ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
අනියම් පෙම්සුව විඳින්නට ගොස් සිදුවූ අකරතැබ්බයක් නිසා සිය වෘත්තියද, සිය ඇඳුමද අතහැර දමා වෙනත් වෘත්තියකට මාරුවූවකු පිළිබඳව දකුණේ නගරයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සටන් ගුරුවරයෙකි. ඒ නිසාම ඔහුට බොහෝ දෙනා කතා කළේ “මාස්ටර්” යන නමිනි. ඔහු ඊට පෙර පෞද්ගලික පන්තිවල උගන්වන ටියුෂන් ගුරුවරයකු වූ අතර ඊට වඩා මුදලක් සටන් ගුරුවරයකු ලෙස ගැන්වීමෙන් ලබාගත හැකිවාක් මෙන්ම ඉන් සමාජයේද කැපී පෙනෙන්නකු වීමට ඇති හැකියාව නිසා ඔහු එය තෝරාගත්තේය.
මොහු දිනක් ඔහු ඇසුරු කළ තරුණියක සමග පෙම්සුව විඳින්නට ගියේ එක්තරා නගරයක උද්‍යානයකටය. ඔහු එසේ සිටියදී ඔවුන් නොදැනුවත්වම තරුණියගේ සොහොයුරා තවත් මිතුරන් දෙදෙනකු සමග මේ උද්‍යානයට පැමිණියේ දුම්වැටියක් දෙකක් උරා සිත්සේ සතුටුවන්නටය.
සිය නැගණිය තරුණයකු සමග පෙම්සුව විඳිමින් සිටින අයුරු එම තරුණයා දුටුවේ මේ අතරතුරදීය.
දුටු දසුනින් කුපිතවූ තරුණයා මිතුරන් දෙදෙනාද සමග එතැනට ගොස් පෙම්වතාට ආපසු නොබලා දුවන්නට පහර දුන්නේය. ඔහු ඇඳ සිටියේ ජාතික ඇඳුමකි. එයත් ඉරී ගොසිනි.
නිවෙසට ආ ඔහු නිවෙසේ අයට කීවේ තරුණියකට කරදර කරන්නට ආ තරුණයකුට පහර දෙන්නට ගොස් තමන් ඇඳ සිටි ඇඳුමද ඉරී ගිය බවය.
දින ගණනාවක් ලජ්ජාවෙන් නිවෙසට වී සිටි ඔහු යළි ටියුෂන් ගුරුකමම තෝරා ගත්තේය. ඇඳුමද වෙනස් කර යුරෝපීය ඇඳුම අඳින්නට පටන් ගත්තේය.
ඔහු දන්නා අය මේ ගැන විමසද්දී ඔහු පවසන්නේ දැන් සටන් කලාව ඉගෙනගැනීමට එන සිසුන් පිරිස අඩු නිසා යළිත් පුරුදු ටියුෂන් ගුරුකම තෝරාගත් බවය. එහෙත් ටික දිනකින් ගමේ අයට ඔහු ගුටිකෑ සිද්ධිය ආරංචිවීම නිසා ඔහු දැන් ගමේ දන්නා හඳුනන අය මග හරිමින් සිටිනවා ලු.
2025 දෙසැම්බර් මස 18
43
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර වැඩකට ගිය සටන් ගුරා අම්බානක කාලා