඛ්‍ය අංශ මගින් තීරණය කර තිබේ. මෙය වර්ධනය වෙමින් පවතින කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හමුවේ ගනු ලැබූ ඉතා යහපත් පියවරක් බවත් එම තීරණය ගැබිනි මවුවරුන්ටත් ඔවුන්ගේ පවුල්වල සමීප ඥාතීන්ටත් විශාල සහනයක් බවත් පැවසිය යුතුය. ගැබිනි මවකට ලබාදෙන සහනය ජීවිත දෙකක් සුරක්ෂිත කිරීමක් බවද පෙන්වා දිය යුතුය.

වැඩිවෙමින් පවතින කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවත්, දිනෙන් දින ඉහළ යන කොවිඩ් මරණ සංඛ්‍යාවක් පෙන්වා දෙන්නේ රට තවමත් පවතින්නේ දැඩි අවදානමක බවය. එම තත්ත්වය යටතේ ගැබිනි මවුවරුන් සැලකෙන්නේ අධි අවදානම් කාණ්ඩයක් වශයෙනි. ඒ අතුරින්ද නිවෙස්වල ගෘහණියන් වශයෙන් සිටින මවුවරුන්ටත් වඩා රැකියාවල නියුතු ගැබිනි මවුවරුන්ට තිබෙන අවදානම ඉහළය. හෙද සේවයේ නිරත ගර්භණී මාතාවන් සිටින්නේ අධි අවදානම් කලාපයේ ඉහළම ස්ථානයේය. මේ හේතුවෙන් ගැබිනි මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර දීමට හැකි සියලු පියවර ගැනීම ඉතා වැදගත් වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අපගේ ‘‘ලංකාදීප’’ පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ හෙද සේවයේ නිරත ගර්භණි මවුවරුන්ට දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සම්පූර්ණ නිවාඩු හිමිවන බවය. එම හෙදියන් මුල් මාස හයේ සේවය කිරීමේ දී ඔවුන් කොවිඩ් සහ ඩෙංගු අවදානම අඩු ස්ථානවල සේවයට යොදවන බව ද ඔහු කියයි. මේ පහසුකම් සැලසීම සඳහා ගර්භණී හෙදියන්ගේ නිවාඩු සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

ගැබිනි හෙදියන් සඳහා ක්‍රියාත්මක වෙන මෙම නව පූර්ව ප්‍රසූත නිවාඩු මාස තුන රජයේ සහ පෞද්ගලික අංශවල සේවයේ නියුතු සෙසු ගැබිනි මවුවරුන්ට ද බලපාන සේ ක්‍රියාත්මක කළ හැකි නම් එය වඩාත් උචිත වනු ඇති බව ද මේ සමඟ පෙන්වා දිය යුතුය. රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවාවල රාජකාරියේ යෙදෙන මවුවරුන් තරම් සෙසු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ගැබිනි මවුවරුන් කොවිඩ් වයිරසයට නිරාවරණය වන අවස්ථා අඩු බව සැබෑවකි. එහෙත් අවදානම අඩු නැත. මවු කුසේ සිටින දරුවාගේ ද යහපත සඳහා මව කොවිඩ් අවදානමෙන් ගලවා ගැනීම අවශ්‍ය වෙයි. සංචරණ සීමා මැද වුව ද අත්‍යවශ්‍ය රාජකාරි සඳහා කැඳවීම් ලබන ගැබිනි මවුවරුන්ට ද ප්‍රසූතිය ආසන්නයේ මාස තුනක් නිවාඩුව ලබා දීම වැදගත්වනු ඇති බව සඳහන් කරමු. අවම තරමින් වෛද්‍ය වෘත්තියේ නිරත ගැබිනි මවුවරුන් සම්බන්ධයෙන් ද හෙදියන්ට ක්‍රියාත්මක වන විශේෂ ප්‍රසූති නිවාඩුව අදාළ කිරීම වැදගත්වනු ඇතැයි අපි සිතමු.

මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර තිබුණේ ගැබිනි මවුවරුන්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ වැඩිහිටියන්ට ලබා දීමට සයිනොෆාම් එන්නත් මාත්‍රා හාරලක්ෂ පනස්දාහක් වෙන්කර තිබෙන බවය. වෛද්‍ය නිර්දේශ මත ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය ගත් තීරණයත් සමඟ මේ පියවර ගෙන තිබේ. ඒ අනුව ගැබිනි මවුවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම පසුගියදා (09) ආරම්භ කරනු ලැබීය. ගැබිනි මවුවරුන්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කෙරෙන අතර, ගැබිනි මවුවරුන් වෙනුවෙන් කොවිඩ් එන්නත්කරණය ආරම්භ කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සඳහන් කර තිබිණි. එම විද්‍යායතනයේ සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ එන්නත්කරණය මගින් ගැබිනි මවුවරුන්ට ඇතිවන සංකූලතා අවම වන බවය. එය සියලු ගැබිනි මවුවරුන්ගේ සිත් සනසන පණිවුඩයකි.

ගැබිනි මවුවරුන් සම්බන්ධයෙන් රජය සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් ගනු ලබන මෙවැනි ක්‍රියාමාර්ග අනාගතයේ දී රටට බිහිවීමට සිටින දූ දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන විපුල ආයෝජනයක් බව කිව යුතුය. කොවිඩ් වසංගතය ඉදිරියේ සියලුදෙනා අසරණ වන බව සැබෑවකි. එහෙත් ගැබිනි මවුවරුන් මෙහිදී වඩාත් අසරණ වන බව තේරුම් ගැනීම අවශ්‍යය. පූර්ව ප්‍රසව සමයේ ස්වාභාවිකව ඇතිවන අපහසුතා සහ අසනීප තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඒ මතට කොවිඩ් වයිරසයෙන් ද බැට කෑමට සිදුවුවහොත් එය ගෙදර දොරේ පවා මහත් ව්‍යාකූල තත්ත්වයක් හට ගැනීමට හේතුවෙයි. ගැබිනි මවට තවත් කුඩා දරුවන් සිටී නම් තත්ත්වය වඩාත් බැරෑරුම් වෙයි. මේ නිසා හැකි තරම් ඉක්මණින් ගැබිනි මවුවරුන් එන්නත් කිරීමටත් හෙදියන්ට පූර්ව ප්‍රසව නිවාඩු මාස තුනක් ලබාදීමටත් ගත් තීරණ විශාල සහනයක් බව පෙන්වා දිය යුතුය.

මේ සහනය සෙසු සේවා සඳහා ද පුළුල් කරදීමට ද සැලකිල්ල යොමු කළ හැකි නම් එය ගැබිනි මවුන් විශාල පිරිසකට මහත් සහනයක් වනු ඇති බවද සඳහන් කරමු.

(***)



අදහස් (1)

සියලුම ක්ෂේත්‍රවල ගැබිනි මාතාවන්ට උපරිම සහන දෙමු

සරත් රත්නායක Saturday, 12 June 2021 09:11 AM

චක්‍රලේක ගහලා තියෙද්දිත් පොලොන්නරුව රෝහලේ පරිපාලනය බලෙන් ගර්භනි සේවිකාවන්ගෙන් වැඩ ගන්නවා. මේ ගැන හොයලා රටට හෙලි කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site