IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හම සුදු කරගන්න ගිහින් කසාදයත් කැඩිලා

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
තම සිරුරේ උපන් පැහැය වෙනස් කරගෙන පැහැපත් කාන්තාවක් ලෙස උජාරුවෙන් සිටි, වයස අවුරුදු 60 ට ආසන්න කාන්තාවකට ඇයගේ “දෙවැනි විවාහය”‍ සිදු වුණු පළමු දිනයේම අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වීමෙන්, පොළොව පලාගෙන යන්නට තරම් ඇතිවුණු ලැජ්ජාවෙන් කල් ගෙවන පුවතක් රජරට පළාතේ කැබිතිගොල්ලෑවට නුදුරු ගමකින් අසන්නට ලැබුණි.
දැන ගැනීමට ලැබුණු සිද්ධිය මෙසේය.
උපතින්ම කළු පැහැති සමකට උරුමකම් කියපු ඇය, පළමු විවාහයෙන් වෙන් වී තනිවම නිවසක වාසය කළාය. ජැන්ඩියට හැඳ පැලඳගෙන, හිසකෙස් කළු කරගෙන, විසිතුරු ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටීමට, ඇය නිතර ප්‍රිය කළාය. මෑතක සිට ඇයගේ ‘‘උපන් කළුව’’ කෙමෙන් කෙමෙන් පහව ගොස්, එය සුදුපැහැති පියකරු සමකට පරිවර්තනය වී තිබීම ගම් පළාතේ කාගේත් විමතියට හේතු වුවද, එය වෙළඳපොළේ කිසියම් ආලේපනයක ප්‍රතිඵලයක් බව තතු දත්තෝ දැන සිටියහ.
මේ අල්ල පනල්ලේ, සිල්ලර වෙළෙඳ සලක් හිමි කැබිතිගොල්ලෑව නගරයට තරමක දුර ගමක සිටි වයස අවුරුදු 65 ක අවිවාහක මුදලාලි කෙනෙකුට මේ ‘‘සර්ව පිත්තල’’ පැහැපත් තනිකඩ නෝනා පිළිබඳ කපුවෙක් ඔහුට ‘‘මඟු‍ල් ඔත්තුවක්’’ දී තිබුණි. මෙම මුදලාලි පැහැපත් සිරුරක් හිමි කාන්තාවන්ට බෙහෙවින් ඇලු‍ම් කළ තැනැත්තෙකි. එහෙත් ඔහු මෝස්තර, විලාසිතා කරමින් හැඩ වැඩ වෙන ගැහැනුන්ට තරයේම අකමැතිය. ඉතා චාම්ව දිවි ගෙවූ නිහඬ පුද්ගලයකු වූ මෙම මුදලාලි, නිහඬ පුද්ගලයකු වුවද, දැඩි ලෙස කෝපයට පත් වෙන අයකු බව, මුළු ගම්පළාතම දැන සිටියේය.


කාලයාගේ ඇවෑමෙන්, පවුල් දෙකේම නෑදෑයෝ මේ, ‘‘හැට පැන්නත් ගහ උඩ යාමට ප්‍රියකරන දෙදෙනා’’ අඹු සැමියන් ලෙස ජෝඩු කළහ.
ඉතා සතුටින් එදින ‘‘හැට පහේ මුදලාලි’’ තමාගේ පැහැපත් ‘‘හැටේ මනමාලිය’’ තම නිවසට කැඳවාගෙන ගොස් මෙතෙක් කල් තිබූ තමාගේ ‘‘තනි යහන’’ එදින සිට ‘‘යුගල යහනක්’’ බවට පත්කර ගැනීමට නොඉවසිල්ලෙන් කාමරයට විය.
කාන්තාව ස්නානය කර පැමිණ, රාත්‍රී ඇඳුමකින් සැරසී, මුදලාලි ඉදිරියට ඉඟි බිඟි පාමින් පැමිණියාය. මහත් ආශාවෙන් ඇයගේ සිරුර දෙස බැලූ මුදලාලි ට ‘‘දෙයියෝ සාක්කි’’ යැයි ඉබේටම කියැවිණි. මනමාලිගේ මුහුණ, බෙල්ල, සහ වැලමිටෙන් පහළ අත්දෙක පමණක් තනි සුදු පාටින් දිලිසුනු අතර, ශරීරයේ ඉතිරි කොටස් කළු‍දොදොල් පාටට ඔහුට පෙනුණි.
මුදලාලිට යකා ආවේශ විය. ‘‘අර හොර කපුවා මාව කෑවා, යකෝ මේකා මට ජෝඩු කෙරුවේ දෙමුහුන් එළදෙනක්නේ’’ යැයි ගෝරනාඩු තබමින් මනමාලිට දෙස් දෙවොල් තබන්නට විය.
මොහොතකින් පැහැපත් මනමාලිය රැගෙන ආ ඇයගේ රෙදිපිළි  මිදුලට කාමරයේ සිට උඩින් විසිවී එනු පෙනුණි. කලබලයෙන් එළියට පැමිණි කාන්තාව විගසින් ත්‍රීවීල් රථයක් ගෙන්වාගෙන ඇයගේ ගම් පළාත බලා නොපෙනී ගියාය.
මේ සිද්ධිය අවට ගම්වලට ද පැතිර ගියේය. මනමාලියගේ ගමේ අයත්, මුදලාලිගේ ගමේ අයත්, ඔවුන් හමු වන විට ‘‘සුදු ඇඳගෙන කළු ඇවිදින් හිටියලු‍ නේද?’’ යැයි අසන විට තැන නොතැන නොබලා ‘‘වැදූ මව’’ මුලට දමා අමු තිත්ත සරුප වචනයෙන් අමතනවාලු‍.



අදහස් (1)

හම සුදු කරගන්න ගිහින් කසාදයත් කැඩිලා

sumith Thursday, 02 November 2023 09:53 PM

මුතු ඇටේ නිවුස් තමා මේ....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site