IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හොරේ අල්ලන්න ගිහින් හොරා වෙලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත 


වැරදි වෙලාවක වැරදි කෙනෙකුගේ යතුරු පැදියේ නැගී ගොස් නැති වරදකට වටෙන්ම අම්බානකට කන්න සිදුවූ කතක් පිළිබඳ පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබිණි.
හේ කා සමගත් සුහදය. කාර්යාලයේ ද ජනප්‍රිය අයෙකි. ඕනෑම කෙනෙකුට උදව්වට එන්නේ අනාරාධනයෙන්මය. ඒ ඔහුගේ හැටිය. ඔහුගේ ප්‍රියමනාපකමටත් මේ ක්‍රියා පිළිවෙතටත් එම කාර්යාලයේම සේවිකාවකගේ හිත ගියේ ඔහුට ද හොරෙනි. ඔහු විවාහවී තිබුණත් ඇයට එය වගේ වගක් නොවීය. ඔවුන් දෙදෙනාගේ ඇසුර කිට්ටුම ඇසුරක් දක්වා වර්ධනයවීමට ද ගියේ කිට්ටුම කාලයකි. මුලදී මුලදී මෙය කාර්යාලයේ කාහටත් රහසක්ව පැවතිය ද කල්යත්ම එය ප්‍රසිද්ධ රහසක් විය.


මේ ප්‍රසිද්ධ රහස කටින් කට ගොස් ඔහුගේ භාර්යාවගේ කනට ද රිංගුවේය. මේ ප්‍රශ්නයෙන් නිවසේ ප්‍රශ්න පැන නැංගේ ද ඊට පසුවය. භාර්යාව මේ සම්බන්ධය නතර කරන ලෙස මුලදී මුලදී ඔහුට බොහෝම කරුණාවෙන් කීවාය. සැරවැර කරද කීවාය. එහෙත් එය නවතින පාටක් දක්නට නොවූ තැන ඔහුගේ භාර්යාව මේ සම්බන්ධයෙන් සිටියේ මළ අතේ තියාගෙනය. කොයිවෙලාවේ හෝ ඔහුගේ යතුරු පැදියේ යන මේ තැනැත්තිය අතටම අල්ලාගෙන නෙළා අවට සිටිය වුන් ඉදිරියේ ලජ්ජා කිරීමටය. මේ සඳහා ඇයගේ නැගණියන් දෙදෙනාද සිය කැමැත්තෙන්ම ඉදිරිපත්ව සිටීම මේ කාර්යට ඇයට ලොකු තල්ලු‍වක් විය.
ඔහු කාන්තාවක යතුරු පැදියේ නංවාගෙන යන්නේ යැයි ලැබුණු තොරතුරකට අනුව ඇය සිය නැගණියන් දෙදෙනා ද සමග ත්‍රිරෝද රථයක නැගී නගරයට ගියේ කුඩ තුනක් ද කිහිල්ලේ ගසා ගෙනය. නගරයේ ඔවුහු තිදෙනා රැක සිටියහ. ඒ කුඩ තුන ද කෙළින්කර ගෙනය. ලැබුණු තොරතුර නිවැරදිය. ඔහු කාන්තාවක සිය යතුරු පැදියේ නංවාගෙන පැමිණෙමින් සිටියේය. අක්කලා, නගෝලා යතුරු පැදිය ඉස්සරහට පැන කිසිදු ඇහිල්ලක් බැහිල්ලක් නැතිව ඔහුගේ යතුරු පැදියේ සිටි කතට කුඩ ප්‍රහාරය එල්ල කළහ. ඒ සමගම ඔහුත් ඇයත් යතුරු පැදියත් සමගම බිමට වැටුණහ. ඒත් අක්ක නගෝ ගේ ප්‍රහාරය නම් නොනැවතිණ. යතුරු පැදියේ සිටි කතගේ හිස් ආවරණය ගැලවී විසි වී ගියේය.
තමන් මේ නෙළා ඇත්තේ ඔහුගේ අනියම් භාර්යාවට නොවන බව මේ අක්ක නගෝලාට ඒත්තු යන විට සිදුවී ඇති දේ හමාරය. මේ කාන්තාවන් නෙළා ඇත්තේ හදිසි අවශ්‍යතාවයක් සඳහා ඔහුගේ සහයෝගයක් ඉල්ලා ඇති තමන් හොඳින් අසා ඇති එම කාර්යාලයේම සේවිකාවකටය. පසුව දැනගත් විට ඔවුන් ඇයගෙන් වැඳ වැඳ සමාව ඉල්ලු‍වත් ඇයට මේ කාන්තාවන් තිදෙනාට දෙන්න තරම් සමාවක් ඉතිරිව තිබුණේ නැතිලු.

 



අදහස් (1)

හොරේ අල්ලන්න ගිහින් හොරා වෙලා

ගුණරත්න Monday, 23 December 2024 10:58 PM

අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු අවුලක් තියෙනවා. ගුටි බැට දීලා ප්‍රස්න විසඳන්න යන එක!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site