IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හොර ගමනක් ගිහින් අලි පරිප්පුවක් කාලා

(පොල්ගස්ඕවිට එස් වික්‍රමආරච්චි )
සංචරණ සීමා තහනමෙන් රිංගා ඌව පළාතේ සංචාරයක යෙදුණු බස්නාහිර පළාතේ පිරිසක් වනෝද්‍යානයක සතුන් බලමින් විනෝද වෙද්දී ඔවුන් පසුපස අලියකු පැන්නීම නිසා සිදුවූ අලි ජංජාලයක් පිළිබඳව පුවතක් පසුගියදා අසන්නට ලැබිණි.


පළාත් සංචරණ සීමා බලපැවැත්වුවද උපක්‍රමශීලීව පළාත් සීමා පසුකරගත් පිරිස සෆාරි ජීප් රථයක නැඟී වනෝද්‍යානයට ඇතුළු වන විට සැඳෑ කාලය ළංවෙමින් පැවතිණ.


වනෝද්‍යානය තුළ වැවක් අසබඩ ඇති සංචාරක බංගලාවක් කලින් වෙන්කර ගෙන තිබූ බැවින් එහි ගොස් සිත්සේ කා බී විනෝදවී  වැව සිසාරා හමන සිසිල් සුළඟේ පහස විඳිමින් හොඳ නින්දක් ලැබීම සියලු‍ දෙනාගේම බලාපොරොත්තුව විය.


අඳුර වැටීමට තවත් හෝරාවක් පමණ තිබූ බැවින් පිරිස රැගත් ජීප් රිය වනෝද්‍යානය මැදින් සෙමින් සෙමින් ඉදිරියට ඇදුණේ පිරිසට වන සතුන් හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව සලස්වමිණි.


මේ අතර වන ලැහැබක් අතර සිටි අලියෙක් ටිකෙන් ටික වේගය වැඩිකරමින් වාහනය දෙසට දුවන්නට විය.


පිරිස අතර සිටි ළමයින් සහ කාන්තාවන් විලාප නගන්නටත් තවත් සමහරු දෙවියන් යදින්නටත් වූහ.


කෑකෝ ගැසීමත් සමඟ රියැදුරා ද වාහනයේ වේගය වැඩි කළේය.එහෙත් අලියා ද වේගය වැඩිකරමින් ලු‍හුබඳියි.


තැනට සුදුසු නුවණින් කටයුතු කළ රියැදුරා පිරිස නිශ්ශබ්ද කරවා වාහනය හිටිවනම නතර කළේය. ඒ සමඟම අලියාද පැමිණි වේගයෙන්ම වනය ඇතුළට රිංගා ගියේය.


සැනසුම් සුසුමක් හෙළු ෑ පිරිස රැගත් වාහනය නවාතැන් පොළට පැමිණියේය.


    හොඳ නින්දක් ලබන්නට සිහින මවමින් පැමිණි පිරිසෙන් වැඩි දෙනෙකුට අලි භීතිය නිසාම  නිදි වර්ජිතවම රැය පහන් කරන්නට සිදුවුණාලු‍. 

 



අදහස් (0)

හොර ගමනක් ගිහින් අලි පරිප්පුවක් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site