IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


හොල්මනට බයේ සේවිකාවන්ට විවේක කාමරයත් එපා වෙලා

(වියලුව වාර්තාකරු)
 සේවා මුර ක්‍රමයට පැය විසිහතර පුරා ක්‍රියාත්මකවන ආයතනයකි. මහල් කීපයකින් යුත් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක ඉඩ කඩ ඇති කාමරයක් වෙන් කර තිබුණේ එම කොටසේ සේවය කරන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ආහාර ගැනීමට හා සනීපාරක්‍ෂක කටයුතු වෙනුවෙනි.


 මෙම කටයුතුවලට අමතරව ආයතනයේ පිරිමින් මෙහි විවේක ගැනීමත්, ඇතැම් විට හීන් අඩියක් ගසා ඇඟ රත්කර ගැනීමටත් පුරුදු වී සිටියේ එම කාමරය ඒ තරමටම එබඳු කටයුතුවලට කදිමට ගැළපුණු නිසාය. කරුණු කාරණා ඒ අයුරින් සිදුවුවත් එහි පැමිණෙන කාන්තා පාර්ශ්වයේ ඇතැමුන්ගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධතාවකි.


 එහෙත් ඉන් කලබල නොවූ පිරිමින් කීපදෙනකු පසුගිය දිනෙක ඊට අපූරු උපායක් යෙදූහ. හිටිහැටියේම කිසියම් අවශ්‍යතාවක් සඳහා පෙර කී කාමරයට මැදියම් රැයේ ගිය තරුණයකු මොහොතක් ගත වෙද්දී හූ කියාගෙන පහත මාලය වෙත දිව ආයේ ඉහින් කනින් දහඩිය ද පෙරාගෙනය.


රාත්‍රී සේවයේ නිරතව සිටි කාන්තාවන් කීපදෙනකු ළඟට හූ හඬ නගමින් දිව ආ ඔහු ඔවුන් ඉදිරියේ කපාලූ කෙසෙල් ගසක් සේ ඇද වැටුණේ කලින් කතිකා කරගත් සැලසුම අකුරටම ක්‍රියාවට නංවමිනි.


 විනාඩි කීපයක් යන තෙක් දැඩි භීතියකින් පසුවන බව පෙන්වූ තරුණයා, පිරිමි පාර්ශ්වයේ ඇප උපස්ථාන හමුවේ දෑස් විවර කරමින් කියා සිටියේ මාස කීපයකට පෙර මියගිය එම ආයතනයේම සේවකයකු තමුන් ඉහළ මාලයේ කාමරයට යනවිට එහි ඇඳක හාන්සි වී සිටිනු  දුටු බවකි.


 තරුණයාගේ කතාව ඇසූ ආයතනයේ කාන්තා පිරිස පමණක් නොව ඇතැම් පිරිමින් ද රෑ බෝ වූ වහාම අදාළ කාමරයට ගොස් තමුන් සතුව තිබූ රෙදිපිළි ඇතුළු සියල්ලක්ම රැගෙන කාමරයෙන් පිටතට පැමිණියේ යළිත් එම කාමරයට කිසි දිනෙක නොඑන බව එකිනෙකාට කියා ගනිමිනි. 

 



අදහස් (0)

හොල්මනට බයේ සේවිකාවන්ට විවේක කාමරයත් එපා වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site