ආයතනයක් තුළ දීර්ඝ කාලයක සිට සිදුකෙරුණ සොරකමක් අල්ලා දුන් ආරක්ෂක නිලධාරියා ගෙදර යවා සොරාට භෝජන සංග්‍රහයක් පැවැත්වූ සිද්ධියක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් වාර්තා වේ.
විශාල සේවකයන් සංඛ්‍යාවකට හිමිකම් කියන මෙම ආයතනයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම සේවය කරති. ජාතික ධනයට විශාල අගයක් එකතු කරන මෙම ආයතනය සේවක සුබසාධන කටයුතුවලට ද උසස් මට්ටමක දායකත්වයක් සපයයි.
ආරක්ෂක නිලධාරීන් හා ආරක්ෂක කැමරා පද්ධතියක් ආයතනය තුළ සවිකර තිබුණත් එයට හසුනොවන අයුරින් සොරකම් කිරීමට තරම් සොරා උපායශීලී වී ඇති බව ද පැවැසේ.
ආයතනය තුළ සිදුවන සොරකම් පිළිබඳව අවදානය යොමු කළ එක් ආරක්ෂක නිලධාරියෙක් සොරා අල්ලා ගැනීමට දැඩි වෙහෙසක් හා කැපවීමක් සිදුකළේය. සිය වගකීම ඉටු කිරීමට වැය කළ කාලය දින සති හා මාස ගණනාවක් ගෙවී ගියේය. ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස සොරා අල්ලා ආයතන බලධාරීන්ට බාරදීමට ද හැකි විය. සොරා අල්ලා දීම පිළිබඳව බොහෝ පිරිසක් ආරක්ෂක නිලධාරියාට ප්‍රශංසා කළහ.
සොරා පිළිබඳව බොහෝ සේවකයන් කතාබහ කළ අතර ආරක්ෂක නිලධාරියා සේවයට නොපැමිණීම පිළිබඳව ඔවුහු විපරම් කළහ.
ආරක්ෂක නිලධාරියාගේ ගමන් මල්ලෙහි බුලත් විටක් තිබී එය ආයතන බලධාරීන්ට අසුවීම නිසා ඔහු සේවයෙන් ඉවත් කර ඇති බව දැනගත් බොහෝ සේවකයෝ පුදුමයට පත්වූහ.
ආරක්ෂක නිලධාරියා අල්ලා දුන් සොරාට පාලන අධිකාරිය භෝජන සංග්‍රහයක් ද පවත්වා ඇති බව දැනගත් සේවකයෝ තුෂ්නිම්භූත වූහ.
භෝජන සංග්‍රහ කතාව ලැව්ගින්නක් සේ ආයතනය තුළ පැතිර ගිය අතර සේවකයන්ගෙන් ලද අප්‍රසාදය හේතුවෙන් බලධාරීහු ආරක්ෂක නිලධාරියා නැවත සේවයට කැඳවීමක් කළහ. ඔහු පැමිණ පාලන අධිකාරියට ලුණු ඇඹුල් සහිත ආමන්ත්‍රණයක් කර පිටව ගිය බව පැවැසේ.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හොරාට පාටියක් දී ආරක්ෂක නිලධාරියා ගෙදර යවලා