(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
රුපියල් හාර දහසකට වෙඩින් සාරියක් මිලදී ගෙන මනාලියන් දස දෙනකුට රුපියල් පන් දහස බැගින් බද්දට ලබාදී එක් මනාලියකගෙන් සාරියට හානිවිම නිසා අලාභය ලෙස රුපියල් විසි දහසක් අය කරගත් අපූරු රූපලාවන්‍ය ශිල්පිණියක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
තරුණියක් විසින් ගම්බද පෙදෙසක මනාලියන් හැඩගැන්වීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියාය. පිට පළාත්වලින්ද පිරිස් පැමිණ මෙම ස්ථානයෙන් සේවා ලබාගන්නා අතර මංගල ඇඳුම් කුලී පදනම මත ලබාදිමද සිදුකළේය. රූපලාවන්‍යගාරයට අවශ්‍ය උපකරණ සහ ඇඳුම් පැළඳුම් මිලදීගැනීම සඳහා යෙහෙළියන් කීපදෙනකු සමග යාමට මෙම තරුණිය පුරුද්දක් ලෙස සිදුකළ අතර යෙහෙළියන් සතු පාවිච්චි කළ ඇඳුම් පැළඳුම් මිලදීගෙන බදු පදනමට වෙනත් අයට ලබාදීමද සිදුකළාය.
රූපලාවන්‍ය ආයතනය හිමි තරුණිය තම පවුලේ ඥාතියකුගෙන් රුපියල් හාරදහසකට මගුල් සාරියක් මිලදී ගෙන මනාලියන් දහයකට වැඩි ප්‍රමාණයකට එක් අයකුගෙන් රුපියල් පන්දහසක් අයකර ගනිමින් බදු පදනම මත ලබාදීම සිදුකළාය.
එලෙස බදු පදනමට ලබාගත් මනාලියක් වෙතින් සාරියේ කොටසකට මගුල් දවසේ හානි සිදුවිය. මංගල උත්සවය නිමවී සාරියට සිදුවූ හානිය පිළිබඳව රූපලාවන්‍ය ශිල්පිණියට පැවසූ මනාලියට දෙවියන් සිහි වූයේ සාරියේ අලාභය ලෙස රුපියල් විසි දහසකුත් බදු මුදල ලෙස රුපියල් පන්දහසකුත් ගෙවන ලෙස ඇයට පැවැසීම නිසාය.
මනාලිය සිය සැමියා සමග රූපලාවන්‍යගාරයට ගොස් හිමිකාරිය සමග සාකච්ඡා කළද සහනයක් නොලැබුණි. සාරිය අලෙවි කළ කාන්තාවද මනාලියගේ මවගේ යෙහෙළියක් වන අතර ඇය රූපලාවන්‍ය ශිල්පිණියගෙන් සිද්ධිය පිළිබඳව විමසා රූපලාවන්‍යාගාරයට ගොස් දෝෂාරෝපණය කිරීම නිසා සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හාර දහසේ මඟුල් සාරියෙන් වවාගෙන කාලා
සිරිබිරිස් Thursday, 23 September 2021 06:58 AM
(එරාජ් ප්‍රනාන්දු නගරාධිපති තනතුර දරණ) හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාන්තාවක් නේද