හසලක - සුනිල් ඒකනායක
ඉඩම් හිමියා බිය ගන්වා අමුතු පොතක් දමා ගෙවත්තක හොරෙන් කැඩූ පොල් තොගයක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව පුවතක් මිනිපේ ගොවි ජනපදයට යාබද ජනපද ගම්මානයකින් වාර්තා විය.
ඉතා ගුණ යහපත් මනා චරිතයකින් හෙබි 51 හැවිරිදි වියේ පසු වන ඔහු තිදරු පියෙකි. පළාතේ රාජ්‍ය ආයතනයක සැලකිය යුතු රැකියාවක් කරන ඔහුට පිය උරුමයෙන් ලැබුණු ගොඩ ඉඩමක් සහ කුඹුරු ඉඩමක්ද හිමිව තිබිණි.
මෙම ඉඩම ඔහු පදිංචි ඉඩමේ සිට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටා ඇති අතර එම ඉඩම්වල කටයුතු කිරීමට ඔහුට ප්‍රමාණවත් වේලාවක් නොමැතිකම නිසා අඳ පංගුවට කුඹුරු ඉඩම හිතවතකුට වගා කිරීමට ලබාදුන්නේය. ගොඩ ඉඩමේද පොල් පුවක් කෙසෙල් ගම්මිරිස් වැනි වගා ඇති අතර සති දෙක තුනකට වරක් එහි ගොස් වගා කටයුතු සොයා බැලීම ඔහුගේ පුරුද්දකි.
මෙහි ඇති වගාවල බොහොමයක් අස්වනු අසල්වාසීන් භුක්ති විඳින්නේ හොර රහසේය. විවේකයක් ලද ඔහු මෙදින දිවා කාලයේ සිය ඉඩමට යද්දී ඈත තියාම දැකගත හැකි වූයේ කාන්තාවක ඉඩමේ ඇති පොල් ගස්වලින් ගෙඩි කඩා ඒවා අහුලමින් සිටින අයුරුය.
ඔහු එම ස්ථානයට ගියත් ඇය තම ඉඩමකින් ගෙඩි කඩා අහුලා ගන්නා විලසින් එම කාර්යයේ නිරතව සිටියාය. ඇය අසල ඉඩමක පදිංචි 55 හැවිරිදි වියේ පමණ පසුවන තමන් දන්නා හඳුනන කාන්තාවක බව ඔහු හඳුනා ගත්තේය.
ඔහු කැඩූ පොල් අහුලමින් සිටි කාන්තාව ආසන්නයට ගියේය. “මේවා තමන්ලාගේ අම්මාගේ අප්පගේ දේපළ කියලා හිතාගෙනද අපි නැති අතරේ මේවා කඩා වඩා ගන්නේ...? කැත වැඩ කරන්න එපා. අද අහුලාගත්තු පොල් ටික අරන් ගියාට කමක් නැහැ... මින් මත්තට මේ වාගේ හොරකම් කළොත් බඩුත් එක්ක පොලිසියට අල්ලා දෙනවා.” ඔහු ඇයට අවවාද කළේය.
“පුළුවන්නම් අද පොලිසියට අල්ලා දෙන්න... එහෙම කළොත් මුළු ගමටම ඇහෙන්න ‘මෙන්න මේ මිනිහා මට ඉඩමට එන්න කියලා මට අතවර කරන්න හදනවා’ කියලා කෑගහනවා....” අවවාදයෙන් උරණ වූ ඇය ඔහුට දැඩි ස්වරූපයෙන් පැවැසුවේ ඇඟිල්ල ද දිගු කරමිනි.
ඇය එසේ පවසනවාත් සමගම ඔහු ඉදිරියට තැබූ පය අඩියක් පස්සට ගෙන ආපසු හැරී නිවෙසට විත් සිය බිරිඳට සිද්ධිය විස්තර කර පැවැසුවේ නැවත ඉඩමට යන කොට මාත් එක්ක යන්න එන්න. එහෙම නොවුණොත් මේ හොරු හින්දා මට හිරෙත් ලගින්න වෙනවා යැයි කියමිනි.
2025 දෙසැම්බර් මස 18
44
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
931
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් පොල් කැඩූ කත ඉඩම් හිමියාට ගෑනු ගැටයක් දමා පැනලා
Janii Thursday, 28 December 2023 09:50 AM
අපරාදේ. උසාවියේ හරස් ප්‍රශ්න වලින් ගෑණු කෙනා ලේසියෙන්ම කොටු කරන්න පුලුවන්. වන්දියකුත් ගන්න තිබ්බා..!