IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අධිකරණය තර්ජනවලින් රැකගැනීම ජාතියේ යුතුකමකි

පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක් පිළිබඳ ලැබුණු තොරතුර මෙරට පාතාලය සම්බන්ධ සිද්ධීන් නව මානයකට යොමුකර තිබේ. මේ තොරතුර නිසා තිළිණ ගමගේ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ලබාදෙන ලද උපදෙස් මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට ඊට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. විනිසුරුගේ ආරක්ෂාවට සියලු පියවර නොපමාව ගත යුතු බව අපි ද සඳහන් කරමු.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන සිදුකර සිද්ධියට අදාළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වහාම ක්‍රියාත්මක වීම අවශ්‍ය ය. මේ සිද්ධිය හුදෙක් මහේස්ත්‍රාත්වරයකුට එරෙහිව එල්ලවූ ඝාතන තර්ජනයක් වශයෙන් නොසලකා එය සමස්ත අධිකරණ ක්‍රියාදාමයට එල්ලවූ තර්ජනයක් වශයෙන් සැලකිය යුතුය. එම තර්ජනයට හේතු සාධක වශයෙන් සඳහන් වන්නේ පෞද්ගලික ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් නොව අධිකරණය විසින් ලබා දෙන ලද නියෝග හේතුවෙන් වීම වඩාත්ම බරපතළ කාරණය යි.

මීට පෙර අවස්ථාවකදී අපරාධකරුවකුට  එරෙහිව දුන් අධිකරණ තීන්දුවක් හේතුවෙන් කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කරනු ලැබූ බවද මෙහිදී සිහිපත් කරනු වටී.

එම ඝාතනයට එරෙහිව ඉතා ඉක්මනින් පොලිසිය ක්‍රියාත්මක වූ අතර කෙටි කලකින්ම එකී ඝාතන කුමන්ත්‍රණයේ සියලු විස්තර අනාවරණය කරගැනීමට පොලිසිය සමත්විය. ඒ සමග සැකකරුවන්ද අත්අඩංගුවට ගනු ලැබූ අතර ඝාතනයට පෙර එම සැකකරුවන් ආහාර ගත්  හෝටල්වල තොරතුරු පවා සොයාගෙන ඇත. එම සැකකරුවන් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ නඩු විභාගය ද වැඩිකල් නොගොස් අවසන් වූයේ සැකකරුවන් පෝරකයට නියම කිරීමෙනි.

මෙරට අධිකරණ ඉතිහාසය තුළ ලබාදුන් අධිකරණ නියෝග හේතුවෙන් විනිසුරුවරයකු ඝාතනය කිරීමක් පිළිබඳ සඳහන් වන්නේ එකී ඝාතනය පමණි. මේ නිසා අධිකරණ නියෝග හේතුවෙන් විනිසුරුවරයකුට මරණ තර්ජන එල්ල වීම බරපතළ කරුණක් වශයෙන් සලකා ඒ සම්බන්ධ සියලු තොරතුරු හැකි ඉක්මනින් අනාවරණය කරගැනීමට පොලිසියට හැකිවිය යුතුය.

විනිසුරුවරයාට ආරක්ෂාව සැලසීම වැදගත් වන්නාසේම මෙම ඝාතන කුමන්ත්‍රණයේ සැබෑ වැරැදිකරු හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීම ද එකසේ වැදගත් වෙයි.

මේ සිද්ධිය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා දැනුම්වත් වී ඇත්තේ ඔත්තුකරුවකු විසින් යොමුකරන ලද ලිපියක් හේතුවෙනි.  මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට එක්තරා පුද්ගලයකු තවත් අයකුගෙන් දුරකථන මාර්ගයෙන් ගිනි අවිය ඉල්ලා ඇති බවට එම ඔත්තුකරු ලබා දී ඇති තොරතුරු සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් තොරතුරු විමසා ඇතැයි ද ඒ අවස්ථාවේදී ගිනි අවිය ඉල්ලූ පුද්ගලයා සම්බන්ධව සියලු තොරතුරු හෙළිවී ඇතැයිද එමගින් සියලු සැකකරුවන් අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි ද බලාපොරොත්තු වෙමු.

පාතාලයන්ගේ මරණීය තර්ජන සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ විහිදී තිබිණි. තමන්ගේ විරුද්ධ කල්ලිවල සාමාජිකයෝ ද ව්‍යාපාරිකයෝ ද පොලිස් නිලධාරීහු ද දේශපාලනඥයෝ ද මේ පාතාලයන්ගේ මරණ තර්ජනවල ගොදුරු බවට පත්ව සිටියහ. ඒ ඇතැම් අය තර්ජනවලින් නොනැවතී පාතාලයේ උණ්‍ඩවලින් ජීවිත අහිමි කර ගත්හ. සමහරු මිලියන ගණන් වන්දි ගෙවා පණ බයේ හෝ ජීවත් වීමට අවස්ථාව ලබාගත්හ.

සෙසු පුද්ගලයන්ට එල්ල වන පාතාල මරණ වරෙන්තු අධිකරණයට එල්ල වීමට ඉඩ තැබිය යුතු නැත.

එම ඉඩ කඩ අහුරා දැමීමට කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එල්ලවූ මරණ තර්ජනයට එරෙහි විමර්ශන මගින් පොටක් පාදා ගැනීමට හැකිවනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

(***)



අදහස් (1)

අධිකරණය තර්ජනවලින් රැකගැනීම ජාතියේ යුතුකමකි

Perera Monday, 01 April 2024 07:38 AM

එක එක්කෙනාගෙන් තුවක්කු ඉල්ල ඉල්ලා පණිවිඩ යවනවද ඔහොම?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31136 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 267 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site