IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ෆෝන් එක කතකට දී අනුන්ගේ තොප්පියක් දාගෙන

(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවර පෞද්ගලික ආයතනයක මාණ්ඩලික නිලධාරියකු වූ ඔහු සති අන්තයේ දකුණේ පිහිටි සිය නිවෙසට ආවේ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස්රථයකිනි.


තම ආසනයේම එහා ආසනයේ සිටියේ වයස අවුරුදු පහක පමණ වයසේ වූ සුරතල් දැරියක් මව  සමඟයි. ඇය දුටු ඔහු නිවෙසේ වූ සිය දියණිය සිහිපත්ව ඇයට ජංගම දුරකථන ඇමතුමක් ගත්තේය.


අසල සිටි කාන්තාවද දුරකතන ඇමතුම ගත්තත් එය සාර්ථක නොවූ බව පෙනිණ. දුක්බර බැල්මක් හෙලූ ඇය ඔහු ඇමතුවේ දුකෙනි ‘‘සර් මගේ ෆෝන් එකේ බැටරි බැහැලා මට ඔබතුමාගේ  ෆෝන් එක පොඩ්ඩකට  දෙනවද?” ඇය විමසූ විට ඔහුටද දුක සිතී  සිය ජංගම දුරකතනය දුන්නත් ඇය සුළු මොහොතකින් එය ආපසු දුන්නේ ‘‘වැඩ කරන්නේ නෑ’’ කියමින් දැඩි කම්පනයකිනි.


 අධිවේගී මාර්ගයේ ගොස් බසය බස් නැවතුමක නතර කළ විට ඇය දරුවාද රැගෙන බැසගියේ තමාට කළ උදව්වට ස්තුතියක්වත් නොකරමිණි.


මොහොතකට පසු ඔහුගේ දුරකතනයට ඇමතුමක් ආවේ ගොරහැඩි  පිරිමි කටහඬකිනි. 


‘උඹද එහෙනම් මිනිහා. මගේ ගෑනිත් එක්ක දවස් ගානක් කොළඹ හිටියානං  උඹම ඒකි බාර  ගනින්.’’ තව මොනවදෝ කීවත් ඔහු කරුණු තේරුම් ගෙන දුරකතනයේ සිම් කාඩ්පත ගැලවූයේ ඉදිරියේදී තවත් ගැටලු මතුවේයැයි සිතාගෙනලු.



අදහස් (0)

ෆෝන් එක කතකට දී අනුන්ගේ තොප්පියක් දාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 57 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 852 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site