IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


හීනෙන් ගමනක් ගිහින් ඉස්පිරිතාලේ නැවතිලා

කැලණිය ලාල් එස්. කුමාර

සිහිනෙන් විනෝද චාරිකාවක් ගිය සැමියා නිසා අපහසුතාවට පත් බිරියක් කළ දෙයින් සැමියා රෝහල්ගත කිරීමට සිදුවූ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

තම ගමේ වැඩිහිටි සංවිධානය මගින් වන්දනා හා විනෝද චාරිකාවක් යාමට තීරණය කර තිබුණි. එය ඊළඟ සති අන්තයේ යාමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව මෙම යුවළ ද කැමැත්ත පළ කළහ. මේ ගමන පිළිබඳව සැමියා නිතර නිතර තම බිරිය සමග කතා කළ අතර ඒ සඳහා අවශ්‍ය බඩු මුට්ටු ඇඳුම් පැළඳුම් සකස් කර ගමනට සූදානම් විය. ඊට පෙරදින රාත්‍රි මොවුන් නින්දට ගියේ ද ඒ ගමන ගැන කතා කිරීමෙන් අනතුරුවයි.

නින්දට ගිය සැමියා සිහිනයක් දුටුවේය. ඒ චාරිකාව යන අයුරුයි. තම කණ්ඩායම විහාරස්ථානයක් වැඳ පුදාගෙන එන අතරතුර ඔහුට මුත්‍ර බරක් ඇති විය. වටපිට බැලූ ඔහු තම කණ්ඩායම එනතුරු බලා නොසිට ඉක්මනින් පැමිණියේ මුත්‍ර කිරීමට සුදුසු ස්ථානයක් සොයමිනි. ඒ අතරතුර දී කිසිවකුත් නැති ගසක් පාමුලට ගොස් ඔහු මුත්‍ර කරන්නට විය.

ගතවූයේ තප්පර කීපයකි. ඔහු සමඟ නිදා සිටි බිරියගේ, ඇඟට තෙතමනයක් දැනී ක්‍ෂණිකව නින්දෙන් අවදි විය. කාරණාව සැනෙකින් තේරුම් ගත් ඇය සැමියා තල්ලු කළේ ඔහු අවදි කිරීමේ අරමුණෙනි.

මුත්‍ර කරමින් සිටි සැමියා ඇඳෙන් බිමට වැටුණේය. ඒ සමගම බිම තිබුණ යමක ගැටී කකුලක් ද තුවාල විය. තත්ත්වය තරමක් දරුණු විය. ඔහුට රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගන්නට විය.

පසුදින උදෑසන වන්දනා ගමන යාමට මෙම යුවළ නොපැමිණි බැවින් ඒ පිළිබඳව ඇයට දුරකතන ඇමතුමක් දුන්නේය.

ඇය සැබෑ සිද්ධිය නොකියන්නට වගබලා ගත්තාය. තම සැමියා ඇඳෙන් වැටී තුවාල ලබා ඇති බව පැවසුවාය.
සතියක් ගතවීමට පෙර සැබෑ සිද්ධිය එළියට ආවේය. දැන් දැන් ඔහුගෙන් ගමනක් යමුදැයි අසද්දී හොඳ පදෙන්ම සංග්‍රහ කරන්නේ කටේ දිවේ නොගෑවීය.



අදහස් (0)

හීනෙන් ගමනක් ගිහින් ඉස්පිරිතාලේ නැවතිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site