IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


හාම්පුතාගේ මංගල ඇඳුම් ඇඳගෙන රියැදුරා මඟුල් ගෙදර ගිහින්

එම හාම්පුතා ආයතනයක ඉහළම පුටුව හිමි තැනැත්තාය. දිනක් ඔහු තම රියැදුරාට කතාකොට ”අනුර මගේ මේ වෙඩින් සූට් එක ලොන්ඩරියට දාන්න”යි පැවැසීය.


රියැදුරාද කියු ලෙසම වාහනයෙන් ගොස් මගුල් ඇඳුම පිරිසුදු කිරීම සඳහා ලොන්ඩරියට භාරදීමට කටයුතු කළේය.


දින කිහිපයකින් හාම්පුතා රාජකාරි කටයුත්තක් සඳහා විදේශ ගතවූයේ සති කිහිපයක් නැවත පැමිණීමට නොලැබෙන බව පවසමිනි. දිනක් රියැදුරාගේ මිතුරකුගේ විවාහ මංගලෝත්සවයට රියැදුරාටද ආරාධනා කෙරිණි. එය පැවැත්වීමට නියමිතව තිබුණේ හෝටලයකය.


උත්සවයට සහභාගි වීම සඳහා රියැදුරාට අලූත් ඇඳුම් කට්ටලයක් නොතිබුණු අතර ඇඳුම් කට්ටලයක් මිලදී ගැනීමට මුදල්ද නොතිබිණි.


දහ අතේ කල්පනා කළ ඔහුට අවසානයේදී හාම්පුතාගේ මගුල් ඇඳුම මතකයට නැගිනි. වහා එය ලොන්ඩරියෙන් ලබාගත් ඔහු මංගල උත්සවයට උජාරුවෙන් සහභාගි විය. පසුදින එම ඇඳුම ලොන්ඩරියට භාරදුන් ඔහු නැවතත් පිරිසුදු කරන ලෙසට ලොන්ඩරිකරුට දැන්වීය.
ක‍්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

හාම්පුතාගේ මංගල ඇඳුම් ඇඳගෙන රියැදුරා මඟුල් ගෙදර ගිහින්

මෝහම්මෙඩ් ඛාන් Monday, 08 December 2014 07:36 AM

කොල්ලා වැරදි වැඩක් කරලා නැහැ. (ර)

:       0       0

සිරිසේන Wednesday, 10 December 2014 06:32 AM

රස්සාව නැතිවුණාම තේරෙයි (නි)

:       0       0

බුද්ධික Monday, 08 December 2014 09:18 AM

නියමයි, නියමයි (නදී)

:       0       0

සරත් Monday, 08 December 2014 12:33 AM

මම වුණත් ගන්නේ ඔය තීරණයම තමා. මල්ලි හරි මල්ලි. (නි)

:       0       0

භානු Monday, 08 December 2014 12:37 AM

ඉතින් කොහොමටත් මේ වගේ වටිනා සුට් එකක් ආයෙත් පිරිසිදු කරන්න සෑහෙන මුදලක් රියදුරාට ගෙවන්න වෙන්න ඇතිනේ (නි).

:       0       0

යොමාල් Monday, 08 December 2014 12:36 AM

හාම්පුතා දන්නෙ නැත්නම් ඉතින් කමක් නැහැ (නි)

:       0       0

සමන්ති Monday, 08 December 2014 12:39 AM

දැන් හුඟක් අය මඟුල් ගෙදර යාමට ඇඳුම් ගන්නේ කුලියට දෙන තැනකින්. හාම්පුතා ගන්න ඇත්තේද එවැනි තැනකින්. ආපසු බාරදෙනවිට පිරිසිදුකර දෙන එක සාමාන්‍ය දෙයක්. මෙහි වරදක් ඇතැයි මම සිතන්නේ නැහැ.මේ වගේ කුලියට ඇඳුම් දෙන ස්ථාන ලොකු නගරවල තියෙනවා (නි)

:       0       0

විලේගොඩ Monday, 08 December 2014 01:38 AM

නියම රියල් කොල්ලෙක්! (නි)

:       0       0

වසන්ති Monday, 08 December 2014 01:58 AM

නියමයි මල්ලී (නි)

:       0       0

තිලාන් Monday, 08 December 2014 03:38 PM

නියම ‍මොළකාරයෙක් (නි)

:       0       0

හේමන්ත Monday, 08 December 2014 12:13 PM

ඒ මිනිහාට ඒ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න නොදී, මොනවට මෙහෙම ප්‍රසිද්ධ කළාද අනේ? (නි)

:       0       0

සමීරා Tuesday, 09 December 2014 02:49 AM

නියමයි (නදී)

:       0       0

නාලි Wednesday, 10 December 2014 08:40 AM

මගුල් ගෙදර ගියාට නම් කමක් නැහැ. හාම් පුතා නැති අතරේ සුට් එක දාගෙන රෑට ගෙදර ගියා නම් නෝනාට ආදරේ හිතෙයි (නදී)

:       0       0

ධනුක Monday, 08 December 2014 02:37 AM

සමහර ලොන්ඩ්‍රිවලට ඩ්‍රයි ක්ලීනින් වලට දෙන වටිනා ඇඳුම් අයිතිකරුවන්ට හොරෙන් ලෝන්ඩ්‍රිකාරයා කුලියට දෙනවා. එහෙම දෙයක් අපේ අසල්වාසියෙකුට සිදු වුනා. (නදී)

:       0       0

ගයාන් Monday, 08 December 2014 04:29 PM

නොමඟ යමන් පුතේ,.... අපිට රටක් නැතේ... (නි)

:       0       0

ඇසිලින්නෝනා Monday, 08 December 2014 04:48 PM

හාම් පුතා ආව ගමන් - ලංකාදීපේ බලපු සැනෙන්- හෙළි උන හම ජුවල් ගිහින් - ඩෝන් පුතුට දේවි සැමන්...(නදී)

:       0       0

කිර්ති Monday, 08 December 2014 10:38 AM

සුභ සහ යස නොවී එහෙම වුන එක හොඳයි. නැතිනම් හාම්පුතා ආපහු එනකොට ගිනිවිජ්ජුම්බරයයි.(හේ)

:       0       0

තුෂාර Monday, 08 December 2014 06:10 PM

මේක දෙයියෝ සාක්කි වෙන්නේ කොහොමද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 609 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 516 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site