IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කල් නොමරා රටේ ස්ථාවරත්වය ගොඩනගමු

ආණ්‍ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්‍වාසභංග යෝජනාවට සහාය ලබා ගැනීමට සහ අන්තර්කාලීන ආණ්‍ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත්වූ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර තීරණාත්මක හමුවක් ඉකුත් 25 වැනිදා පැවැති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. අන්තර්කාලීන ආණ්‍ඩුවක් පිහිටුවීම සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට ජනාධිපතිවරයා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ලිපියකින් දැනුම් දී ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් පැවසූ බව සඳහන් පුවතක්ද අප පුවත්පතේ ඊයේ පළවිය. මේ අතර මේ සම්බන්ධ තවත් ප්‍රවෘත්තියක් ඊයේ දිනයේම වාර්තා විය. එයින් කියැවුණේ රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේදී 25 වැනිදා රාත්‍රියේ පවත්වා ඇති බවය.

අඛණ්‍ඩව රට තුළ මහජන උද්ඝෝෂණ පණ ලබමින් තිබේ. ගාලු මුවදොර පිටිය එකම හිස් ගොඩකි. ඔවුන්ගේ ඉල්ලීම වහා ගෙදර යනු යන්නය. එම සටන් පාඨයට වලංගු බවක් නිර්මාණය කරමින් ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, හා භූමිතෙල් පෝලිම් රට පුරාම දක්නට ලැබේ. විදුලිය කැපිල්ලද එසේමය. ඉහළ ගොස් ඇති බඩු මිල හමුවේ ජනතාවට පාන් කියා ගැනීමටත් නොහැකිය. විඳවීම, වේදනාවක් බවට පරිවර්තනය වී සටන් බිම්වල නිසල වායුගෝලයේ පුපුරා යමින් තිබේ. විසඳුමකට යාම තවත් කල්මැරීම යනු මේ රට ලේ කුහරයක් වෙත රැගෙන යාමකි.

පළමුව මතු වූයේ ආර්ථික අර්බුදයකි. එම අර්බුදය නිසි පරිදි කළමනාකරණය කිරීමට අසමත්වීමේ තාර්කික ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත දේශපාලන අර්බුදයක් මතුවී තිබේ. අර්බුදයට නිදැල්ලේ වර්ධනය වීමට ඉඩ හැරීමෙන් විශාල සමාජ අර්බුදයක් මතුවී තිබේ. කල් නොයවාම විසඳුම වෙත අවතීර්ණ විය යුත්තේ එහෙයිනි.

අර්බුදය විසඳාගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ හිඳිමින් ආණ්‍ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත්ව කටයුතු කිරීමෙනි. ඉන් බැහැර වූ කිසිදු විසඳුමක් යථාර්ථයක් නොවේ. එමෙන්ම එබඳු විසඳුමක් යනු එකක් පසුපස එකක් වශයෙන් තව තවත් අර්බුද නිර්මාණය කිරීමකි. ඒ අනුව පවතින දේශපාලන අර්බුදයට ඇත්තේ විසඳුම් දෙකකි. ඉන් පළමුවැන්න නම් ජනාධිපතිවරයාද එකඟවී ඇතැයි පැවසෙන අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමය.

අන්තර්කාලීන ආණ්‍ඩුවක් යනු රටේ ආර්ථිකය අර්බුදය ඉක්මනින් විසඳා ගැනීම සඳහා ගතයුතු පියවර ගැනීමට කෙටි කාලයක් සඳහා පිහිටුවන ආණ්‍ඩුවකි. එය මහ පොළොවේ යථාර්ථයක් වීමට නම් අවම තරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම ඒකරාශී විය යුතුය. රට ගැන සිතන්නේ නම් දුක් විඳින ජනයා එම සැහැසි ග්‍රහණයෙන් ගලවා ගැනීමේ ඇත්ත අවංක වුවමනාවක් වේනම් එසේ සහාය දීමට බාධාවක්ද නැත. අප මේ මොහොතේ බැලිය යුත්තේ රට දෙස මිස තම තමන්ගේ දේශපාලන අනාගතය දෙස නොවේ. එහිදී ඒ ඒ දේශපාලන පක්ෂවල සියයට සියයක්ම එකඟ විය නොහැකි යෝජනා තිබිය හැකිය. ඒවා රට වෙනුවෙන් දරා සිටීමේ පරිණත බව දේශපාලනඥයන්ට තිබිය යුතුය. 74 වසරක් මුළුල්ලේ කාකොටා ගත්තාක් මෙන් මේ මොහොතේදී දේශපාලන බල සූදුව පෙරට ගන්නේ නම් ගමේ ගොඩේ භාෂාවෙන් ලියන්නේ නම් මිනීවලට හෙණ ගහන අපරාධයකි.

අර්බුදය විසඳා ගත හැකි දෙවැනි මාර්ගය වන්නේ ආණ්‍ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය ජයග්‍රහණය කරවා ආණ්‍ඩු බලය අතට ගැනීමය. තමන්ට බහුතර බලය තිබෙන බව විපක්ෂයේ නායකයෝ කියති. එසේ නම් අර්බුදය තව තවත් කුණුවී යාමට පෙර ඉක්මනින් එම ක්‍රියා මාර්ගයට යා යුතුය. ඒ සඳහා තවත් කල් බලා සිටීමට යමකු කටයුතු කරන්නේ නම් එයද මේ මොහොතට අදාළව සමාව දිය නොහැකි වරදකි.

රටේ දේශපාලන අස්ථාවර බව රටේ ආර්ථිකයට ඍජුවම බලපායි. විදේශ ආධාර ලබා ගැනීමේදී විදේශ ණය ලබා ගැනීමේදී මෙන්ම ආයෝජකයන්ගේ පැමිණීමේදී හා සංචාරකයන් පැමිණීමේදී ප්‍රධාන සාධකය වන්නේ දේශපාලන ස්ථාවර බවය. දේශපාලන අස්ථාවර බව තුළ ඒ කිසිවක් සිදු නොවේ. එහි තාර්කික ප්‍රතිඵලය වන්නේ දැනට තිබෙන ආර්ථික අර්බුදය තව තවත් තියුණුවීමය. එය එසේ වන විට එය රටේ පැවැත්මට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරනු ඇතැයි ද යන්න පැවසීම පුරෝකථන හැකියාවෙන් එපිට පිහිටියකි.

අරගල බිමේ සිටින්නෝ නිර්පාක්ෂික පොදු ජනතාව වෙති. ඔවුන් සටන් බිමට පිවිස සිටින්නේ පොදු සාධකයක් මත පිහිටාය. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට අහිමි කළ ජීවිතය යළි ලබා දෙන ලෙසය. එම සාධාරණ හඬට යුක්තිගරුක ඉල්ලීමට සාධාරණය ඉටුවිය යුතුය. එමග නොයා තම දේශපාලන බල සූදුව ජය ගැනීමට යමකු අපේක්ෂා කරන්නේ නම් එයට ජාතියෙන් සමාව නොලැබෙනු ඇත.

(***)



අදහස් (0)

කල් නොමරා රටේ ස්ථාවරත්වය ගොඩනගමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 386 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2169 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site