සීනි කොතරම් පැණි රස වුවද පසුගිය දිනවල සීනි සම්බන්ධයෙන් ඇසුණේ තිත්ත කතාවකි. සත 25කට තිබූ සීනි කිලෝවක බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමත් ඒ බදු වැඩි කිරීමට මුවා වී සීනි ආනයනකරුවන් කිහිප දෙනකු රුපියල් කෝටි ගණනින් අයුතු ලාබයක් ලැබූ බවත් ඒ තිත්ත කතාවට පදනම් වී තිබිණි. මේ ආකාරයේම තිත්ත සීනි කතාවක් මීට පෙරද අනාවරණය විය. ඒ ගනුදෙනුවෙන් බඩ කට පිරෙන්නම අයුතු ධනයක් උපයා ගත් වෙළෙඳුන් පිරිසකගේ නම්ගම්ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය. මෙවර වෙනසකට ඇත්තේ එවැනි අයුතු ලාබ ලැබූ පිරිස තවමත් රහසිගතව සිටීම පමණි.
මෙවැනි මහා පරිමාණ දූෂණ ක්‍රියා සිදුවීමට ප්‍රධාන හේතුවක් වන්නේ රටේ බදු සම්බන්ධයෙන් රජය මගින් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ තොරතුරු කල් තබාම මේ රටේ ව්‍යාපාරික ජාලය අතට පත්වීමය. මේ බව අනාවරණය කර ඇත්තේද අමාත්‍යවරයකු වන මනූෂ නානායක්කාර මහතා විසිනි. සීනි බද්ද වෙනස් වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙර ව්‍යාපාරිකයන් අතට පත්වූයේ කෙසේදැයි මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රශ්න කර තිබිණි. බදු සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු නිලධාරීන් පමණක් බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ සීනි බදු වැඩි කිරීම ගැන දැන සිටියේ කවුරුන්දැයි සහ මේ පිළිබඳ තොරතුරු එළියට ලබාදුන්නේ කවුදැයි සොයාගැනීමට අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.
අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය අපිදු අනුමත කරමු. වංචනික ක්‍රියා සහ දූෂණ සිදුවීම වැළැක්වීමට නම් ව්‍යාපාරිකයන් වශයෙන් පෙනී සිටින ජාවාරමුන් අතට රහස්‍ය, සංවේදී තොරතුරු ලැබීමට වැට බැඳිය යුතුය. එහෙත් එය ප්‍රායෝගික නොවන හුදු කල්පිතයක් පමණක් බවද ඒ සමඟ පෙන්වා දිය යුතුය. මහා පරිමාණයෙන් බදු වංචා සිදුකරන ව්‍යාපාරික ජාලය මේ රටේ දේශපාලන සංස්කෘතිය සමඟ පවත්වාගෙන යන්නේ ප්‍රබල සබඳතාවකි. මීට කලින් වතාවේ සිදුවූ සීනි බදු වංචාව සම්බන්ධයෙන් කිසිදු ව්‍යාපාරිකයකුට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු නොකෙරෙන්නේ එම සංස්කෘතියේ මහිමය හේතුවෙනි. එම අවස්ථාවේද බදු වංචාවට ඇතැම් දේශපාලනඥයන්ගේ තිබූ ගජමිතුරු සබඳතා පිළිබඳ හෙළිදරව් විය. එහෙත් ඒ ගැන සෙවීමට කිසිදු පරීක්ෂණයක් සිදු නොවීය. මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මෙවර කතා කරන අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවට වන පරීක්ෂණයටද ඊට වඩා වෙනස් ඉරණමක් අත්වීමට ඉඩක් නැත.
වංචා සහ දූෂණ ක්‍රියා වැළැක්වීමට ඉහළින්ම ආදර්ශය පැමිණිය යුත්තේ ආණ්ඩුවේ බලධාරීන්ගෙනි. ඒ සඳහා දූෂණ ක්‍රියා වැළැක්වීමේ පනත සම්මත කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම පනතේ වගන්ති ක්‍රියාත්මක කිරීමටද අප්‍රමාදව පියවර ගත යුතුය. එහෙත් නීති රීතිවල පවතින යම් යම් අඩුපාඩු හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළදී අල්ලස් හෝ දූෂණ පනත යටතේ නඩු පැවරීමක් සිදු වී නොමැති බවද සඳහන් වෙයි. මේ අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමකින් තොරව කුමන ආකාරයක හෝ පරීක්ෂණයක් පැවැත්වීම ඵල රහිතය. ඒවා නිරපරාදේ මහජන මුදල් නාස්තිවීමක් පමණි.
කුමන තත්ත්වයක් යටතේ වුවද සීනි බදු වැඩි කිරීමේදී බරපතළ වංචාවක් සිදුවී ඇති නම් ඒ පිළිබඳව සෙවීමට විමර්ශනයක් පැවැත්වීම අවශ්‍යය. වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීම කෙසේ වෙතත් අඩුම තරමින් ආණ්ඩුව ඇතුළේ බදු තොරතුරු පිටට යාම වළක්වා ගැනීමට හෝ එය උපකාරයක් වනු ඇත.
(***)
අපේ රටේ ජාතික ආදායම අඩුවීම රට බංකොළොත් තත්ත්වයට ඇද දැමූ එක් ප්‍රධාන සාධකයකි. ජාතික ආදායම එකතු කර ගැනීම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අසමත් වීම කොතරම් බර
ක්රිකට් වසන්තය එක්වරම රුදුරු ගිම්හානයකට යටත් වී තිබේ. ඉතිහාසයේ පළමුවරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් තහනම් කර තිබේ. එක්වරක් ක්රිකට්
‘මේ රට හදන්න බැරිද?’ යන ප්‍රශ්නය ආර්ථික අර්බුදය උග්‍රව ජනයා කබලෙන් වැටීමත් සමඟ සමාජයේ පතුළ බිඳගෙන ප්‍රකාශයට පත්වූ ප්‍රශ්නයකි. මන්දයත් මේ රට යනු සාපිපා
පින්නදූවගේ අරවින්ද ද සිල්වා යනු ක්‍රිකට් පුරාවෘතයකි. මෙරටින් බිහිවූ සාර්ථකම ප්‍රහාරාත්මක පිතිකරුවා ඔහු බව ඒකාන්තය. මෙරට ක්‍රිකට් වංශ කතාව වෙනස් කිරී
සීනි කොතරම් පැණි රස වුවද පසුගිය දිනවල සීනි සම්බන්ධයෙන් ඇසුණේ තිත්ත කතාවකි. සත 25කට තිබූ සීනි කිලෝවක බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමත් ඒ බදු වැඩි කිරීමට මු
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කර ඇති ප්‍රකාශය
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
බදු තොරතුරු පිටවීම වැළැක්විය නොහැකිද?