IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හයේ පහරේ උද්දාමයෙන් අතේ මුද්ද කුණු කානුවේ

වාර්ෂික ක්‍රිකට් තරගයේදී  ක්‍රීඩකයකු එල්ල කළ හයේ පහරට අත් පොලසන් දුන් කාන්තාවකට ජීවිතයේ කවදාවත්ම අත්විඳින්නට සිදු නොවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ.


පාසල් දෙකක් අතර පැවැති ක්‍රිකට් තරගයකි. තරගය පැවතුණේ නගර මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයකය. දෙවිදුහලේ මවුපියන් ආදි සිසුන් දෙපසකට වී තම විදුහලේ ජය පතා උනන්දුවෙන් කටයුතු කළහ.


සිය විදුහලේ ක්‍රීඩකයින් පහරක් ගැසූවිට වගේම කඩුල්ලක් දවාගත් විට ඔවුන්ගේ ජය ඝෝෂාවෙන් ක්‍රීඩාංගණය පිරී තිබිණි. ඔල්වරසන් හඬ, විසිල් හඬ හා පපරේ හඬද මේ අතර විය


ඔය අල්ලපනල්ලේ එක විදුහලක ක්‍රීඩකයෙක් හයේ පහරක් ගැසුවේය. මෙයින් උද්දාමයට පත්  කාන්තාවක් අත්පොලසන් ගැසුවේ  පැත්තම හෙල්ලුම් කමිනි. එක අත්පොලසමකින් නොනැවතුණු ඇය දිගටම අත් පොලසන් ගැසුවාය.


ඒ සමගම ඇයගේ ඇඟිල්ලේ දමා තිබූ මංගල මුද්ද ඉගිලී පිටිය වටේ තිබූ කුණු කාණු පද්ධතියට වැටී නොපෙනී ගියේය. උන්හිටි තැන් අමතක වූ ඇය කාණුවේ වැටුණු මංගල මුද්ද සෙව්වද  එය සොයා ගැනීමට නොහැකිවූයේ ඇයට හීන් දහඩිය දමමින්ලු‍.

කරන්දෙණිය
එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (1)

හයේ පහරේ උද්දාමයෙන් අතේ මුද්ද කුණු කානුවේ

විහඟ Monday, 10 October 2022 01:07 PM

මේ සීන් එක වෙලා දැන් ටික දවසක්. පහුවෙනිිදත් පිට්ටනියෙ හෙව්වා හම්බ උනේ නෑ.කුණු කානුවට වැටුනා වෙන්න බෑ, කවුරුහරි දැකලා අරන් යන්න ඇති. කාණුවට වැටුනනම් බරට යට යනවනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site