IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නමක් දිනාගත් ක්‍රිකට්වල ගෞරවය දිගටම රකිමු

ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගන්නා බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඉකුත්දා නිවේදනය කළේය. තහනම පැනවූ දිනයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය පිළිබඳව ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මෙම ප්‍රවෘත්තිය ක්‍රීඩාලෝලීන් තුළ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන් තුළ බලවත් ප්‍රීතියක් නිර්මාණය කිරීමට හේතු වන්නකි. මන්දයත් දුගී අප සතු පරම ධනය මෙම ක්‍රීඩාව වන හෙයිනි. ලෝක සිතියමේ අබැටක් තරමේ කුඩා රටක් වුවද දේශ දේශාන්තර දිග්විජය කරමින් ප්‍රාතිහාර්ය පෑමට අප රට සමත් වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආනුභාවයෙනි. 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට අර්ජුන රණතුංග සහ පිරිවර සමත්වීමත් සමග මෙරට ගම් නියම්ගම් නගර ජනපද සිසාරා ගංවතුරක් මෙන් ක්‍රිකට් ක්‍රීඩාව පැතිර ගියේය. අදටත් මෙරට ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්ය. සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, ටී.එම්. දිල්ෂාන්, ලසිත් මාලිංග වැනි අති විශිෂ්ට ක්‍රීඩකයෝ ලොව ඉදිරිපිට රට බැබලූහ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මේ මොහොත වනවිටත් ශ්‍රී ලංකා නාමය රනින් ලියමින් සිටින්නීය. ජාත්‍යන්තර ක්‍රිකට් සභාව 2023 වසරේ අයි.සී.සී. ක්‍රීඩිකාව ලෙස සම්මානයට බඳුන් කරනු ලැබුවේ චමරි අතපත්තු ය. එමෙන්ම 2023 අයි.සී.සී. එක්දින කණ්ඩායමේ නායිකාව ලෙස ද චමරි අතපත්තු නම් කළේය. මෙය වූ කලී අප රටට ඉමහත් අභිමානයකි. ගෞරවයකි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අප රටට කොතෙක් දුර යා හැකි දැයි පෙන්වන කැඩපතකි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව අප රටට එරෙහිව වාරණයක් ගෙන ආවේ ඇයිද යන්න මේ මොහොතේ යළිත් විමසා බැලිය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සාමාජිකයකු වශයෙන් එහි වගකීම සහ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව මෙන්ම එහි පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතළ ලෙස උල්ලංඝණය කර ඇති බව සැලකිල්ලට ගනිමින් පසුගිය නොවැම්බර් මාසයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව අප රටට එරෙහිව වාරණය දැම්මේය.

ක්‍රිකට් යනු ඩොලර් උල්පතක් බව ඒකාන්ත සත්‍යයකි. එහෙයින් විවිධ වර්ගවලට අයත් බඩජාරීහු ක්‍රිකට් පරිපාලනයට බැල්ම හෙලති. 1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයත් සමග මෙම තත්වය ප්‍රචණ්ඩ ප්‍රවාහයක් බවට පත් විය. දේශපාලනඥයෝ ද තමන්ගේ රැස් වළල්ල වෙනුවෙන් ක්‍රිකට් පරිපාලනයට අත පොවති. එබඳු ‘තුට්ටු දෙකේ’ වැඩ අන්තර්ජාතික ක්‍රිකට් සභාව නොඉවසන බව මෙම දේශපාලනඥයෝ නොතැකූහ. අවසානයේදී සිදු වූයේ අප රටට ක්‍රිකට් වාරණයක් පැනවීමය.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවේය. ක්‍රිකට් තහනම නිසා එම තරගාවලිය දකුණු අප්‍රිකාවට ගියේය. එම ලෝක කුසලාන තරගාවලිය අප රටේ පැවැත්වීමට හැකි වූයේ නම් ඩොලර් අහේනියෙන් පෙළෙන මේ මොහොතට එය කදිම පිළිතුරක් විය හැකිව තිබිණි. එහෙත් එම අනගිතම අවස්ථාව අප රටට අහිමි විය.

ක්‍රිකට් ක්‍රීඩාව සමග ‘‘සෙල්ලම්’’ කරන ඒ බලාපොරොත්තුවෙන් පසුවන පිරිස් තේරුම් ගත යුතුව තිබෙන්නේ හන්දිවල චණ්ඩි මෙන් හැසිරෙමින් ජාත්‍යන්තරය සමග කටයුතු කළ නොහැකි බවය. එමෙන්ම ක්‍රිකට් පරිපාලනයේ කවුරු සිටියද එය අදූෂිතව හා අව්‍යාජව මෙන්ම විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට ඔවුන් වගබලාගත යුතුය. නොඑසේනම් අලාභය හා නින්දාව රටටය.

(***)



අදහස් (3)

නමක් දිනාගත් ක්‍රිකට්වල ගෞරවය දිගටම රකිමු

fairoos Thursday, 01 February 2024 06:47 PM

ක්‍රිකට් තහනම ශම්මිගේ වැඩක් බව දන්නේ නැද්ද?

:       0       4

kusal Tuesday, 06 February 2024 08:26 AM

සතුට? ඔබ සතුටු වෙනවා ඇති! මෙම ලිපිය ශම්මි ඇන්ඩ් කම්පැනියේ මුදලට කහින කාක්කෙක්ගේ වැඩක්... ICC නොවේ... ඕන කෙනෙක් තහනම ඉවත් කරත් ශම්මි ඇන්ඩ් කම්පැනි කට්ටිය ඉන්නකම් අපි ක්‍රිකට් බලන්නේ නැහැ..

:       0       2

Lalla Friday, 09 February 2024 12:13 PM

වල්කමේ යන පරිපාලකයෝ සිටින ක්‍රීඩාවක අනාගත අපේක්ෂාවක් නෑ. ක්‍රීඩකයෝ පරිපාලකයෝ අනුගමනය කරන්න පටන්ගත්තා... උසාවි ගියා නිදහස් වුණා. ඇත්ත. නමුත් සිද්ධිය විමසා බැලුවාම තේරෙනවා ක්‍රීඩකයෝ කොතරම් අසික්කිත විදියට කටයුතුවල නිරත වෙනවාද කියලා.. එකම හේතුව... පවුල්වල පසුබිමේ වරද...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1645 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site