IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අමෙරිකාවේ කොන්දේසි යහපාලනයකට රුකුලක්

වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු රඳවාගෙන සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන ගණනක ණය සහනය කෙරෙහිය. එම ණය ආධාරය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව දැන් මාස ගණනාවක සිට සාකච්ඡා පවත්වමින් සිටියි. ණය ආධාරය ලබාදීම සම්බන්ධයෙන් පරස්පර අදහස් ආණ්ඩුවෙන්ද මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට සහභාගි වන නියෝජිත පිරිසෙන්ද නිකුත් වෙමින් තිබේ. ඒ අතරවාරයේ ශ්‍රී ලංකාවත් මූල්‍ය අරමුදලත් අතර ඇතිවිය හැකි එකඟතාවේ කොන්දේසි සම්බන්ධයෙන් අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව මගින් පසුගියදා නිකුත් කෙරුණු වැදගත් ප්‍රකාශයක් කෙරෙහි අවධානය යොමුකිරීමට කැමැත්තෙමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමේදී ඒ සඳහා වැඩිම බලපෑම් කිරීමට හැකියාව ඇත්තේ අමෙරිකාවට බව රහසක් නොවේ. මේ නිසා අමෙරිකාව කොන්දේසි සම්බන්ධයෙන් කතා කරන විට ඒ ගැන ඉහළම අවධානය යොමුකිරීම අවශ්‍යය. එම කොන්දේසි ඉටුකිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් අරමුදලේ ණය ලබාගැනීම සම්බන්ධයෙන් පවතින බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවන බැවිනි. මූල්‍ය අරමුදලට නොගොස් අපේ ආර්ථික ගැටලු‍ අපටම විසඳාගත හැකි බවට පාරම්බෑ සියලු‍ම නිලධාරීන්, අධිපතිවරුන් සහ දේශපාලනඥයන් මේ වනවිට ඇටිකෙහෙල් කෑ උගුඩුවන් බවට පත්ව සිටින තත්ත්වයක අඩුම තරමින් මේ කොන්දේසි තුන හෝ ඉටුවන තැනට වත්මන් පාලකයන් වගබලාගත යුතුය.

අමෙරිකාව පනවා ඇත්තේ ප්‍රධාන කොන්දේසි තුනකි. එයින් පළමුවැන්න ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ස්වාධීන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වීමට ඉඩ හැරිය යුතු වීමය. දෙවැන්න රට ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ගයකට අනුගතවීමය. තුන්වැන්න නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමය.

මේ කොන්දේසි පනවන අමෙරිකානු සෙනට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව ප්‍රකාශ කරන්නේ මෙකී අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොකළොත් ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික අව කළමනාකරණයට සහ පාලනය කළ නොහැකි ණය තත්ත්වයකට යොමුවනු ඇති බවය. මෙහි අරුත අදාළ කොන්දේසි තුන සපිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය පහසුකම අනුමත නොකිරීමට ඉඩ ඇති බවය. එවැනි අවදානමකට රට ඇද දැමීමට වඩා අදාළ කොන්දේසිවලට අනුගතවීම මේ අවස්ථාවේ කළ යුතු ප්‍රමුඛතම කාර්යය බව පෙන්වා දිය යුතුය.

නිවැරදිව කල්පනා කළහොත් මේවා කොන්දේසි නොව රටක පාලනයකට අත්‍යාවශ්‍යම සාධක බව තේරුම් ගැනීම අසීරු නැත. කිසියම් රටක මහ බැංකුව රාජ්‍ය පාලකයන්ට ඕනෑ හැටියට හසුරුවාගත හැකි නම් එවැනි ආයතනයකින් රටේ ආර්ථිකයේ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ වගකීම ඉටුවන්නේ නැත. ඒ වෙනුවට සිදුවෙන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා සපුරාදීම පමණි. එය රටේ ආර්ථිකය වළපල්ලට යවන ක්‍රියාමාර්ගයකි. ඒ බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරයම උදාහරණයට ගත හැකිය. ආණ්ඩුවේ පට්ටම් දැරූ පුද්ගලයකුට මහ බැංකුවේ අධිපතිකම බාරදීමෙන් සිදුවූ නස්පැත්තියම අමෙරිකාව පළමු කොන්දේසිය දැමීමට හේතු වන්නට ඇත.

දෙවැනි කොන්දේසිය වන්නේ රට තුළ ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ගයක් පවත්වාගෙන යාමය. ශ්‍රී ලංකාව යනු දූෂණය ඉහවහා ගිය රටක් බවට ලෝකය පුරා පවතින මතය කෙතරම් ප්‍රබලදැයි එම කොන්දේසිය පැනවීමෙන් කියවෙයි. මේ රටේ දූෂණය පටන් ගත්තේ ඉහළ දේශපාලනඥයන්ගෙනි. ඉන්පසුව එය රාජ්‍ය නිලධාරීන් කරාද පැතිර ගියේය. අවසානයේ රටට පැමිණෙන ආයෝජකයන්ගෙන් කෙළින්ම සීයට 10, 20, 30 ඉල්ලන මට්ටමට දූෂණය පැතිර ගියේය. එයින් එම පිරිස තාවකාලික වින්දනයක් ලබන්නට ඇත. එහෙත් අද මුළු රටම මේ තරම් විශාල අර්බුදයක පැටලීමට එම ඉහවහා ගිය දූෂිත ක්‍රියාද ප්‍රබල ලෙස බලපෑම් කර තිබේ. එම තත්ත්වය වළක්වා ගැනීම ජාත්‍යන්තරයෙන් ණය ලබාගැනීමේ කොන්දේසියක් බවට පත්වීම හේතුවෙන් ලජ්ජාවට පත්විය යුත්තේ රටේ ජනතාව නොවේ. රට කරවූ දේශපාලන නායකයන්ය. මැති ඇමැතිවරුන්ය. එහෙත් අවාසනාවකට මෙන් මේ දූෂිත දේශපාලනඥයන් සහ නිලධාරීන් තුළ ලජ්ජාවක් ගෑවිලාවත් නැත.

තුන්වැනි කොන්දේසිය නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමය. වත්මන් රජය බලයට පත්වූ විට “එක රටක් එක නීතියක්” වශයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබීය. එහි මූලික වාර්තාවද ජනාධිපතිවරයාට බාරදුන් බවද වාර්තා විය. බලයේ සිටින ආණ්ඩුව සඳහා එක් නීතියක්ද විපක්ෂය සඳහා විවිධ ආකාරයට ක්‍රියාත්මක වන නීතිද සම්බන්ධයෙන් අපේ රටට ඇත්තේ අඳුරු අතීතයකි. අඩුම තරමින් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට මේ අවස්ථාව හෝ යොදාගැනීම ආණ්ඩුවේ වගකීමය.

ඉහත සඳහන් කොන්දේසි තුන ක්‍රියාත්මක කිරීම මූල්‍ය අරමුදලේ ණය ලබාදෙන බවට සහතිකයක් නොවුණද ඒ හරහා අඩු තරමින් මේ රට අනාගතයේදී හෝ කිසියම් අභිමානයක් සහිතව ජීවත් විය හැකි රටක් බවට පත් කිරීමට ඉවහල් වනු ඇත.

(***)



අදහස් (1)

අමෙරිකාවේ කොන්දේසි යහපාලනයකට රුකුලක්

සෞදි-සිංහ Friday, 15 July 2022 12:01 PM

මෙම කොන්දේසි ක්‍රියාත්මක කරන තුරු IMF ණය ලබා නොදීම ඉතාම යෝග්‍යයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site