IMG-LOGO

හොරේ අල්ලන්න ගිහින් අතට තට්ටුවෙලා

මොරගොල්ලාගම සිසිර කැලේගම


කොළඹට යාමට බස් රථයට ගොඩ වු සැමියා අතරමඟට ටිකට් ගැනීමෙන් කුතුහලයට පත් බිරියට එදින රාජ්‍ය සේවයට යාමට නොහැකිව, අතේ තිබුණු මුදලට තට්ටු වු පුවතක් රජරටට හා වයඹට මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
ඇය රාජ්‍ය සේවයේ නියැලෙන විවාහක කාන්තාවකි. සැමියා රාජ්‍ය සේවයේ සිට නිසි වයසට පෙර වන්දි ලබාගෙන ඉවත්ව ගිය අයෙකි. 
දියණියන් දෙදෙනා විවාහ වී සිටින නමුත් බාල පුතු කොළඹ ප්‍රදේශයේ සේවය කරන්නේය.
මේ නිසා නිවසේ සියලු‍ දෙනා ඔහු ගැන නිතරම කරුණු විමසමින් පසු වන්නේ ඔහු පවුලේ බඩ පිස්සා නිසාය.
පෙර දින රාත්‍රියේ දී පුතුට හිටි හැටියේ අසනීප විය. මේ නිසා ඔහුට පසුදින වෘත්තිය පුහුණුවට යාමට බැරිය. ඒ බව දත් බිරිය සිය සැමියාට පුතා බලන්නට යන ලෙසට උපදෙස් දුන්නාය.
සැමියා ගමන යන්නට අදිමදි කළේය. ඒ ඔහු අතේ පිච්චියක් නැති නිසාය.
“සල්ලි නැති වුණාට කමක් නෑ. මම සල්ලි දෙන්නම්. ඔයාට තියෙන්නේ යන්න විතරයි. ”ඇය සැමියාගේ ගමනට අවැසි ඇඳුම් පවා පිළිවෙළකට සකසා දුන්නාය.
ඇයට නිවාඩු ගැනීමට බැරි නිසා සිය සැමියා මෙසේ ගමන යන්නේය. ඔහු කොළඹට යන්නේද ඇය සේවයට යන බස් රථයේම ය.
සැමියා ඉදිරි දොරටුවෙන් නැග වාඩි වුණේය. බිරිය පිටුපසින් නැග ඉදිරියට පැමිණ සිටියාය.


ඒ අතරේ බස් රථයේ කොන්දොස්තර මහතා ටිකට් පත් නිකුත් කරන්නට විය.
සැමියා කොළඹට ටිකට් ගත්තේ නැත. ඔහු අතරමඟට මුදල් ගෙවා ටිකට් පතක් ගත්තේය.
ඒ සැණින් බිරිය ඉදිරි දොරටුවෙන් බිමට බැස්සාය. ඒ ඇය සේවය කරන ආයතනයට යාම සදහාය.
බසයෙන් බැසගත් ඇයට සැමියා ගැන සැකයක් ඇති විණි. ඒ තමා සල්ලි දීලත් සැමියා කොළඹට ටිකට් ගන්නේ නැතිව අතරමඟට ටිකට් පතක් ගත් බව ඇසුණු නිසාය.
ඇය සේවයට යාම පසෙක තැබුවාය. කුලියට ත්‍රී රෝද රථයක් ගෙන බස් රථය පසු පස ලු‍හු බැන්දාය. ඒ ඔහු ටිකට්පත ගත් සීමාව ඇය හොදාකාරවම දන්නා වු බැවිනි.
ටික දුරක් ගිය ඇයට සැමියා බසයෙන් බැස එතැන ඉන්නවා දැක ගන්නට හැකි වුණි.
“ඇයි තමුසේ කොළඹ පුතා බලන්න යන්නේ නැද්ද? මොකටද මෙතැනින් බැස්සේ.” ඇය පුපුර පුපුරා යන කේන්තියෙන් විමසුවාය.
“යකෝ මම ගාව වාඩි වුණ එකාට හොරි වාගේ. කොච්චරවත් කහනවා. මගේ ගෑවුණොත් ඉවරයි. ඒකට බයේ තමයි මම බැස්සේ. මම ඊ ළග බසයෙන් කුරුණෑගලට ගිහිල්ලා. ඒ හරහා කොහොම හරි පුතා බලන්න යන්නම්.”සැමියා සිනා සෙමින් කීවාය.
කුලී රථ රියැදුරාටත් ඇයටත් කාරණාව වැටහිණි.
එහෙත් ආපසු යන ඇයට ත්‍රී රෝද රථයට ගාස්තුව ලෙසට රුපියල් 1500කට වැඩි මුදලක් ගෙවීමට සිදු විණි. ඒ මදිවට හොදටම පමා වු නිසා සේවා ස්ථානයට යාමට ද බැරි විය. 
 මීට වඩා නිවාඩු දාලා මං කොළඹ ගියා නම් ඒක ලාබයි කියලා තමා කරගත් ගොන්කම මෙනෙහි කර කර ඇය ත්‍රී රෝද රථයට ගොඩ වු සීමාවෙන් බැස ගෙදරට යාම සදහා තවත් බසයක් එනතුරා එතැන රැදී සිටියාලු‍.



අදහස් (0)

හොරේ අල්ලන්න ගිහින් අතට තට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site