IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හීනෙන් බයවෙලා බසයෙන් පනින්න හදලා


වියලු‍ව වාර්තාකරු 



බස්රථයක ගමන් ගනිමින් සිටියදී මර නින්දේ පසුවූ පුද්ගලයකු  තමුන් ගමන්ගන්නා බස්රථය අනතුරකට ලක්වෙනු සිහිනෙන් දැක මරහඬ දී ගෙන ධාවනය වන බස්රථයේ ජනේලයකින් පිටතට පැනීමට තැත් කළ  බව  කියැවෙන  පුවතකි.
බස්රථයේ ගමන්ගත් මගියකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
එය පළාතේ ප්‍රධාන මාර්ගයක ධාවනය වෙමින් තිබූ දුර ගමන් සේවා පෞද්ගලික බස්රථයකි.
සැලකිය යුතු මගී පිරිසක්ද බස්රථයේ ගමන් ගත්හ. බස් රථයේ මැද කොටසේ අසුනක වාඩිවී සිටි පුද්ගලයෙකු මරනින්දේ පසුවන අයුරු බස්රථයේ ගිය බොහෝ දෙනකුගේ නෙත ගැටී තිබිණි. එහෙත් එය සාමාන්‍ය සිදුවීමක් නිසා බොහෝ දෙනකු ඒ පිළිබඳව කිසිදු අවධානයකින් පසු නොවිණි.
බස්රථය ගමන් අරඹා පැය දෙක තුනක් ගත වෙද්දී එක්වරම ජනේලය ආසන්නයේ වාඩි ගෙන මර නින්දේ පසුවූ පුද්ගලයා “බුදු අම්මෝ අපි ඉවරයි” කියාගෙන බස් රථයේ ජනේලයෙන් හිස පිටතට දමා එයින් පනින්නට උත්සාහ කළේ බසයේ සිටි සියල්ලන්ම කලබලයට පත් කරමිනි.


කෙසේ වෙතත් ඔහු සමග අසුන්ගෙන සිටි අනෙක් තැනැත්තා ඔහුගේ කලිසමෙන් අල්ලා බස්රථය තුළට ඇද ඔහු යළි වාඩි කරවූ අතර සිදුවූවේ කුමක්දැයි විමසද්දී ඔහු දුන්නේ අපූරු පිළිතුරකි.
ඒ වන විටත් ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන දැඩි ලෙස බියට පත්ව සිටි ඔහු පවසා සිටියේ තමුන්ට තදින් නින්ද ගිය බවත් සිහිනෙන් බස්රථය පල්ලමකට පෙරළෙනු දුටු බවත්ය. අනතුරින් බේරීම සඳහා තමුන් ධාවනය වන බස්රථයෙන් පිටතට පනින්නට තැත් කළ බව ඔහු පැවසූයේ බස්රථයේ සිටි සියලු‍දෙනා සිනා සයුරේ ගිල්වමිනි.
ඉන් බොහෝ සේ ලැජ්ජාවට පත්වූ හෙතෙම යළිත් නින්දට වැටුණේ මගීන්ගේ සිනහව නවතින තුරු ය.



අදහස් (1)

හීනෙන් බයවෙලා බසයෙන් පනින්න හදලා

ගුණරත්න Thursday, 15 May 2025 04:28 PM

ඒ මහත්තයා හීනෙන් බය වුනා, අපිට නම් දවාලේ ඇහැරගෙනත් බයයි. කොයි වෙලේ අහක යන මරාලයක් වැටෙයිද කියල,

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site