IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හීනෙන් ‘කෑල්ලක්’ දැකලා බෙල්ලත් කොරවෙලා

උණවටුන ඩී.ජී.  සුගතපාල
ඔහු රජයේ ප්‍රධාන පරිපාලන කාර්යාලයක අංශ ප්‍රධානියෙකි. නිතරම සිහින දැකීමට කැමති ඔහු ඉඳහිට දවල් සිහිනද දකින්නේය. මේ අතර ඉකුත් දිනෙක ඔහු කාර්යාලයට පැමිණියේ බෙල්ල සාක්කුවේ දමාගෙනය. ඒ තරමටම බෙල්ල කෙලින් තබා ගන්නට බැරිවිය. බෙල්ල කොර වෙලාය.


ඔහු වටකරගත් මිතුරෝ බෙල්ල කොරවීමට හේතු විමසන්නට වූහ. වැටුණාද කියා සමහරුන් ඇසූ අතර මිතුරියන් ඇසුවේ ඇයි මොකද ඊයේ රෑ නෝනා ගැහුවද? නැත්නම් හීන ලෝකෙදි කවුරුවත් ගැහුවාද? යනුවෙනි. එසේ ඇසුවේ ඔහු නිතරම සිහින දකින අයෙකු බව දන්නා නිසාය.


සැබැවින්ම  බෙල්ල කොරවීමට හේතුව ඔහු මිතුරන්ට හෙළි කළේය.” මම ඊයේ රෑ අපූරු හීනයක් දැක්කා. ඒකෙ ප්‍රතිපලය තමයි මේ.  මම උදේ වැඩට එන්න බස් හෝල්ට් එකේ ඉන්න කොට පාරෙන් එහා පැත්තේ තරුණ ගෑනු ළමයෙක් හිටියා. ටික වෙලාවක් බලා ඉන්න කොට මට ඔළුවෙන් අඬ ගැහුවා. හෝල්ට් එකෙත් කව්රුවත් හිටියේ නැති නිසා මම පාර මාරුවෙලා ඒ පැත්තට ගියා.


එහෙම යනකොට හරියට පාර මැදදී මාව කාර් එකක හැප්පුණා. ඒ එක්කම මම ගිහිල්ල ළඟ තිබුණ තාප්පෙක වැදුණා. එතකොට මට  ඇහැරුණා. ම‍ගේ ඔළුව වැදිල තියෙන්නේ තාප්පෙක නෙවෙයි බිත්තියේ. පස්සේ මම නැගිටිනකොට තමයි දැනුනෙ බෙල්ල කොරවෙලා.”


“කාර් එකක හැපිලා බෙල්ල කොරවෙල බේරුණා ඇති. එතකොට අර ගෑනු ළමය ළඟට ආවද බලන්න. මොකක්ද හැපුන කාර් එක.” මිතුරන්ගෙන් ප්‍රශ්න වැලකි.


සියලු‍ ප්‍රශ්නවලට ඔහු දුන්නේ එක පිළිතුරකි.“ මට මතක විදියට හැපුණේ පරණ මොරිස් මයිනර් එකක. ඒත් බෙල්ල කොර වුණත් මට ඒ වගේ කෑල්ලක් තවම හමුවෙලා නැහැ.”


“එහෙනම් අද රෑට එයා ඒවි උඹට මොකද වුණේ කියල බලන්න” මිතුරෝ කීහ.



අදහස් (0)

හීනෙන් ‘කෑල්ලක්’ දැකලා බෙල්ලත් කොරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 711 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17905 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site