හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් බටහිර සිරිත් විරිත් මෙන්ම පුරුදු හෙළා දැකීමේ යෙදුණු වියතකු තම ගෝලබාලයන් ඉදිරිපිටදීම හැඳි ගෑරුප්පුවලින් ආහාර ගැනීමේ පුවතක් දිවයිනේ මුහුදුබඩ උත්සවශාලාවක දී දැකගත හැකිවිය.
ගම්බද වෙසෙන මේ වියතා හෙළ දෙස බස පෝෂණය කිරීමේ යෙදුණෙකි. ලෙඩකට දුකකට බෙහෙත් පෙත්තක්වත් නොබිව් ඔහු ඒ සඳහා භාවිත කළේ ද හෙළ ඔසු පමණය. නිතරම ගමේ වැසියන් මෙන්ම තම ගෝල බාලයන්ට ද හෙළ සිරිත් විරිත් ආදියේ වටිනාකම කියා දුන්නේය. ගෝල බාලයන් ඇතුළු පිරිසක් සමග ඔහු පසුගියදා, රට වටා සංචාරයක නිරත වූයේය. මේ යන ගමනේ දී ඔහුගේ පැරණි ගෝලයකු හමුවට මුහුදුබඩ නගරයකට ද ගියේය. මේ ගෝලයා ඒ නගරයේ ඉහළ තනතුරක් දරන්නකු විය.
කලින් කළ දැනුම් දීම මත, මේ පැරැුණි හෙළයා ගුරුතුමන් ඇතුළු පිරිසට දිවා ආහාරය සංවිධානය කරන්නට පියවර ගෙන තිබිණි.
සමාජයේ ඉහළ පෙළේ පිරිස් නිතර ගැවසෙන ස්ථානයක් මේ සඳහා තෝරා ගෙන තිබිණ. මුහුදු සුළං වදිමින් පිරිස දිවා ආහාරයට ගියහ. එහි සිරිත් අනුගමනය කරමින් කෑම සූදානම්කර තිබිණි. මේසය මත පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු පිළිවෙලට තබා තිබිණි. පිරිස වාඩි වූහ. කෑම බෙදාගත්හ. හැමදා හෙළ සිරිතට මුල්තැන දෙන කතානායකයාට සියල්ල අමතක විය. හැඳි ගෑරුප්පු දෑතට ගෙන තම කාර්යයේ නිරත වූයේ තමන් සමග ආ සෙසු පිරිස වික්‍ෂිප්තව බලා සිටියදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද වරද ? එතුමා හැඳි ගෑරුප්පු වලින් කෑම කන එක හෙලා දැකලා නැහැනේ (නි)
මෝටර් සයිකල් පදින විට සිංහල විදිහට ඇදීම භයානකයි. (නි)
හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑවා කියලා තමන්ගේ ජාතියට අඩුවක් වෙනවද? (නි)
සබන් දාලා අත හොදන්න ස්ථානයක් නොතිබෙන්න ඇති. අනික ඒ ක්‍රමය ප්‍රායෝගිකයි. බලන්න ටෙලිෆොනේ කෝල් එකකට උත්තර දෙන්න වුනාමත් අතින් කනකොට අමාරුයිනේ. (නි)
එහෙනං කලිසම අදින්නේ. සරමයි,කමීසයි හොදටම ඇති නේ. පිස්සු විකාර. මෝඩ උත්තර දැක්කම මේ ලියපු ය මැට්ටෝ බව තේරෙනවා.එයාල අමුඩේ ඇදගෙනද ඉන්නේ?. (අ)
දේසේ හැටියට බාසේ කියල පැරණි පන්ඩිතයො කිව්වෙ ඕකට තමයි.(නදී)
දීප්ති නෝනා, ඔය ප්‍රවෘත්තියේ හෙඩිම විතරක්ද කියෙව්වේ? බලන්නකෝ. පලවෙනි ඡේදයේම කියලා තියෙන්නේ මොකක්ද කියලා. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා නේද මම කියපු දේ ? (නි)
ඉතින් මොකක්ද වැරද්ද ?? ලංකාවේ ඉන්න වැඩි දෙනෙක් ඔහොම තම විශේෂයෙන් ජාතික ඇඳුම ඇදගත් දෙශපලකයන් හා ගෝල බාලයන් (අ)
මට නම් එහි කිසි වරදක් නොපෙනේ.. එතුමා තැනට සුදුසු අයුරින් කටයුතුකලා පමණි. (ස)
ඒ විතරක් ද, සුද්දට බැන බැන සුද්දව හෙළාදකින මේ රටේ ප්‍රසිද්දම මහාචාර්යවරයෙක් ඉංග්‍රීසි උගන්නල ජීවත් වෙන්නේ. කියද්දී එහෙමියි කරද්දී මෙහෙමියි.(නදී)
අපිත් කියනවා අසේල වරදක් නෑ කියල . එහෙනම් මොකටද පිටරට අයගේ ඒ ක්‍රමය ගැන හෙළා දකින්නේ , විවේචනය කරන්නේ , ගරහන්නේ . අන්න එතැනයි වැරැද්ද .(ස)
බඩගිනි වැඩි උනාම, රස කමක් දුටුවම මටනම් ටිකක් විතර සිරිත් විරිත් අමතක වෙන ගතියක් තියනවා. ඕව ඔහොම තමා..(ස)
අපේ සමහර මහත්තුරු නම් මගුල් ගෙවල් වල යන්නේ ජාතික ඇඳුමෙන්. සමහරවිට කන්නෙත් අතින් විය හැකියි. (නි)
පණ්ඩිතයෝ කවදාවත් ඒ දඩුවල ගියේ නැහැනේ (නි)
උපුල් මීගමුව මහත්තයා, මේ පුද්ගලයා පිටරට අයගේ ක්‍රමය ගැන හෙළා දකිනවා කියලා ඔබ නිගමනය කලේ කොහොමද? මේ පුවත අනුව ඔහු හෙළ බස සහ සිරිත් විරිත් ගැන සැලකිලිමත් වූ අයෙක්. (නි)
වරදක් නැත. මිනිහා උගතෙකි. තැනට ඔබින විදියට හැසිරෙන්න ඇති.(නදී)
මම නම් හිතන්නේ මේ කයිවාරුකාරයන්ගේ කයිවාරුවාදය තමයි ලංකාව මේ තරම් ආගාදෙට අරන් ගියේ. මේ මෝඩ කතා වලට අහිංසක මිනිස්සු ගොදුරුවෙන එක නතර කළ යුතුයි. (නි)
කිසි වරදක් නැහැ. හැන්දෙන් කනකොට විෂ බීජ ශරීරයට ඇතුළු වෙන එක වළකිනවා (නි)
ලංකාව දැන් ඉදි ආප්ප, පොල් සම්බෝල, අල කිරි හොද්ද එක්ක හෙදි ගෑරුප්පු වලින් කන යුගයක් බවට පත්වෙලා. ලංකාව 3 වෙනි ලෝකයේ රටක් වුනාට සංස්කෘතිය සදාචාරය හොලිවුඩ් වලටත් එහා.(නදී)
කුස්සියේ මාලු පිනි උයද්දී, ආහාර බෙදද්දී, හැන්ද පාවිච්චි නොකර ඒවත් හෙළ සිරිතට අනුව අතින්ම කර ගන්න. ඒවා එහෙම කරගන්න හොදයි. හැදි ගෑරුප්පු වලින් කන එක වැරදියි? (නි)
නොහොම වුනත් හැමදේම කරන්න පුළුවන් තැනක් නොතැනක් තියෙනවා. ඔහු කලේ තැනට සුදුසු දේ.(නදී)
"හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් බටහිර සිරිත් විරිත් මෙන්ම පුරුදු හෙළා දැකීමේ යෙදුණු.." මෙහි අගට කියන 'හෙළා දැකීමයි' වැරදි වැඩේ. (නදී)
අමුඩේ ගහගෙන 21වැනි ශත වර්ෂයට යන්න බැහැ. ඇයි අපි ජාත්‍යන්තර ලේබර් මාකට් එකේ තවම පිටුපසින්ම ඉන්නේ? ඇයි විශ්ව විද්‍යාලෙ ගිහින් මුල් අවුරුද්දේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලය නාස්ති කරන්න වෙලා තියෙන්නේ? අපේ සිරිත් විරිත් අපි ළඟ තියාගෙන මීට වඩා නැණවත්ව ලෝකය දකිමු. (නි)
කියන කොට එහෙමයි....කොරන කොට මෙහෙමයි......කියලා තියෙනවා නෙවැ. (නි)
ඉතින් මොකද වෙන්නේ හැඳි ගෑරුප්පු වලින් කෑවහම? ජලය නාස්ති කරන එකට හොඳ පිලියමක් නේද? (නි)
ඔව් මාත් දැක්කා. අපේ කට්ටියකුත් රට ගිහින් සුද්දට බැන බැන කැවෙත් ඔය වගේම තමයි (නි)
එය තැනට ඔබින විදියට වැඩ කරලා(නු)
එය තැනට ඔබින විදියට වැඩ කලා(නු)
ඒකේ වරදක් නෑ. වවුලගේ මගුල් ගෙදර ගියාම එල්ලිලා තමයි ඉන්න ඕන.. (ස)
සමහර අය කියන විදියට තැනට සුදුසු නුවණ පාවිච්චි කළා වෙන්න පුළුවන්. තැන අනුව ක්‍රියාව වෙනස් වෙනවා නම් ඔහු එය හෙළා දකින්න ඕනෑ නැහැනේ නේද ? එයා තැනට සුදුසු දේ කළා නම් ඒ රටට හරියන්නේ හැදී ගෑරුප්පු වලින් කන එක වෙන්න ඇති. එහෙම නම් ප්‍රශ්නයක් නැහැනේ. (නි)
ඔන්න ඕවට තමා කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා (නි)
අයියෝ දැන් ඒවා නැහැනේ.. (ස)
ඉතින් මොකද්ද ඒකේ වරද? මට නම් කිසි වැරුද්දක් පේන්නේ නැහැ ඒකේ.. (ස)
ඉතින් මොකක්ද වැරැද්ද? දෙයියෝ ආවත් එහෙමම කයි, මේකට දෙයියෝ සාක්කි කියන්න ඕනෑද?(නදී)
කටින් බතල හිටවනවා (දී)
ඕව දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට... (නි)
අයියෝ සල්ලි! (නි)
එහෙනම් ඉතින් ලංකාවේ හෙමෝම ඇයි කලිසම අදින්නේ? ගැහැනු අය ඔසරිය අදින්නේ නැතුව එක එක විලාසිතා කරන්නේ? ඒවත් එහෙනම් අපේ සංස්කෘතියට ඔබින්නේ නැහැනේ. කොහොමත් අද කාලේ තැනට ඔබින සුදුසු විදියට වැඩ කළ යුතුයි (නි)
හෝටල් වල හරියට සබන් දාලා අත හෝදගන්න වතුරවත් නැහැ. ඉතින් එහෙව් එකේ ඕක මොකක්ද? (නි)
හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නේ,කෑම ඇගිලි වලින් කනකොට විෂ බීජ කටට යයි කියලයි. අනිත් අතට ඒක හරි. පිරිසිදුකම,සෞඛ්‍යය ගැන හිතනකොට ඕකතමයි ආහාර ගැනීමට නියම ක්‍රමය. (නි)