IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හොරේ අහුවෙලා අම්බානට ගුටි කාලා

කුරුණෑගල ර.මු.වී.ර.බණ්ඩාර 



කාන්තාවකගේ අමනුෂ්‍ය දෝෂය ඉවත්කිරීමට ආ ප්‍රධාන කටිටඩියා ඇතුළු ඔහුගේ ආවතේවයට ආ ගෝලයන් දෙදෙනකුට ගම්වැසියන් පන්න පන්නා ‘ගුටිපූජාවකින්’ සංග්‍රහ කිරීමේ පුවතක් ‘මාඔය’ සමීපයේ අලවිව ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
අලව්ව මාඔය සමීපයේ ගම්මානයක පදිංචිව සිටි නිවැසි කාන්තාවකට (42) කලක සිට පැවති රෝගී තත්වයක් මත කොතෙක් ප්‍රතිකාර කළත් සුවයක් ලැබී නැත. දැඩීසේ පීඩාවට පත්වු නිවැසියන්ට හිතමිතුරෙකුගෙන් ලද තොරතුරක් මත රෝගී කාන්තාවගේ රෝගය නිට්ටාවටම සුවපත් කරගැනීමට තොවිලයක් කළයුතු යැ‘යි ලද උපදෙස් විශ්වාසකර තොවිල්වලට නම් දරාපු ‘මාතර කටිටඩියකු’ සිටින බව පවසා ඇත.
තොවිලයට දින දෙකකට පෙර අලව්ව නිවසට පැමිණි ප්‍රධාන කට්ටඩියා සහ ගෝලයන් දෙදෙනා ශාන්ති කර්මයට අදාළ දෑ සම්බන්ධව නිවැසියාට උපදෙස් දී ඇති අතර ඔහු සියල්ල සම්පාදනය කළේය.
බලගතු ශාන්තිකර්මය නියමිත දින රාත්‍රි කාලයේ ආරම්භ විය.


රෝගි කාන්තාවට අමනුෂ්‍ය බලවේගයක් තිබෙන බවත් එය ඵළවා දැමීමට විශේෂ ශාන්තිකර්මයක් සිදුකළ යුතු බව පවසා මෙදින පැවති ශාන්තිකර්මයේදී ආරූඪවූ ගුරුන්නාන්සේ රෝගී කාන්තාවට පහරදී විවිධ වදහිංසාවට පත්කර යක්ෂාවේශයෙන් ඉවත්ව යන ලෙසට බල කර ඇත.
පදිංචි ගෙවත්තේ ‘බන්ධනයක්’  ජීවම්කර ‘වළලා’ තිබෙන බව ආරූඪවී සිටින ප්‍රධාන ‘ගුරුන්නාන්සේ”‍ නිවැසියාට දේවභාෂාවෙන් පවසා ඇත.
එම බන්ධනය දේවාරූඪයෙන් එම මොහොතේම එළියට ගන්නා බව නිවැසියාට පවසන ලදී. මාතර ගුරුන්නාන්සේගේ බහට එකහෙළාම එකගවී නිවැසියා ඇතුළු ඔහුගේ ඥාතීන් දේවාරූඪයෙන් ගෙවත්ත පුරා ඇවිද ගොස් ස්ථානය පෙන්නුම් කිරීමෙන් පසු පොළොව කැණීමේදී නොසිතූ යමක් ගුරුන්නාන්සේ අතට පත්විය. පුදුමයකි. හාස්කමකි. තොවිලය දැකගැනීමට පැමිණී ගම්වැසියන් ඥාතීන් සහ නිවැසියන් තීන්දුකළේ මේ මොහොතේ සිට රෝගියා සුවපත්වේයැ‘යි කියාය.
සිදුවූයේ කිසිවෙකුවත් නොසිතු දෙයකි. ප්‍රදේශවාසීන් පිරිසක් තොවිලය සිදුකරමින් සිටි ගුරුන්නාන්සේට සහ ගෝලයන් දෙදෙනාට පන්න පන්නා පහරදෙන දසුනකි. ගුරුන්නාන්සේ සහ ගෝලයින් දෙදෙනා පන්දම් අතැතිවම ඔවුන්ගේ පාදවල බැදි ‘සිළම්ඹු’ සහ අත්වල පැලදසිටි ‘හළබ’ සමග අසල තිබු කැලෑවට පැනගොස් සැඟවී ඇත. ඔවුන් අතැතිව තිබුපන්දම් සහ පාදයේ පලදවා තිබු ‘සිළම්ඹු”‍ හඬ ඇසෙන දෙසට ප්‍රදේශවාසීන් ගල්මුල් වලින් පහරදී ඇත.
දේව උදහසට ලක්වු ගුරා සහ ගෝලයන් දෙදෙනා මාඔයට පැන එගොඩවී දිවිබේරාගෙන ඇත.
රෝගී කාන්තාව කලක සිට මානසික රෝගයකින් පෙළෙන අයකු බවත් මෙම ශාන්තිකර්මයෙන් පසු ඇයද සුවපත්වී ඇති බවද පැවසේ.
දින දෙකක කාලයක් නැවතී රිසිසේ ආහාර පාන භුක්ති විදසිටි මෙම මාතර ගුරුන්නාන්සේ සහ ගෝලයින් දෙදෙනාම වංචනිකයන් බවත්, ඔවුන් නිවසේ රැදී සිටි කාලයේ ‘කිසියම් අත්භූත දෙයක්’ ගෙවත්තේ නොදුරු ස්ථානයක පොළවට යටකරන අයුරු ප්‍රදේශවාසියකු දැක ඇතිබවත් මේ සියල්ලම දැක බලාගෙන මාතර ගුරුන්නාන්සේට සහ ගෝලයන්ට යළිත් මෙවන් ශාන්තිකර්ම නොකිරීමට ප්‍රදේශවාසීන් ගුටිපුජාවකින් අපුරු ශාන්තිකර්මය අවසන්කර ඇත.

 



අදහස් (0)

හොරේ අහුවෙලා අම්බානට ගුටි කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site