IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


මෙහෙමත් අතිකාල ගෙවන්න පුළුවන්ද?

ඛනිජ තෙල් වලට අදාළ රාජ්‍ය ආයතන මේ රටේ මාධ්‍යවලට නිරන්තරයෙන් සිරස්තල මවා දෙයි. එහෙත් ඒ බොහොමයක් සිරස්තලවලට හේතුවන්නේ හොඳ ප්‍රවෘත්ති නොව නරක ප්‍රවෘත්ති වීම කනගාටුවට කරුණකි. පසුගිය දිනක අපගේ ලංකාදීප පුවත්පතේ එක් ප්‍රධාන සිරස්තලයකින් අනාවරණය කර තිබුණේ එවැනි එක් නරක ගණයේ ප්‍රවෘත්තියකි. එම ප්‍රවෘත්තියට අදාළ ආයතනය ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමයි.

විගණක වාර්තාවකින් හෙළිකර ඇති පරිදි එම සමාගමේ සේවකයන් 2638න් 1335ක්ම 2021 වසරේ සිට මූලික වැටුපෙන් සියයට 75කට වැඩි අතිකාල දීමනා ලබාගෙන තිබේ. ඒ අතුරින් 19 දෙනකු මූලික වැටුපෙන් සියයට 300ක් ඉක්මවා අතිකාල දීමනා ලබාගෙන ඇතැයි ද වාර්තා වෙයි. ඒ සමඟ අනාවරණය වන්නේ සේවකයන් 210ක් මූලික වැටුපෙන් සියයට 200ක්  ද 988 දෙනකු මූලික වැටුපෙන් සියයට 100ක්ද ඉක්මවමින් අතිකාල දීමනා ලබාගෙන ඇති බවය.

මෙසේ අධික ලෙස අතිකාල දීමනා ලබාදීමේ අරමුණු එම සේවක පිරිස ලබාගෙන ඇති ණය අපසු ගෙවීම පහසු කිරීම බවද අදාළ විගණක වාර්තාවේ සඳහන් වී ඇතැයි ද ප්‍රකාශිතය. මේ කාරණාව නම් රාජ්‍ය ආයතන බොහොමයක අතිකාල දීමනා වැඩි වැඩියෙන් ලබාගැනීමට ඉඩහැරීමේ මහ පොදු සාධකය බවට පත්ව ඇතැයි ප්‍රකාශ වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. විශේෂයෙන් රාජ්‍ය සේවයේ අධික පාඩු ලබන සුදු අලින් වශයෙන් හංවඩු ගැසුණ ආයතන බොහොමයකට එය අදාළ වෙයි. කෙසේ වුව ද ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම විගණක අංශය වෙත කළ කරුණු පැහැදිලි කිරීමක පෙන්වා දී ඇත්තේ සේවකයන්ට ණය ලබාදීම පමණක් මෙම අතිකාල දීමනා ගෙවීම සඳහා හේතු වී නැති බවය. විශාල වශයෙන් අතිකාල දීමනා ගෙවීම් ලද සේවකයන් බෙදාහැරීමේ කාර්යාංශයට අනුයුක්ත රියැදුරන්, පෝටර්වරුන් සහ අක්වෙරළ මෙහෙයුම් තාක්ෂණික කාර්ය මණ්ඩලවලට අයත් බැවින් ඔවුන්ගේ අතිකාල සේවා වැළැක්වීම හෝ පාලනය කිරීම ප්‍රායෝගික වශයෙන් අසීරු කරුණන් බවද සමාගම කළ කරුණු පැහැදීමේ සඳහන්ය.

එය පිළිගැනීමට අපහසු කරුණු දැක්වීමක් බව බැලූ බැල්මට පෙනී යයි. කොතරම් අත්‍යාවශ්‍ය සේවාවක වුවද මූලික වැටුප මෙන් සියයට 300ත්, 200ත් හෝ 100ක් ඉක්මවමින් අතිකාල දීමනා ලබාගත හැකි ලෙස සේවකයන් සේවාවල නිරත කරවීම පැහැදිලිවම කළමනාකාරීත්වයේ දුර්වලකමකි. සේවයේ නිරත වූවන්ගේ කාර්යක්ෂමතාව, ඵලදායී බව නිසි ලෙස කළමනාකරණය කරගත හැකිනම් විගණක වාර්තාවෙන් හෙළිකර ඇති ආකාරයේ අතිවිශාල ප්‍රමාණයකින් අතිකාල දීමනා ගෙවීමට සිදු නොවන බව වටහා ගැනීම අසීරු නැත.

මෙය තෝරාගත් සේවකයන් පිරිසකට ලොකු හැන්දකින් බෙදීමක් බව පැවසීම වඩාත් නිවැරදි යැයි සිතමු. අප පෙන්වා දීමට තැත් කරන්නේ අතිකාල දීමනා නොගෙවිය යුතු බව නොවේ. එහෙත් ආයතනයේ අවශ්‍යතාව පසෙක දමා සේවකයාගේ අවශ්‍යතා සපුරා දීමට අතිකාල දීමනාව යොදවා ගැනීමේ ක්‍රමවේදය නැවැත්විය යුතු බවය. එවැනි ක්‍රියාවලින් සිදුවන්නේ ආයතනයේ කඩා වැටීම ය. ආයතනයට දැරි හැකි බර ඉක්මවා එහි වැටුප් සහ දීමනා ඇතුළු වියදම් වැඩිවන විට ආයතනය වළපල්ලට යාම නැවැත්විය නොහැක. අප කියන්නේ අතිකාල දීමනා වලින් ගසා කෑමට සේවකයන්ට ඉඩක් නොතැබිය යුතු බව ය.

අතිකාල දීමනා නොගෙවන රාජ්‍ය ආයතනයක් සොයා ගැනීමට වඩා පරිප්පු නැති හෝටලයක් සොයාගැනීම පහසුය. රාජ්‍ය ආයතනවලට පමණක් නොව බොහොමයක් පෞද්ගලික ආයතනවලටද අතිකාල දීමනා ගෙවීම පොදු කරුණකි. එසේ අතිකාල දීමනා ගෙවීමට ප්‍රධාන හේතුව වැටුප් ප්‍රමාණවත් නොවීම බවද පිළිගත යුතු සාධකයකි. ප්‍රමාණවත් තරම් වැටුපක් ලැබෙන සේවකයෙක් අතිකාල වැඩ කරමින් ආයතනය තුළටම කොටු වී රාජකාරියේ නිරත වීමට කැමැති වන්නේ නැත. එසේ වුවද ආයතනයට අත්‍යාවශ්‍ය සහ සැමදෙනාටම ඉටුකළ නොහැකි රාජකාරිවල දී අතිකාල ගෙවා සේවය ලබාගැනීමට අවස්ථාව තිබේ. එහෙත් එම අවස්ථාව තමන්ගේ ණයට කැපෙන වැටුප බේරා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් භාවිත කළ යුතු නැත. එවිට සිදුවන්නේ අදාළ ආයතනයේ ආර්ථිකයට කනකොකා හැඬීමය.

රාජ්‍ය සේවයේ නිරත අති බහුතරය නියමිත කාල සීමාවක දී විවිධ ණය ලබා ගැනීම පොදු කරුණකි. එසේ ලබාගන්නා ණය ආපසු ගෙවීම පහසු නැත. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට හසුව තිබෙන ඒ හේතුවෙන්ම කොතරම් හම්බ කළත් එය ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ සේවකයන් අතිකාල දීමනා වැඩිපුර ලබාගෙන හෝ එම ණය පියවීමට කටයුතු කිරීම පුදුමයක් නොවේ. එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීම ඒ ඒ ආයතනවල ලොක්කන්ගේ වගකීමයි. විවිධ බලපෑම්වලට යට වී එම වගකීම් පැහැර හැරි සේවකයන්ට අවශ්‍ය පරිදි අධික ලෙස අතිකාල දීමනා ලබාදීමට ඉඩදීමෙන් එම ලොක්කන් කර ඇත්තේද වැරැද්දක් බවත් පෙන්වාදීමට කැමැත්තෙමු.

(***)



අදහස් (1)

මෙහෙමත් අතිකාල ගෙවන්න පුළුවන්ද?

Sunil Monday, 24 April 2023 03:09 PM

එහෙනම් ඒක තමයි මේ... ප්‍රයිවට් කරනවට මේ තරම් බය වෙලා කෑ ගහන්නේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1343 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 826 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 347 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 754 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 480 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 564 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site