IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


ජාතික ආරක්ෂාවේ සූදානම නිරන්තරයෙන් අවශ්‍යයි

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ වැදගත්කම අවධාරණය කෙරෙන සිද්ධියක් පසුගිය දින කිහිපය පුරාම අප පුවත්පත වාර්තා කළේ ය. එම සිදුවීම නම්, ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ශ්‍රී ලාංකිකයන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීම ය. ගුජරාටි පොලිස් ප්‍රධානී විකාශ් සාහේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එම ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ බවත් ඔවුන් ඉන්දියාවට පැමිණ ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් බවත් ය.

පාස්කු දින ප්‍රහාරයෙන් කම්පිත හදවත් ඇත්තවුන්ට මෙම ප්‍රවෘත්තිය බොහෝ සෙයින් භීතියට පත් කරවන්නකි. ඉතාම රහසිගතව එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ ද ප්‍රහාරයට සති ගණනකට පෙර  ප්‍රහාරයට අදාළ සියලු තොරතුරු ශ්‍රී ලංකාවට එවීමට ඉන්දීය ඔත්තු සේවා පියවර ගෙන තිබිණි.

ජාතික ආරක්ෂාව ජාතික සමගියට යටත් කර කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රහාරය වළක්වාගැනීමට නොහැකි විය. එහි ප්‍රතිඵලය කවුරුත් දනිති. පාස්කු දින ප්‍රහාරකයන් ද අයි.එස්. සංවිධානයට සම්බන්ධ බව පසුව අනාවරණය විය.

අයි.එස්. සංවිධානයට සම්බන්ධ සිවුදෙනා  අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට  ගැනුණේ එහි සිටි ඉන්දීය ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන්ගේ දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටි නිසාය. එම සිවුදෙනා ගුවන් තොටුපොළේ රැඳී සිට ඇත්තේ ඔවුන්ගේ බාරකරු වූ පාකිස්තානයේ පදිංචි අබු නමැත්තාගෙන් උපදෙස් ලැබෙන තුරු බව ද අප පුවත්පත වාර්තා කර තිබුණේ ගුජරාටි පොලිස් ප්‍රධානී විකාශ් සාහේ මහතා උපුටා දක්වමිනි. ඉන්දිය ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම සිවුදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. එම ලැබුණු තොරතුරු නොසලකා සිටියේ නම් ඇති විය හැකි තත්වය සිතා ගැනීමටත් නොහැකි වනු ඇත. ඇතැම්විට එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික  අර්බුදයක් දක්වා දිග්ගැස්සී යාමට ඉඩ තිබිණි.

මාධ්‍ය වාර්තාවලට අනුව අයි.එස්. සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනාගේ මෙරට බාරකරු ද අත්අඩංගුවට ගෙන ඇත. එම ත්‍රස්තයන් සිවුදෙනාගේ නිවාස පරීක්ෂාවට ලක් කළ බව සඳහන් විය. 

මෙසේ ක්ෂණිකව ක්‍රියාත්මකවීම අතිශයින්ම වැදගත් ය. එමෙන්ම මේ  සම්බන්ධ අවධානය අඛණ්ඩව පවත්වාගෙන යාම ද වැදගත් ය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඉගෙනගත් පාඩම කිසි ලෙසකින් හෝ අමතක නොකළ යුතු ය.

වේළුපිල්ලේ ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කිරීමේ හැකියාව ලැබුණි. ආගමික උමතුව නිසා පාස්කු දින ප්‍රහාරකයන්ට තම ජීවිත පුපුරවා ගැනීමේ මෝඩ ශක්තිය ලැබිණි. ‘මොළ සේදීමෙන් ’ ඕනෑම අයකු එම තත්වයට පත්කර ගත හැකි බව පැහැදිලි ය. එහෙයින් මෙම තත්වය සරළව ගත යුතු නැත.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම යනු තවත් ජාතිකත්වයක් පීඩාවට පත් කිරීමකැයි වරදවා වටහා නොගත යුතු ය. එහෙත් එබඳු වලංගු නැති තර්ක මතු කරන පණ්ඩිතයෝ සිටිති. ඒවායින් සිදුවන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ මෙහෙයුම් අඩපණවීම ය. එබදු අත්දැකීම්  අප සමාජය සතුව අපමණ තිබේ.

අයි.එස්. සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා ඉන්දියාවේ කොටුවන තුරුම ඒ සම්බන්ධ  තොරතුරු  අනාවරණය කර ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතු ය. අපට අවධාරණය කිරීමට තිබෙන්නේ ‘අවදානමට වඩා සූදානම ඉතා වැදගත්’ බව ය.

(***)



අදහස් (3)

ජාතික ආරක්ෂාවේ සූදානම නිරන්තරයෙන් අවශ්‍යයි

chandima Saturday, 25 May 2024 07:04 AM

පාස්කු ගේම මේපාර ඡන්දෙටත් දෙන්න වගේ යන්නේ. පත්තරවල එහෙම දාලා කරලා.

:       1       3

sachith Sunday, 26 May 2024 05:42 PM

රටකට බුද්ධි අංශ තියෙන්නේ මේ වගේ දේවල් ගැන හොයන්න බලන්න පතිබුද්ධි මෙහෙයඅම් අවසාන මෙමෙයුම් වගේ දේවල් කරන්න මිසක් මේ වලේ කොවිඩ් ලෙඩ්ඩුන්ගේගේ සමිපතමයෝ හොයන්න නෙමෙයි

:       0       0

Udara Hemachandra Tuesday, 28 May 2024 11:14 AM

පාස්කු ප්‍රහාරයේ මුල් ගැන ඉන්දියාව කියුවේ 2007 ඉදන්

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

තෙල් සංස්ථා වංචාව වසර 8 ක්ම යටගැහීම
2024 ජුනි මස 24 128 0

වංචාවක් සිදුකිරීම බරපතළ වැරැද්දකි. එයින් රජයට සිදුවන පාඩුව මකා ගැනීමට එම පාඩුව ජනතාවගේ කර මතට බද්දක් වශයෙන් පැනවීම තවත් වංචාවකි. මේ දෙකම තෙල් සංස්ථාවේ


ප්‍රමිතියෙන් තොර ඖෂධ නිකුත් කිරීම ජාතික අපරාධයක්
2024 ජුනි මස 22 111 1

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට පසුදින වුවද අපට ලිවීමට සිදුවී තිබෙන්නේ සිත් නිවී සැනසීම් බවට පත් කරන කරුණක් නොව සිත් කීරිගස්වන්නට හේතුවන භීතිය අවුළු


රටට අභිමානය උදාකළ උතුම් පොසොන් පෝය
2024 ජුනි මස 21 114 0

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. සකල ලංකාවාසි ජනී ජනයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් අනුබුදු මිහිඳුමහරහතන් වහන්සේ මෙරටට වැඩම කර අභිමානවත් ශිෂ්ටාචාර


එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත මැකුවේ කාගේ වුවමනාවටද?
2024 ජුනි මස 20 575 2

උඩට ගත් හුස්ම පොද පහත හෙළන්නට අමතක කරවන තරමේ පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේ ය. එම ප්‍රවෘත්තිය අතිභයංකර වූවකි. එමෙන්ම ඇස් මානයෙන් එපිට ක්‍රියාත්මක දර


වතු කම්කරු ජීවන අරගලය සාධාරණව විමසුමට ලක්කරමු
2024 ජුනි මස 19 149 1

ජීවත් වීමට මුදල් අවශ්‍ය වෙයි. මිනිසා රැකියා කරන්නේත්, ව්‍යාපාර කරන්නේත් මුදල් ඉපැයීමටය. මුදලේ ස්වරූපය නම්, කෙතරම් ඉපැයුවත් එය ජීවත් වීමට ප්‍රමාණවත් නො


පොහොර ටිකෙනුත් ගසාකන මොවුන්ට දඬුවම් නැද්ද?
2024 ජුනි මස 17 229 0

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළින් කෝටි ගණනක් ගසාකෑ බවට චෝදනා ලැබ සිටින පොහොර සමාගම් හතකට සහ ඊට අනුබල දුන් කොළඹ පෙට්ටි කඩ පහකට එරෙහිව අධිකරණයට කරුණු වාර


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 235 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1446 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3221 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site