IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


හොර ගමනේ රඟේ කෝල් එකෙන් පනී

 (කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
 පහසුකම් සැපයූ සේවකයාට කොරෝනා යයි නිවාඩු නිකේතනයකින් දුන් ඇමතුම අහම්බෙන් බිරියට ලැබීමෙන් වෙනත් කාන්තාවක සමග තමා නිවාඩු නිකේතනයකට ගිය හොරය බිරියට හසුවී අලි ජංජාලයකට මුහුණ දෙන්න සිදුවූ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


නිවාඩු දිනයක් වුවද ඔහු සිය නිවෙසෙන් පිටවූයේ කොරෝනා නිසා කාර්යාලයේ ගොඩගැසී ඇති වැඩ කිරීමට යයි කියමිනි. සුපුරුදු පරිදිම එදත් ඔහු ගියේ සිය මෝටර් රථයෙනි. සිය බිරියට මුසාවක් කියූ ඔහු එදින ගියේ වෙනත් කාන්තාවක සමග නගරයෙන් බැහැර නිවාඩු නිකේතනයකටය.


එම නිවාඩු නිකේතනයට ගිය ඔහු තමා සමග පැමිණියේ බිරිය බව එහි කළමනාකාරීත්වයට දැන්වූයේය. ඔවුනට එය ප්‍රශ්නයක් නොවූවේ මේ නිවාඩු නිකේතනයට වැඩිමනත්ම එනුයේ කෙටි නිවාඩුවක් ගත කිරීමට සැමියා සහ බිරියන් වීමය. කොරෝනා ව්‍යසනයට පෙර සිය ආයතනයට පැමිණෙන යුවළවල ජාතික හැඳුනුම්පත්වල අංක පමණක් සටහන් කරගත් නමුත් කොරෝනා ව්‍යසනය නිසා එන අයගේ දුරකතන අංක ද සටහන් කරගැනීමට එම ආයතනය කටයුතු කළේය. ඒ කොරෝනා මර්දන නීතියට අවනත වෙමිනි. 


මෙහි එන සැමියා සහ භාර්යාව නොවන දෙදෙනාගේම දුරකතන අංක සටහන් කරගත්තද සැමියා සහ බිරිය යයි තමන්ට හැඟෙන යුවළවලින් එසේ දුරකතන අංකය සටහන් කරගනුයේ සැමියාගේ පමණි. නැතහොත් බිරියගේ පමණි. ඒ දෙදෙනාම එකම නිවෙසක වෙසෙන බැවින් කොරෝනා පිළිබඳව යම් දැනුම්වත් කිරීමේ පණිවිඩය එක අයකුට දීමෙන් අනෙක් කෙනාටද එය ලැබෙන නිසාය.


කතානායකයා මේ කියන දවසේ සිටියේ සිය නිවෙසේ නාන කාමරයේ දිය නාමින්ය. එසේ ඔහු සිටිනාවිට ඔහුගේ ජංගම දුරකතනය නාදවූයේ වරක් දෙවරක් නොව කිහිප වරක්මය. එය ඉවසා සිටීමට බැරිවූ තැන ඔහු සිය බිරියට කීවේ තමාගේ ජංගම දුරකතනයට එන ඇමතුමට සම්බන්ධවී කතා කරන අයට තමා නාන කාමරයේ සිටින බව කියන්න යැයි පැවසූවේ මේ ඇමතුම එන්නේ සිය කාර්යාලයෙන් බව සිතාය.


සිය සැමියාගේ දැනුම්දීමට අනුව ඔහුගේ ජංගම දුරකතනයට සම්බන්ධ වූ ඇයට ඇමතුම දුන් කෙනා කීවේ තමන් අසවල් නිවාඩු නිකේතනයේ කළමනාකරු බවත් සිය සැමියාගේ නම කියා ඔහුගේ බිරියදැයි ඇසුවේය. හා ඔව් ඔව් මම තමයි එයාගේ බිරිය බව ඇය පවසද්දී කළමනාකරු තවදුරටත් කීවේ එදා අපේ නිවාඩු නිකේතනයට පැමිණි ‘මිස්ටයි සර්ටයි’ පහසුකම් සැපයූ සේවකයාට කොරෝනා හැදිලා, ඔහුගෙන් සේවය ලබාගත්තු අයට ඒ පිළිබඳව අදාළ සෞඛ්‍ය ආයතන මගින් දැනුම් දෙන ලෙසත් පරිස්සමෙන් සිටින ලෙසට දැනුම් දුන් බවත් ඔහු කී විට භාර්යාවට සිදුව ඇතිදේ තේරුම් ගියාය.


ඒ සමගම ඔහුගේ ජංගම දුරකතනයද ඇය පොළොවේ ගැසුවාය. එයින් නොනැවතුණු ඇය නාන කාමරයේ දොර කැඩෙන සේ තඩි බෑවේ තමන්ට පැමිණි ආවේගයත් සමගමය. තමුසේ කාත් එක්කද මිනිහෝ අසවල් නිවාඩු නිකේතනයට ගියේ, මෙන්න තමුසෙයි තමුසෙත් එක්ක ගිය අනෙක් ගෑනිටයි පහසුකම් සැපයූ සේවකයකුට කොරෝනා හැදිලා කියලා කෝල් කළා කියමින් ඇය කෑගැසුවේ මුළු නිවසම දෙවනත් වන ආකාරයටය.


නාන කාමරයේ සබන් ගගා සිටිය ඔහු සිය බිරියගේ මේ අඬහැරයත් සමගම දිය නෑමද පසෙක දමා තුවාය පිටින්ම නාන කාමරයෙන් එළියට පැන ගත්තේ බිරියගේ ගුටි පූජාව මැද්දේ දැන් ඉතින් ඉඳලා හමාර යයි කියමිනි.

 



අදහස් (0)

හොර ගමනේ රඟේ කෝල් එකෙන් පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site