හොරණ අධිකරණ මහීපාල ජයලත්
මිල අධික පිටිවර්ගයක හිස් ටින් දෙකක් නිසා සහෝදරකමත් පියාගේ මළගමට සහභාගීවීමත් දෙකම අහිමි වූ පුවතක් පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි.
දරුවන් තුන්දෙනකුගේ පියා රාජ්ය සේවයෙන් විශ්රාම ලබා නිවසේ තම බාල පුතාගේ සෙවණේ වාසය කළේ බිරිඳගේ වියෝවෙන් පසු බාල පුතා සහ ලේලිය ද රජයේ රැකියාවක නියුතු වන නිසා ඔවුන්ගේ දරු දෙදෙනා ද හොඳින් බලාගෙන විශ්රාම සුවය ගත කිරීම සඳහාය. පියාගේ වැඩිමල් දියණියෝ දෙදෙනා ද මෙම නිවසට නිතර නිතර පැමිණ පියාගේ සුවදුක් බැලීමටද අමතක නොකළහ.
මෙසේ පියා කල්ගතවන විට වයසත් සමඟ දුර්වල වී ඇඳට සීමා වීම නිසා ලේලියටද රැකියාවත් සමඟ වැඩ අධික විය. ඇයද පියාට හොඳට සලකන බව නිතර නිතර නිවසට පැමිණෙන නෑනලා දෙදෙනාට පෙනෙන ලෙසට සිටීමට වගබලා ගත්තේ පියාගේ විශ්රාම වැටුප ගැන සිතමින් බව දන්නේ ඇය පමණයි.
නමුත් පියාගේ ශරීරය දිනෙන් දින වැහැරීම නිසා නෑනලා දෙදෙනා මල්ලීගේ බිරිඳගෙන් විමසා සිටියේ ඇයි නංගී තාත්තා මෙතරම් දුර්වල වන්නේ කන්නේවත් නැද්ද කියලයි. මෙයට පිළිතුරු දුන් නෑනා කියා සිටියේ තාත්තා කනවා නම් ටිකක් හොරයි. ඒ වුණාට මම මිල අධික ඉහළම වර්ගයේ පිටිවර්ගයක නමක් කියා එම පිටි ගෙනවිත් තියාගෙන දිනපතා නිතර දෙන බවත් මාසයකට එම වර්ගයේ පිටි ටින් හතරක් පමණ යන බවත්ය.
අක්කලා දෙදෙනා මෙය පිළිගැනීම කෙසේ වෙතත් මුහුණට මුහුණ බලාගෙන සිටියා මිස කිසිවක් කීමට ගියේ නැත්තේ ඇය තරහ කර ගැනීම තාත්තාට එතරම් හොඳ කාරණයක් නොවන නිසයි.
කෙසේ වෙතත් මෙහි ඇත්ත නැත්ත බලා ගැනීම සඳහා ලොකු අක්කා වෙනසක් නොපෙන්වා අනේ නංගි මට ගෙදර තුන පහ දමන්න පුළුවන් නම් එම පිටිවල හිස්ටින් දෙකක් දෙන්න පුළුවන්දැයි ඉල්ලීමක් කරමිනුයි.
මෙයින් කිපුණු ඇය (නෑනා) බොරු තරහක් ගෙන උඹල තාත්තා බලන්න එන්නේ අත් දෙක වන වනා පිටි ටින් එකක්වත් අරගෙන නෙවෙයි මෙතන එනවා හිස් ටින් ඉල්ලන්න තාත්තව අපිට පුළුවන් විදියට තාත්තා බලාගන්නම් මීට පස්සේ තාත්තගෙ මරණයටවත් එන්න එපා. ආවොත් බලාගෙනයි කියමින් දෙදෙනා පන්නා ගත්තේ දෙන්න හිස් පිටි ටින් ගෙදර නැති නිසයි.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිස් ටින් දෙකෙන් සහෝදරකමත් නැතිවෙලා