බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ නගරයකට නුදුරින් ප්‍රසිද්ධ විහාරයක රජයේ ආරක්ෂාව යොදවා රාජකාරියේ සිටි ආරක්ෂක නිලධාරියකු පසුගියදාක හිමිදිරිය උදා වෙන්නට මත්තෙන් හොල්මන් අවතාරයකට බිය වූ පුවතක් ගම් නියම් ගම් පුරා පැතිර ගොස් තිබුණි.
රජයේ එම ආරක්ෂක රාජකාරියට එක්වී වැඩි කලක් නොවන තරුණ නිලධාරියා එදින පිවිසුම් දොරටුවේ රාජකාරි කරමින් සීතලේ වෙවුලමින් සිට ඇති අතර එක් වරම ඔහු ඉදිරියේ සුදු පිරුවටයක් පොරවා ගත් අයෙකු වරින් වර පෙනී නොපෙනී තමන් ළඟට එන ආකාරයක් දිස් වී බියට පත්ව වෙවුලන්නට පටන් ගෙන තිබේ.
අවට කිසිවකු නොසිටි එම අවස්ථාවේ බියට පත් එම නිලධාරියා රාජකාරි ස්ථානය අමතක කර කෑ ගසා උදව් ඉල්ලා තිබේ. පසුව මොහුගේ කෑ ගැසීම ඇසුණු නින්දේ පසු වූ වෙනත් සේවකයන් දෙදෙනකු පැමිණ බියට පත්ව වෙව්ලන්නට වූ මෙම නිලධාරියාගේ බිය නැති කිරීමට නොයෙක් දේවල් පවසා පැන් ඉස පිරිත් සූත්‍රයක් කියන්නට කටයුතු කර පහන් වන තුරු එම නිලධාරියා සමඟ ගත කර තිබේ.
ඉර උදා වී මෙහි සුල මුල සෙවීමට සියල්ලන්ම විමසිලිමත් වීමේදී කාරණය වැටහී තිබේ. ඒ එම අවස්ථාවේ සුදු පිරුවටයක් හිස වැහෙන්න පොරවාගෙන ඔබ මොබ එන ආකාරය දැක ඇත්තේ හොල්මනක් හෝ අවතාරයක් නොව දේවාලයේ ආවතේව කරන කපු මහතා බවය.
පසුව ඔහු කාරණය දැන ගැනීමෙන් පසු මහත් ලැජ්ජාවට පත්ව දන්නා කියන අයට මුහුණ දීමට මැලිකමක් දක්වන බව දැනගන්නට තිබේ.
අලුත්ගම
තුසිත කුමාර ද සිල්වා
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොල්මනකට බියවූ ආරක්ෂකයා පළාතම දෙවනත් කරලා