( නිමන්ති රණසිංහ)
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට එරෙහි නඩුව අද කැඳවු අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් කරුණු දැක්වු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.
නාලක ද සිල්වාට රිමාන්ඩ් නොකිරීමට පරිවේෂණ සහිතව ලබන නඩු වාරයේදී අදාල සාක්කි ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ අතර එදිනට ඔහු මුදා හරිනවාද නැද්ද යන්න පිළිබඳව නියෝග ප්‍රකාශ කරන බවද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
නාලකද සිල්වා මහතා ලබන 23 දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කළේය.

දිලීප පීරිස් මහතා




නාලක දසිල්වා අධිකරණයෙන් පිටව ගිය අයුරු
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
COMMENTS
ශ්රී ලංකාද්වීපයේ අනාගත නායකත්වය භාර දෙනු පිණිස සකල විධ යෝග්‍යතාව සපුරා සිටින ගරු. මාකඳුරේ මධූෂ්තුමා දිවයිනට සම්ප්‍රාප්ත වන තාක් අතිශය උද්යෝගයෙන් මග බලාගෙන සිටිමු……ගුවන් තොටුපලේ සිට රතු පලස මතින් කැඳවාගෙන යාමට අප සූදානම්ව සිටින බැවින් අතුලේදීම පිටරටකට පැනගන්නට වැඩ පිළිවෙලක් ඇත්නම් .. ...අඳෝමැයි...අපි අනාථය…..
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
මදුෂ්ව හිරගෙදරට එක්කන් යන ගමන් ඔහු තැනතැන හැංගූ ආයුධ ටිකත් හොයාගෙනම ගියොත් නේද හොඳ?
උත්තරේ :- ප්‍රශ්නකර මුදාහරින ලදී...
දැන් නිල කොළ දෙපැත්තේ කට්ටිය මරාගනී මධුෂ්ව බෙදා ගන්න,
මෙපමණ කලක් ප්‍රශ්න කරලත් මේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයාව වැරදි කරුවෙකු ලෙස නම් කිරීමට නොහැකි වුයේ ඔහු නිදොස් නිසාදැයි කෙනෙකුට සැක සිතීමට හැකිය. ඒ වගේම අධිකරණයේ ඇතැම් ප්‍රකාශ වලින්ද මොහු ඔය කියන වැඩේට සම්බන්ධ දැයි නැවත සිතීමට සිදුවේ. කෙසේ වෙතත්, එක්වරම අහසින් පාත්වූ නාමල් කුමාරයෙකු කී දෙයක් පස්සේ ගියා මිස මින් වෙනත් ප්‍රයෝජනවත් දෙයක් සිදුවුයේ නැත. නාමල් කුමාරට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය දීමට තරම් මේ සිද්ධිය පොහොට්ටුකාරයන්ට වැදගත් වුයේ ඇයිදැයි සිතීමට පර්යේෂණ අංශ කටයුතු නොකරන්නේ ඇයි ? සිදුවිය යුත්තේ මේ ගැන සොයා බැලීමයි.
අවුරුදු කන්න වෙන්න ඇති
ඉවසිල්ලක් නැහැ දකින තුරා ඔබේ සුදු මුහුණ ඔබේ.
මෙලහකටත් වැඩ සුදානම් කරලා ඇති, යන්න ඕන රට.