(හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්)
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා පසුගියදා නිරෝධායන ඇඳිරි නීතිය හදිසියේ පැනවීම හේතුවෙන් තමන්ට අවශ්‍ය මත්පැන් ගැනීමට නොහැකි වූ පුද්ගලයකු යාචක වෙස්ගෙන ගොස් මත්පැන් හොරට විකුණන තැනකින් මිලදී ගෙන පැමිණීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කොවිඩ්-19 වයිරස් වසංගතය පාලනය කිරීම සඳහා පසුගියදා නිරෝධායන ඇඳිරි නීතිය පැනවිණ. බොහෝ දෙනකු අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා උත්සාහ කළ අතර තවත් පිරිසක් මත්පැන් බෝතල් සොයාගැනීම සඳහා වෙහෙසුණහ.
එලෙස මහන්සි වීත් ප්‍රමාණවත් ලෙස මත්පැන් සොයාගත නොහැකිවූ නමුත් මත්පැන් නැතිව සිටිය නොහැකි පුද්ගලයකු ඇඳිරි නීතිය අස්සේ මත්පැන් සොයා ගන්නා අයුරු දහ අතේ කල්පනා කළේය. මේ සඳහා විසඳුමක් ඔහු සොයා ගත්තේය. මත්පැනට ලොල්ව සිටි ඔහුට නගරයේ මත්පැන් හොරට විකුණන තැන් ගැන හොඳ අවබෝධයක් තිබිණ. එසේ නමුත් කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි නගරයට යාම ඇඳිරි නීතිය නිසා ගැටලුවක් විය. මෙයට විසඳුමක් සොයාගත් ඔහු නිවසේ තිබූ පරණ ඇඳුමක් ගෙන ඉරා යාචකයකු ලෙස ඇඳගෙන හිල්වී කැඩී ගිය සපත්තුවක්ද පැලඳ සැබෑ යාචකයකු මෙන් නගරයට යාමට පිටත් විය. පොලිසිය දකිද්දී දින ගණනාවක් කෑමක් නොලැබූ පුද්ගලයකු ලෙස රඟපෑ ඔහු කෑම වේලක් සොයා ගන්නට යන මුවාවෙන් පොලිස් නිලධාරීන්ගේ අනුකම්පාව ගෙන නගරයට ගොස් හොර මත්පැන් තිප්පොළකින් මත්පැන් බෝතලයක් ගෙන නැවත නිවෙසට පැමිණියේ ද අංක එකේ යාචකයකු මෙනි.
උදේ වරුවේ නගරයට ගිය ඔහු යාචක වෙස්ගෙන ගොස් මත්පැන් බෝතලය රැගෙන සවස් වෙද්දී නිවෙසට පැමිණියේ මහ මෙරක් ලබාගත් පුද්ගලයකු ලෙසිනි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද, මත්පැන් ලබාගන්නට තම ගණදෙවි නුවණ පාවිච්චි කළ ඔහු ගමේ මිතුරන් සමග මේ ගැන කතා කරන්නේ මහත් උජාරුවෙනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හොර පොළකින් බෝතලයක් ගන්න හිඟන්නෙක් වෙලා
ganegoda Thursday, 26 August 2021 05:20 PM
මේ දවස්වල මග තොටේදී මුණගැහුනෙම සතර පෙර නිමිති වගේ දේවල්.