IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


අඩවියක් අනතුරට දැමූ කොටගල කෝවිල් උළෙල

කොටගල දිඹුල බෝගහවත්තේ කෝවිලේ ඉකුත් දිනෙක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එම කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සුදර්ශන් මහතා පැවැසූ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කිසිදු අනුමැතියකින් තොරව හින්දු පූජකවරයකු සහභාගි කර ගනිමින් කිසිදු නිරෝධායන සෞඛ්‍ය උපදෙසක් නොපිළිපදිමින් එම උත්සවය පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ලොවත් රටත් වැටී ඇති අනතුර කියවා තේරුම් ගැනීමට අසමත් අනුවණ ජනයාට හාත්පස සිසාරා බැලීමෙන් වුවද කරුණු කාරණා වටහාගත හැකිය. විද්‍යුත් මාධ්‍ය තත්පරයෙන් තත්පරයට තොරතුරු වාර්තා කරමින් සිටී. මුද්‍රිත මාධ්‍ය සවිස්තරාත්මක තොරතුරු වාර්තා කරමින් සිටී. එහෙයින් ලොවෙත් රටෙත් තත්ත්වය නොදන්නේ යැයි යමකු කියන්නේ නම් ඒ ගොං තක්කඩියෙකි. එපමණක් නොව ලොවෙත් රටෙත් තත්ත්වය කුමක් වුවත් තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට කර ගැනීමට යමකු ඉදිරිපත් වන්නේනම් එය තක්කඩිකම ද ඉක්මවා ගිය ත්‍රස්තවාදී ක්‍රියාකාරකමකි. ත්‍රස්තවාදියා රටේ නීතියට යටත් නොවී එයට අභියෝග කරයි. සමාජ සම්මුතීන්, සම්ප්‍රදායන් හා සකල සාරධර්ම අභිබවා කටයුතු කරයි. ලේ පිපාසිත විෂම මනසට එය කළ හැකිය. මේ මොහොතේ රටේ තත්ත්වය නොසලකා නොතකා හිතුවක්කාර ලෙස හා මුග්ධ හා පිළිකුල් සහගත ලෙස යමකු හැසිරෙන්නේ නම් හෙතෙම ලේ පිපාසිත ත්‍රස්තවාදියකුගෙන් වෙනස් නොවේ. කිසි ලෙසකින් වෙනස් නොවේ. කොටගල ප්‍රදේශයේ කෝවිල් දෙකක මහජනයා රැස් කර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උත්සව පැවැත්වීම මහජනයාට ආශිර්වාද කිරීමක් නොව බිලි පූජාවක් පැවැත්වීමට සමානය.

එළැඹ ඇත්තේ සියලු ජනයා උපරිමයෙන් කැපකිරීම් කළ යුතු මොහොතක්ය. රටේ සාතිශය බහුතරයක් ජනයා එසේ කටයුතු කරමින් සිටිති. පවුලේ සමිපතමයකු මියගිය පසු ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් චාම් ආකාරයට අවසන් කටයුතු කරති. එය එක් අතකින් බරැති කම්පනයක් ඇති කරන්නකි. එහෙත් මේ මොහොතේ එම කැපකිරීම කළ යුතුය. විවාහ මංගලෝත්සවය ජීවිතයේ අසිරිමත්ම අත්දැකීමය. පැරැන්නන් කී පරිදි ගම් හතකට ඇසෙන සේ මඟුල් කන දවසකි. ජීවිතයේ නැවත වරක් එම දිනය නොඑළැඹේ. එහෙත් අප රටේ ජනයා ඉතා අඩු සහභාගීත්වයකින් යුතුව චාම් ලෙස මංගල උත්සවය පවත්වති. නිවෙස්වල එළැඹෙන වෙනත් මංගල අවස්ථා වුවද සැණකෙළි සාද ආදියෙන් තොරව ‘චාමෙට’ ගැනීමට පෙළඹී සිටිති.

පෞද්ගලික ජීවිතයේ එබඳු මහා කැපකිරීම් කරන ජනයාට වෙසක් උත්සවය, පොසොන් උත්සවය අහිමි විය. නත්තල අහිමි විය. හජ්ජි උත්සවය අහිමි විය. ඒවා හදවතින් සැමරීමට සිදුවිය. ජනයා බොහෝ උපේක්ෂාවෙන් සියල්ල දරා සිටිති. මාරයාට එරෙහිව අනවරත අරගලයක යෙදෙන්නේ එබඳු අනුහස් සහිත මහා කැපකිරීම් මධ්‍යයේය. කොරෝනා මාරයා පරාජය කිරීමට වෙනත් මඟක් නැත.

පුරා වසර එකහමාරක කාලය තුළ මෙරට දූ පුතුන්ට පාසල අහිමිවී තිබේ. ජීවිතයේ වසර එක හමාරක කාලයක් අධ්‍යාපනය අහිමිවීම යනු නැවත කිසි කලෙක එම අඩුපාඩුව පිරිමැසිය නොහැකිය. එහෙත් කුමක් කරන්න ද යනුවෙන් අවිනිශ්චිත හෙට දවස පිළිබඳ සුබ සිහින දකිමින් කටයුතු කිරීමට දූ පුතුන්ට සිදුවී තිබේ. පෞද්ගලික ජීවිතය පවත්වාගෙන යාමටත්, සාමාජීය ජීවිතය පවත්වාගෙන යාමටත්, ආගමික ජීවිතය හසුරුවා ගැනීමටත් පළමුව රට ඉතිරි වී තිබිය යුතුය. රට රැකුණොත් දැනට අහිමි වූ සියල්ල අපට ලබාගත හැකිවනු ඇත.

ඉන්දියාව පුරා කොරෝනා මාරාන්තික වයිරසය සුනාමියක් මෙන් රළ ගසා ගම් නියම්ගම් නගර ජනපද සිසාරා පැතිර යාමට ‘කුම්භ මේලා’ සැණකෙළිය හේතු වූ බව රහසක් නොවේ. ශුද්ධ වූ ගංගා නදියේ ස්නානයට ලක්ෂ ගණනින් ජනයා එක්රොක් වූහ. මාරක වසංගතයක් තම රට ගිල ගනිමින් සිටින බව එම ජනයා අමතක කළහ. ඒකාන්ත ප්‍රතිඵලය වූයේ නූතන ඉන්දියාව පුරාතන විශාලා මහ නුවර බවට පත්වීමය. සියලු වෙර වෑයම් දැරිය යුත්තේ අප රට එම සැහැසි උවදුරට ගොදුරුවීම වැළැක්වීමටය.

කුඩා උල්පතකින් නික්මෙන ජල බිංදුවක් අවසානයේදී හඬා බසින මහා ගංගාවක් බවට පත්වේ. කුඩා ගිනි දැල්ලකට මහා ගිනි ජාලාවක් මැවිය හැකිය. කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපිට කුඩා හෝ වරදකට ඉඩක් නොදිය යුතුය. මුග්ධයකුගේ කුඩා වරදකට මහා පරිමාණයෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ මුළු මහත් රටටම ය. අනතුරේ බරපතළකම නිසාම දින දහයකට රට වසාදමා තිබෙන තත්ත්වයක් යටතේත්, නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොටගල ප්‍රදේශයේ කෝවිල් දෙකක බිලි පූජා පැවැත්වූ එම කෝවිල්හි පාලක සභාවලට දැඩි දඬුවම් පැමිණවිය යුතුය.

(***)

 



අදහස් (0)

අඩවියක් අනතුරට දැමූ කොටගල කෝවිල් උළෙල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 475 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17004 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 677 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site