(කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය)
උතුරු මැද පළාතේ කහටගස්දිගිලියට නුදුරු ගමකින් අසන්නට ලැබුණු මෙම කතා ප්‍රවෘත්තිය මීට වසර කීපයකට පෙර සිදුවූ අතර එය තවමත් ගමේ තරුණයින්ගේ කටගැස්මක් බවට පත්වී ඇත.
ගුණවීර දරුවන් තුන්දෙනෙකුගේ පියෙකු වුවද තම අල්ලපු ගමේ කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පවත්වන බව අහල පහළ උදවියට නම් රහසක් නොවීය. සතියකට සැරයක් හෝ දෙසැරයක් රාත්‍රී කෑමෙන් පසු ‘‘කඩේ පැත්තේ ගිහින් එන්නං’’කියමින් පාපැදියට නැග ගම දෙසට යෑම ගුණවීර පුරුද්දක් කරගෙන සිටියේය. පාරට අලුතෙන් බොරලු දමා ඇති නිසා ඈතට යන තුරුම බයිසිකලයේ ශබ්දය ඇසෙන බැවින් ඔහුගේ බිරිඳ ඒ හඬට කන්දීගෙන සිටීමටද පුරුදු වී සිටියාය. ඔහුගේ මේ අනියම් සම්බන්ධය බිරිඳ ‘‘මිලිනා’ගේ කනට යෑමට වැඩි දවසක් ගත නොවුණේය. අල්ලපු ගමට යෑමට නම් ඇත්තේ එකම පාරක් බවත් එම පාර ගම දෙසට නොව අනෙක් දිසාවට යා යුතු නිසා ‘‘මේ මනුස්සයා ගෙදර පහුකරගෙන යන්නේ කොහොමදැයි මිලිනා දහ අතේ කල්පනා කළාය. බයිසිකලය ආපසු එන හඬ ඇසෙන විට රාත්‍රි දොර ඇරීමටද බිරිඳ සූදානම් වී සිටින්නීය. තම සැමියා අල්ලපු ගමට යන කතාව පිළිගන්නේ කෙසේදැයි සිතු මිලිනා එදින සැමියා ගම දෙසට ගිය පසු වැටමුල්ලේ මල් පඳුරක් යට සැඟවී සිටියාය.
සැමියා පිටත් වී විනාඩි කීපයක් ඇතුළත බිරිඳට පාරේ අමුතු දර්ශනයක් ඈතින් දිස්වුණි. ඇය ඉතාමත් විමසිල්ලෙන් බලා සිටිද්දී එම දර්ශනය ටිකින් ටික තම නිවස පසු කරන්නට ආසන්න වෙද්දී ඇය පැහැදිලිවම එය හඳුනාගත්තාය.
තම සැමියා ඇඳ සිටි කමිසය ගලවාගෙන බයිසිකලය කරේ තියාගෙන ඉතා පරිස්සමෙන් අඩි තබමින් හොරෙකු සේ යනු දුටු මිලිනාට ඉවසීමේ සීමාව පැන තිබුණි. ඇය ඉදි කඩුල්ලට හරස් කර තිබූ උණ බම්බුවක් අතට ගෙන පාරට පැන දෑත බදා සැමියාගේ පිට හරහා පහරක් එල්ල කළාය. ගුණවීර බයිසිකලයත් දමා ඇඟේ මුළු වීරිය ගෙන දුවන්නට පටන් ගත්තේය. සතියකට පසු ගමට ආ ගුණවීරට පොලිසියට ගොස් කට උත්තරයක් දීමෙන් පසු ඔහුට අල්ලපු ගම තහනම් කලාපයක් විය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර මගුලේ ගිය සැමියාට අල්ලපු ගම තහනම් කලාපයක්