IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොරෙන් ගෙනා පෙම්වතිය මිතුරා ඩැහැගෙන ගිහින්

මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ ‍
මුහුණු පොතෙන් හාදවී හොර රහසේ කැන්දාගෙන ආ පෙම්වතිය තම මිතුරා ඩැහැගෙන ගිය බැවින් ඇය ලබාදෙන ලෙස ඉල්ලා තරුණයකු පොලිසියේ පිහිට පැතූ පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. 
පොලිසිය පැවසූ අයුරින්  සිද්ධිය මෙසේය  
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් අගලවත්ත ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු මුහුණු පොත හරහා හඳුනාගෙන ටික කාලයක් මිතුදම් පැවැත්වූවාය. එහිදී මිතුරන් දෙදෙනකු වූ තරුණයන්ගෙන් එක් අයකු තරුණියගේ පෙම්වතා ලෙසත්  අනෙක් තරුණයා සාමාන්‍ය මිතුරකු ලෙසත් 
ඇසුරු කරමින් සිටියදී තරුණියත් පෙම්වතාත් හොර රහසේ විවාහ වීමට තීරණය කළහ.


ඒ අනුව පෙම්වතා තම මිතුරා ද සමග රුපියල් 25,000 ක කුලී ගාස්තුවක් ගෙවා ත්‍රීරෝද රථයක් රැගෙන දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයට ගොස් සිය පෙම්වතිය කැටුව   අගලවත්තට පැමිණියහ. පෙම්වතා තම නිවැසියන්ට නොපවසා මනමාලිය කැන්දාගෙන ආ නිසා ඇය සමග එකවර නි‍වෙසට යාමට නොහැකි බැවින් ඇය මිතුරාගේ ගෙදර නවත්වා නිවැසියන්ට කරුණු පැහැදිලි කර තම යතුරුපැදිය ද රැගෙන ඒම සඳහා නිවෙසට ගියේය.
තරුණයා ගෙදර යන අතරතුර තරුණියගෙන් පෙම්වතාට දුරකතන ඇමතුමක් ලැබිණි. එයින් කියැවු‍ණේ තමාට ඔහු සමග පැමිණිය නොහැකි බවත් තමා අනෙක් මිතුරා සමග විවාහ වීමට කැමති බවය. 
මේ අවස්ථාවේ කිසිවක් කර කියා ගත නොහැකි වූ තරුණයා පොලිසිය වෙත පැමිණ තම පෙම්වතිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේ බැගෑපත් වෙමිනි.
ගැටලු නිරාකරණය කිරීම සඳහා තිදෙනාම පොලිසිය වෙත කැඳවීමෙන් පසුත් තරුණිය දිගින් දිගටම තම පෙම්වතා ප්‍රතික්ෂේප කළාය. ඒ , මිතුරා සමග යාමට අවශ්‍ය බව ඇය ස්ථිර වශයෙන්ම වශයෙන් ම ප්‍රකාශ කළ නිසාය. 
ඔයින් මෙයින් වූවේ පොලිසිය ඉදිරියේ එකඟතාවකට පත්ව නියම පෙම්වතාට හිස් අතින් ආපසු ගෙදර යාමට සිදු වීමය.



අදහස් (0)

හොරෙන් ගෙනා පෙම්වතිය මිතුරා ඩැහැගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site