IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


හාල්වලට පොල් හිලව් කරලා

මාවරල පී.එස්. මද්දුමගේ.


බඩු මිල මත හුවමාරු ක්‍රමයට හාල් ගෙනා ගැමියෙකුගේ කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි.

වැඩි උගත්කමක් නැති මැදි වයසේ පසු වූ ඔහු,  ඉඩම් හිමි වැවිලිකරුවෙකි. වගා කර  තිබුණේ පොල් පමණය. කුඹුරු ඉඩම් හිමිකමක් නැති ඔහු, සහල් වෙළඳපොළෙන් මිලට ගෙනාවේ ය.

රටේ පවතින ආර්ථික තත්ත්වය ගැන දැඩි අවධානයකින් කටයුතු කළ  මොහු, වෙළඳපොළ තුළ බඩු මිල ඉහළ යාම ගැන  ඉතාමත්ම සැලකිල්ලක් දැක්වීය. දිනපතාම ප්‍රවෘත්ති  අසන ඔහුට පොල් මිල හා සමාන ලෙස හාල් මිල ද ඉහළයන බව තේරුම් ගත්තේය.

දිනක්, නිවසෙහි  ආහාර පිළියෙල කිරීමට සහල් නොමැති බව බිරිය  කීවාය. වෙනදා මෙන් ගමේ කඩෙන්  මුදල් දී සහල් ගෙනඒම ගැටලු‍වක් විය. මුදල් උපයා ගැනීමට කිසියම් හෝ රක්ෂාවකට යාමට දින කීපයක සිට ඔහුට නොහැකිවීම ඊට හේතු විය.


සහල් රැගෙන ඒමට  ක්‍රමයක් සිතූ හෙතෙම, ගමේ කඩේට ගියේය. මුදලාලිගෙන්  සහල් කිලෝ දහයක බෑගයක් ගත් ඔහු, ආපසු නිවස බලා ඒමට සූදානම් වෙත්ම,

“හාල්වල සල්ලි දුන්නෙ නෑ  නේදැයි” කඩේ මුදලාලි ඔහුගෙන් විමසීය.

 “ නෑ ....මුදලාලි , මේ දවස්වල හාලු‍ත් එකයි පොල් මිලත් එකයි නේ. මම පොල් ගෙඩි දහයක් අරගෙන ආවා. ඒ ටික ඔන්න සිල්ලර බක්කිය යට. හාල්වලට පොල් හිලව් කර ගන්න. හාල්වලට වැඩිය පොල් මිලයි නේ. මුදලාලිට  සල්ලි දුන්නට වැඩිය පොල් ටිකෙන් ලාභයි නේ කියමින් ඔහු කඩෙන් බැහැරව නිවස වෙත ගියේ ය.

මුදලාලි හෙමින් මිමිනුවේ  ‘ඇත්ත තමයි දෙවගෙම එකවගේ තමයි’ යයි  තමන්ටම කියා ගනිමිනි.

 



අදහස් (0)

හාල්වලට පොල් හිලව් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1038 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1075 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site