IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පාඩු ලබන රාජ්‍ය ආයතන ජාතික සම්පත් සේ සලකමුද?

සම්පත් යන්න උදෙසා නිර්වචන බොහෝය. ‘‘මුදල්, ද්‍රව්‍ය, කාර්ය මණ්ඩල හෝ වෙනත් වත්කමක්, යම් පුද්ගලයකු හෝ සංවිධානයක් විසින් කාර්යක්ෂම ලෙස මෙහෙයවනු ලබන විට එය සම්පතකි”‍ යන්න  ගූගල්  ආයතනය විසින් එයට දෙන නිර්වචනය යි.

‘‘රටකට සංවිධානයකට හෝ පුද්ගලයකුට විශේෂයෙන් ඔවුන්ගේ ධනය හෝ වත්කම් වර්ධනය කර ගැනීම උදෙසා ඉවහල් වන ඔවුන් සතු යම් දෙයක් හෝ වත්කම් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්ට සපයනු ලැබූ යම් දෙයක් සම්පතක් වේ”‍ යන්න ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය සම්පත් උදෙසා දෙන නිර්වචනය යි.

ජාතික සම්පත් විකිණීම යන වචනය නිතර මේ දිනවල භාවිතා වන නිසා සම්පත් යනු කුමක්ද යන්න විග්‍රහ කර ගැනීම වඩාත් වැදගත් වේ. ඇතැමුන් පාඩු ලබන රාජ්‍ය ආයතනය විකුණා දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම හඳුන්වනු ලබන්නේ ජාතික සම්පත් විකුණා දැමීමක් ලෙසය.

පාඩුවට දුවන රාජ්‍ය ආයතන 430ක් වැහෙයිද? විකුණයි ද? යන හිසින් ඉකුත්දා අප පුවත්පතේ පුවතක් පළ වූයේය. යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා පාඩු ලබන රජයේ ආයතන 430 ක් හඳුනාගෙන ඇති බව එම පුවතේ සඳහන් වන අතර ඇතැම් ආයතන කෝටි ගණනින් ලැබූ පාඩුව ද එහි දැක්වෙයි. ආයතන විකිණීම වසා දැමීම ඒකාබද්ධ කිරීම ප්‍රතිව්‍යුහගතකරණය ඔස්සේ සිදුවන අතර එම ආයතන උදෙසා භාණ්ඩාගාරය මුදල් වැය  කිරීම නවතා දැමීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද එම පුවතේ සඳහන් වෙයි.

දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වා ගැනීම  උදෙසා වැය වෙන්නේ ජනතා මුදල් ය. භාණ්ඩාගාරයට දේශීය ආදායම් ලෙස එකතු වෙන්නේ ජනතාව ගෙවූ බදු මුදල්ය. යම් ආයතනයක් දිගින් දිගටම ජනතා මුදල් කාබාසිනියා කරයි නම් එය තවදුරටත් ජාතික සම්පතක් වේ ද? සම්පත් පිළිබඳ ඉහත දැක්වූ නිර්වචන වෙත අවධානය යොමු කිරීමෙන් ‘නැත’ යන පිළිතුර එම ප්‍රශ්නයට එසැණින්ම ලැබේ.

එම පුවතේ දැක්වෙන්නේ පාඩු ලබන ආයතන ගැනයි. එහෙත් ලාභ ලැබූ බව කියැවෙන ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රාග්ධන වියදම් ලෙස දැරූ පිරිවැය, ලැබුවේ යැයි කියන ලාභය හා සඳහා බැලූ විට ඒවාද ලාභයක් නොලැබූ තරම් වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ද එවැන්නකි. ප්‍රාග්ධන වියදම් දරමින් ඒවා පවත්වා ගැනීමට වඩා විකුණා දැමීම සාපේක්ෂ වශයෙන් රජයට ලාභදායී වේ. එවැනි ආයතන පෞද්ගලිකකරණය කිරීමෙන් රජයට ලැබෙන බදු ආදායම සාපේක්ෂ වශයෙන් ලැබෙන ලාභයට වඩා වැඩි වේ. මහජන මුදල් වඩාත් ඵලදායි ලෙස භාවිතා කිරීම රජයේ වගකීමකි.

පසුගිය දශක කිහිපයේ දී රාජ්‍ය  ව්‍යවසාය පාඩු ලබන අකාර්යක්ෂම තත්ත්වයට  පත්වූයේ දේශපාලන තීරණ හේතුවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. අමාත්‍යවරුන් යටතේ තිබූ රාජ්‍ය ව්‍යවසායවලට දේශපාලන තීරණ මත සේවකයන් බඳවා ගැනීමේදී ඵලදායි බව තඹයකට නොසැලකිනි. මැති ඇමතිවරුන් තම තමන්ගේ හිතවතුන් රාජ්‍ය අංශයේ රැකියාවලට රිංග වූයේ කුසලතාව සලකා බලා නොවේ. ඒ අයගෙන් බොහෝ දෙනා කළේ වෘත්තිය සමිති හරහා  වැඩි පඩිත්, අඩු වැඩත් උදෙසා කේවල් කිරීමයි. පාඩු ලබන රාජ්‍ය ආයතන ජාතික සම්පත් බව කියමින් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි වන බොහෝ වෘත්තිය සමිති වල පසුබිම ද එවැනි ය.

තවදුරටත් රජයේ හිමිකාරිත්වය යටතේ පාඩු ලබන රාජ්‍ය ආයතන තබා  ගනිමින් මහජන මුදලින් ඒවා නඩත්තු කළ යුත්තේ ඇයිද යන්න පිළිබඳ පැහැදිලි විග්‍රහයක් හරිහැටි එම වෘත්තීය සමිති වලින් ඉදිරිපත් වී නැත.

රාජ්‍ය ආයතනය විකිණීම, අහෝසි කිරීම හෝ ඒවායේ අධීක්ෂණය පෞද්ගලික අංශවලට බාර කෙරෙන්නේ නම්, අනිවාර්යයෙන්ම එම කර්තව්‍යය විනිවිද පෙනෙනසුළු බවකින් සිදුවිය යුතුය. එම ප්‍රතිව්‍යුහගත  කිරීමේ ගනුදෙනු දේශපාලන බලවතුන්ට පෞද්ගලික වාසි සැලසෙන ඒවා නොවිය යුතුය. විනිවිද පෙනෙනසුළු බව මෙහිදී පවත්වා නොගන්නේනම් එයින් වාසි සැලසෙන්නෙ පාඩු ලබන රාජ්‍ය ආයතන සම්පතක් ලෙස දකිමින් මහජන මුදල් තවදුරටත් ඒවා නඩත්තු කිරීම සඳහා යෙදවිය යුතු බව කියන්නන්ටයි. නිසි ක්‍රමවේදයක් අනුව  ප්‍රතිව්‍යුහගත  කිරීම් නොකළහොත් ඒ උදෙසා මහජන මතය දිනා ගැනීම අසීරු වනු ඇත.

(***)



අදහස් (2)

පාඩු ලබන රාජ්‍ය ආයතන ජාතික සම්පත් සේ සලකමුද?

dila Wednesday, 24 May 2023 03:31 PM

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි...!

:       1       2

de silva Monday, 12 June 2023 02:06 PM

ඔවුන්ට හොරකම් කිරීමට සහ දේශපාලන ආධාරකරුවන්ට රැකියා ලබාදීමේ අවස්ථා වැළකෙන නිසා රාජ්‍ය ව්‍යාපාර පුද්ගලික අංශයට පැවරීමට දේශපාලකයින් කැමැති නෑ. මේවා සම්පත් නොවේ... ජනතාවගේ බෙල්ලට වැටුණු උරචක්‍රමාලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 114 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site