IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ජනතා වගකීම් පැහැර හැරීම් කොරෝනා උවදුරට හේතුවක්

ගැටුමකදී මිය ගිය තරුණයකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිය ද නොතකමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පැවැත් වූ බව සේයාරුවක් ද සමගින් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. සේයාරුවෙන් දැක්වුණේ විශාල පිරිසක් රතිඤ්ඤා දල්වමින් මාර්ගයේ ගමන් කරන ආකාරයයි.

දෙසතියකට පමණ වැඩි කලක සිට රට වසා දමා තිබේ. එක් දිනක් වුවත් රට වසා දමා රටට ඉදිරියට යාමට නොහැකි නමුදු රට වසා දමා තිබෙන්නේ කොරෝනා මාරාන්තික වයිරසය පැතිරවීම වැළැක්වීම පිණිසය. රටේ අගුළු ඇරෙනු ඇත්තේ තත්ත්වය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබුණු දිනයටය. ඒ දිනය කවදාදැයි කීව නොහැකි තත්ත්වයකි. මෙම පරිසරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයෙන් කටයුතු කිරීම සෑම පුරවැසියකුගෙන්ම අපේක්ෂිත තත්ත්වයකි.

කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දස දහසේ සීමාව ඉක්මවා ගියේය. එකම පවුලේ දෙතුන් දෙනා කොරෝනා මාරයා රැගෙන යාමේ අනුවේදනීය පුවත් එකක් පසුපස එකක් වශයෙනි. මරණය ඉදිරිපිට මිනිස් ජීවිත මෙතරම්ම අසරණ වූ යුගයක් සියවසකින් එපිට මිස මෙපිට දී හමුවී නැත. පෙර අත්දැකීම් නොමැති නිසාම දිනෙන් දින අලුත්වන තත්ත්වයට අනුව කටයුතු කිරීමට සිදුවේ. එහෙයින්ම අපගේ මාතෘ භූමිය දුරාතීතයේ විශාලා මහනුවර තත්ත්වයටත් නූතනයේ ඉන්දියාවේ තත්ත්වයටත් පත්වීම වළක්වා ගැනීමේ වගකීම සෑම පුරවැසියකු ඉදිරිපිටම වේ.

කරුණු කාරණා එපරිදි වුවද රටේ තත්ත්වය සම්බන්ධයෙන් අබමල් රොනක තරම් හෝ වගකීමක් නොමැතිව ඉතාම මුග්ධ හා මුරණ්ඩු ලෙස කටයුතු කරන පිරිස් සිටිති. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයෙන් වාර්තා වූයේ එබඳු පිරිසකි. අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය ප්‍රදේශයේ කුඩාගම හෝටලයක නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් විවාහ උත්සවයක් සඳහා පැමිණි 15 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පියවර ගත් බවය. තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ වව්නියාව ඕලුමඩම පට්ටේපෙරින්දකුලම ගම්මානයේ නිරෝධායනය නීති උල්ලංඝනය කරමින් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 28 දෙනකු කොරෝනා ආසාදිතයන්  ලෙස හඳුනාගත් බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසන බවය.

කොරෝනා මාරාන්තික වයිරසය අප රට ආක්‍රමණය කළ දා පටන් රජය ගත යුතු සෑම පියවරක්ම ගත්තේය. සෞඛ්‍ය අංශ තම ජීවිත අවදානම ද නොතකමින් ආසාදිතයන් සුවපත් කර නිවෙස් කරා ගමන් කිරීමට පියවර ගත්හ. ආරක්ෂක අංශ සිය රාජකාරී සිමාවන්ගෙන් එළියට පැමිණ කොරෝනා මර්දන මෙහෙයුමට තම අනුපමේය දායකත්වය ලබා දුන්හ. ඉකුත් 31 වැනිදා වනවිට සුවය ලබා පිටත්ව ගිය පිරිස 374156 කි. රෝහල්වල හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන පිරිස 55098 කි. මෙම සංඛ්‍යා ලේඛන යම් ප්‍රමාණයකට සුබදායි බව පැවසිය යුතුය. මෙම තත්ත්වය සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවල උපමා නැති කැපකිරීම් හි ප්‍රතිඵල බව ඒකාන්ත සත්‍යයකි.

කොරෝනා මාරක වසංගතය හමුවේ ඇති එක් සාර්ථක විසඳුමක් වනුයේ වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීමය. ආසාදිතයන් වර්ධනය වීම මර්දනය කිරීමය. පළාත් අතර සංචරණ සීමා පනවනු ලබන්නේත් නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන්නේත් මේ වෙනුවෙනි. එමගින් බලාපොරොත්තු වන්නේ ජනයා ඒකරාශිවීම වැළැක්වීමය. රස්තියාදුවේ යාම වැළැක්වීමය. පොලීසිය හෝ හමුදා භටයන් ගිනි අවි එල්ල කර ඒකරාශීවීම වැළැක්වීම වෙනුවට ස්වයං විනයකින් යුතුව ජනතාව එමගට පිවිසිය යුතුය.

යතුරු පැදියක ගමන් කළ අඹුසැමි යුවළක් අනතුරකට ලක්ව මිය ගියහ. අනතුරුව එම දෙදෙනාගේ පීසීආර් පරීක්ෂණයක් සිදු කළ අතර වාර්තා වූයේ එම දෙදෙනාම කොරෝනා ආසාදිතයන් බවය.  ඇතැම්විට එම රිය අනතුර නොවන්න ඔවුන් කොරෝනා ආසාදිතයන් යැයි හඳුනා නොගැනීමට ඉඩ තිබිණි. මෙයින් පැහැදිලි වන්නේ වයිරසයේ බරපතළකමය. එහි ව්‍යාප්තිය සිදුවන ආකාරය ගැනය. කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන ආසාදිතයන් සිටින බව ද සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. ඔවුන් හා ඇසුර කෙසේ පැවැත්විය යුතු ද යන්න පැවසීම කළ නොහැක්කකි.

මහජනතාවගෙන් අවශ්‍ය සහයෝගය නොලැබෙන්නේ නම් කොරෝනා මර්දන මෙහෙයුම ගඟට කැපු ඉනි මෙන් අපතේ යනු ඇත. එමගින් සිදුවන්නේ කොරෝනා මාරක වසංගතයෙන් මිදුණු රටක් සම්බන්ධ ප්‍රාර්ථනය ගලක හැපුණු වීදුරු පාත්තරයක් මෙන් සුණුවිසුණු වී යාමය. එබඳු පරිසරයක මරණයට හිත හදාගෙන ජීවත් වීමට සියල්ලන්ටම සිදුවනු ඇත. එය කෙතරම් නපුරු අත්දැකීමක්දැයි පැවසිය යුතු නැත.

(***)



අදහස් (0)

ජනතා වගකීම් පැහැර හැරීම් කොරෝනා උවදුරට හේතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1344 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 830 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 351 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 757 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 369 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 481 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1281 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1537 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site