IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොර ගමනක් ගිහින් දවස් දෙකක් ඉස්තෝප්පුවේ ලගින්න වෙලා

පෝද්දල සරත් ආනන්ද ගමගේ
ගෙහිමියාට  නිවෙස  බාරදී  බිරිඳත් දියණියත්  නි‍වෙසින්  බැහැරව  සිටියදී  නි‍වෙසේ  යතුර  නැතිකරගත්  සැමියකු දින  දෙකක්ම  නිවෙසේ  වැරැන්ඩාවට වී  පරිප්පුවක්  කෑමේ  පුවතක්  දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
බිරිඳ සහ  දියණිය  දින  තුනක  සංචාරයක්  සඳහා  පිටත්ව ගොස් තිබුණේ  ප්‍රදේශයේ  ජනප්‍රිය  සුබ සාධක සමිතියක  වාර්ෂික  චාරිකාව  නියෝජනය  කරමිනි. නිවෙසින්  පිටව යනවිට  බිරිඳ  තම  සැමියාට කියා සිටියේ කෑමට බීමට අවශ්‍ය සියලු‍දෑ  නිවෙසේ  ඇති බවත්,  උදේට  රෑට  අවශ්‍ය නම් කැමති කෑමක්  චූන් පාන්  රථයෙන්  ලබාගන්නා  ලෙස‍ය. එසේම කිසිම  හේතුවකට  නිවෙසින් බැහැරව නොයන ලෙසත්  තරයේ  අවවාද  කර තිබු‍ණේ මිනිහාගේ තරම ද දන්නා බැවිනි.
පළමු දින බිරිඳගේ අවවාදය පිළිගනිමින් නිවෙසේ රැඳී සිටියත් දෙවැනි දින සවස පාර පැත්තේ රවුමක් යාමට ඔහුට  අදහසක්  පහළ විය. විශ්‍රාමිකයකු වූ ඔහුට අවශ්‍ය නම් බැංකු  කාඩ්පතින් මුදල් ලබාගැනීමේ හැකියාවද තිබුණි.
දොර වසා යතුර සාක්කුවේ දමාගෙන පාපැදියේ නැගී  නගරයට ගොස් බැංකුවෙන් මුදලක් ලබාගත්තේ යටි සිතේ පැන නැගී තිබුණු අදහසකට අනුවය. ඒ අනුව එක්තරා ස්ථානයකට ‍ගියවි‍ට එතැනදී  හමුවූ මිතුරන් දෙදෙනකු යෝජනා කළේ තුන් දෙනාම  එකතුව  මොනවා හරි කරමු කියාය. ඒ අනුව මිතුරන්  තිදෙනා අවශ්‍ය කළමනා මිලට ගෙන සප්පායම්වීම සඳහා අසල  අවන්හලකට ගොඩවීයේ ඉතිරි කළමනාද  එතැන තිබෙන බැවිනි. 

    
මිතුරන් තිදෙනාගේ සාදය නිමාවී ඔහු නිවෙසට එන්නට පිටත් වුවද පාපැදිය ඔහුට අවනත නොවන බැවින් එය තල්ලු‍  කරගෙනම ඔහු නිවෙස කරා පැමිණියේය. නිවෙසේ දොර හැරීම  සඳහා යතුර සොයා ගැනීමට සාක්කුවට අතදැමුවද යතුර තිබුණේ  නැත. 
අවන්හල තුළ යතුර වැටෙන්නට ඇතැයි සිතා ත්‍රීරෝද රථයක්  ගෙන්වාගෙන එම ස්ථානයට ගොස් සොයා බැලු‍වද යතුර එහිද නොවීය.
නැවත නිවෙසට පැමිණ දොර කඩා හෝ ඊට ඇතුළුවෙමියි  සිතා දොර කඩන ක්‍රමයක් කල්පනා කළද බිරිඳට නොදන්වා දොර කැඩුවොත් සිදුවිය හැකි අවනඩුවද ඔහුට සිහිපත් විය.
බිරිඳට දුරකතන ඇමතුමක් ලබාගනිමින්, රෑ කෑමට රයිස්  එකක් මිලදී ගැනීමට තමා නගරයට ගිය බවත් නැවත පැමිණ  බලද්දී යතුර නැතිවී ඇති බවත් පවසා දොර කඩා තමා නිවෙසට  ඇතුළු වෙන්නදැයි විමසීය.
දොර කැඩුවොත් දොරත් අගුලත් දෙකම කැඩෙන බවත්, අද  කාලයේ ඒවා නැවත සාදාගැනීමට විශාල මුදලක් වැයවන බැවින්  එවැනි විනාශයක් නොකරන ලෙස අවවාද කළ බිරිඳ තමා ළඟ  දොරේ අනිත් යතුර තිබෙන බැවින් තමා එනතෙක් නිවෙසේ  ඉදිරිපස වැරන්ඩාවට වී සිටින ලෙස අවවාද කළේය. චාරිකාවට සහභාගි වූ අසල්වැසියන්ද සිද්ධිය දැනගත් අතර  නිවෙසේ ඉදිරිපස ප්ලාස්ටික් පුටුවකට වී දින දෙකක් ගෙවූ අපහසුවට වඩා ලොකු අපහසුවක් මිනිසුන්ට මුහුණ දීමෙන් සිදුවිය හැකියැයි සිතා ඔහු දැන් වැඩිපුරම නිවෙසටමවී කාලය ගෙවයි.



අදහස් (0)

හොර ගමනක් ගිහින් දවස් දෙකක් ඉස්තෝප්පුවේ ලගින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site