(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
බාලවයස්කාර දරුවන් දෙදෙනා සැමියාට සහ නැන්දම්මාට භාර දී අනියම් සැමියාගේ නිෙවසට ගිය කාන්තාවක් පිළිබඳව කතාවක් හක්මන පොලිසියෙන් වාර්තා වේ.
වසර නවයකට පමණ පෙර විවාහ වී ඇති යුවළකට වයස අවුරුදු අටක් සහ තුනක් වන පුතකු සහ දියණියක් සිටින අතර සැමියා නිෙවසින් බැහැරව දුර බැහැර ප්‍රදේශයක රැකියාවක නියෙලෙමින් සිටී. බිරිඳගේ අනියම් සම්බන්ධතාව නිසා දෙදෙනා අතර විවිධ අවස්ථාවල පවුල් ආරවුල් හටගෙන ඇති අතර ඒ පිළිබඳව පොලිසියට ලද පැමිණිලිවලට අනුව දෙදෙනාට අවවාද කර ඇති අතර දෙදෙනාම සමගියෙන් සිටින බවට දැනට සති දෙකකට පමණ පොලිසියේදී එකඟවී තිබුණි.
සැමියා රැකියාවට ගිය පසු කාන්තාව සිය දරුවන් දෙදෙනා ද රැගෙන අනියම් සැමියා සමග පිටව ගොස් ඇති බවට සැමියා කරන ලද පැමිණිල්ලකට අනුව කාන්තාව සහ දරුවන් දෙදෙනා හා අනියම් සැමියා සහ ඔහුගේ මව හා සැමියාගේ මව පොලිසියට කැඳවා විමර්ශනයක් සිදුකළ බව පොලිසිය කියයි.
පැමිණිලි විභාගයේදී දරුවන් දෙදෙනාගේ ආරක්ෂාව පිළිබඳව සැමියා සෑහීමකට පත් නොවූ අතර ඔහු දරුවන් ඉල්ලා සිටියේය. කාන්තාව ද වහා එයට කැමැත්ත පළ කළ අතර පොලිසිය කරුණු පැහැදිලි කර දී කෙතරම් අවවාද සිදු කළද සැමියා සමග යාමට ඇය දැඩි අකැමැත්තක් පළ කළාය. සැමියාගේ මව දරුවන් රැකබලා ගැනීමට ඉදිරිපත් වූ අතර කාන්තාවගේ මව ද එයට දැඩි කැමැත්තක් දැක්වූවාය.
දරුවෝ ද තාත්තා සමග යාමට දැඩි කැමැත්තක් දැක්වූහ. අනියම් සැමියාගේ නිෙවසට කාන්තාව රැගෙන ඒම පිළිබඳව ඔහුගේ මව ද කැමැත්ත පළකර සිටි අතර කාන්තාව සැමියාට දරුවන් දෙදෙනා භාරදී අනියම් සැමියා සමගින් පිටව ගිය අතර කුඩා දරුවන් දෙදෙනා සිය පියා සහ ආච්චි සමග මහත් සතුටින් පිටව ගියහ.
හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ඒ. සනත් කුමාර මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා එන්.ඒ.වයි. ඉෂාරි, පොලිස් පරීක්ෂක අජිත් වනිගසේකර, පොලිස් සැරයන් (55811) දයාපාල යන මහත්වරු පරීක්ෂණ සිදුකළහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ළමා ළපටි නැන්දම්මාට දී බිරිඳ හොර මඟුලේ
fairoos Sunday, 29 August 2021 01:55 PM
ෂරියා නීතිය හරියයි ද දන්නේ නැහැ
sampath Monday, 30 August 2021 01:19 PM
පවුල් ආරවුල් නොවී සාමකාමිව මේ ප්‍රශ්නය විසදීම හොඳයි. කෙසේ වුනත් මේ වගේ දේවල් වලට ප්‍රධාන හේතුව නුගත්කම, සදාචාරය පිලිබඳ අනවබෝධය