වෙළෙඳ සැණකෙළියේ හොල්මන් මන්දිරය තුළ මළ මිනියක චරිතය නිරූපණය කළ පාසල් සිසුවකුට මිනී පෙට්ටිය තුළ දී පහර දී තුවාල සිදුකිරීමේ පුවතක් හක්මන ප්‍රදේශයෙන් වාර්තාවේ.
හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේ මේ දිනවල වෙළෙඳ සැණකෙළියක් පැවැත්වෙන අතර පාසල් සිසුහු පිරිසක් එහි හොල්මන් න්දිරයක් පවත්වා ගෙන යති.
ආලෝකය නොමැති ලෙස හොල්මන් මන්දිරය අඳුරු කර ඇති අතර තුවාලකරු මිනී පෙට්ටිය තුළ මළ මිනියක් ලෙස වැතිර සිටින අවස්ථාවේ අඳුරේම පැමිණි තවත් සිසුවකු මෙලෙස පහරදීම සිදුකොට පලාග�ොස් ඇති බව සැලවේ.
පහර කෑමෙන් පසු එම සිසුවා ඒ බව එහි සිටි පොලිස් නිලධාරින්ට දන්වා ඇති අතර පහරදීම සිදුකළා යැයි සැක කෙරෙන තවත් සිසුවකු හොල්මන් මන්දිරය නරඹමින් සිටි ජනතාව විසින් අල්ලා පොලිසියට බාර දී ඇති බව ද වාර්තාවේ.
හක්මන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අංශ දෙකක සිසුන් පිරිසක් අතර ඇති ගැටුමක් හේතුවෙන් මෙලෙස පහරදීම සිදුකර ඇති බව පැවසෙන අතර සිදුවීම සම්බන්ධයෙන් හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙක වදිනකොට මිනිය නැගිටලා දිවුවාලු,මේක නම් මැරෙන්නවත් නිදහසක් නැති රටක්